
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ පුරෝගාමියා වන eChannelling PLC, මෙරට අලෙවිකරණ විශිෂ්ටත්වය අගයන ප්‍රමුඛතම වේදිකාව වන SLIM Brand Excellence සම්මාන උළෙලේ 2025 අදියරේදී වසරේ විශිෂ්ටතම මාර්ගගත සන්නාමය (Online Brand of the Year) කාණ්ඩයේ රිදී සම්මානය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය.
ක්‍රමයෙන් දියුණු වෙමින් පවතින ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ උන්නතියට උර දෙන විශ්වාසනීය සේවා සම්පාදකයෙකු වශයෙන් eChannelling මෙරට ජනතාව සෞඛ්‍ය සේවාවන් ලබාගන්නා ආකාරය වෙනස් කිරීමට නිරන්තරයෙන් සමත් වී ඇත. නවෝත්පාදනය, සේවාවේ විශ්වාසනීයත්වය සහ පාරිභෝගික කේන්ද්‍රීය නව්‍ය ඩිජිටල් විසඳුම් හරහා ශ්‍රී ලාංකිකයන් මිලියන ගණනකට වඩාත් පහසුවෙන්, කාර්යක්ෂම හා සාධාරණ ලෙස සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමට eChannelling පියවර ගෙන තිබේ.
මෙම සම්මානය eChannelling සන්නාමයේ ශක්තිය මෙන්ම ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය ක්ෂේත්රයේ දියුණුව උදෙසා eChannelling සතු නොසැලෙන කැපවීම මැනැවින් පිළිබිඹු කරයි. සෞඛ්‍ය සේවාවන් ඩිජිටල්කරණය සහ සරල කිරීම තුළින් රෝගීන්, වෛද්‍යවරුන්, රෝහල් සහ සෞඛ්‍ය සේවා සම්පාදකයන් වඩාත් කාර්යක්ෂම ලෙස එකිනෙකා සමඟ සම්බන්ධ කරමින් සහ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමේදී රෝගීන් දීර්ඝ කාලයක් පුරා මුහුණ දුන් බාධාවන් ඉවත් කරමින්, ඔවුන්ට වඩාත් තෘප්තිමත් අත්දැකීමක් තිළිණ කිරීමට eChannelling සමත් වී ඇත.
එමෙන්ම මෙය රටේ ඩිජිටල් පරිවර්තනය තුළ eChannelling ඉටුකරන කේන්ද්‍රීය භූමිකාව යළි තහවුරු කරන ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි අතර, එය සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට වඩාත් විශිෂ්ට සෞඛ්‍ය සේවා පහසුකම් ලබාදීම සඳහා සමාගම දක්වන උනන්දුව හා කැපවීම තවදුරටත් ශක්තිමත් කරනු නිසැකය. ඩිජිටල් නවෝත්පාදනයන් හරහා කිසිදු භේදයකින් තොරව සියලුම දෙනාට වඩාත් පහසුවෙන් හා විශ්වාසයෙන් යුතුව සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට අවස්ථාව උදාකර දීම මූලික කරගත් eChannelling මෙහෙවර මෙම ජයග්‍රහණය මඟින් මැනැවින් පිළිබිඹු වේ.
තවද මෙය eChannelling සන්නාමයේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කරමින්, එය නවෝත්පාදනය සහ සේවා විශිෂ්ටත්වය සම්බන්ධ මහඟු ආදර්ශයක් ලෙස ස්ථානගත කරන ජයග්‍රහණයකි. එමෙන්ම එය සෞඛ්‍ය සේවාවන්හි පහසුව, කාර්යක්ෂමතාව සහ විශ්වාසනීයත්වය නිරන්තරයෙන් වැඩිදියුණු කරන මෙම සම්මානලාභී ඩිජිටල් සේවා පදනම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් තුළ පවතින විශ්වාසය තවදුරටත් තහවුරු කරනු ඇත. පොදුවේ ශ්‍රී ලංකාව සහ එහි ජනතාව සම්බන්ධයෙන් ගත් විට එය ඩිජිටල් සෞඛ්‍ය විසඳුම්වල වැදගත්කම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව පෙන්නුම් කරන ජයග්‍රහණයක් වන අතර, එමඟින් සියලුම පුරවැසියන්ට ප්‍රයෝජනවත් වන ශක්තිමත් සහ තාක්ෂණය මත පදනම් වූ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයක් ගොඩනැංවීමේ ජාතික දැක්ම තවදුරටත් ශක්තිමත් වනු ඇත.
eChannelling සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.echannelling.com වෙත පිවිසෙන්න.


