
— මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය ග්‍රේනිෆිගර් (GRANIFRIGOR) ධාන්‍ය සිසිලන යන්ත්‍රය දේශීය වෙළඳ පොළට හඳුන්වා දෙයි–
මාර්ක්ස්පෙන් සමුහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ නවෝදය උදාකරලීමේ අරමුණින් ජර්මනියේ FrigorTec GmbH විසින් නිෂ්පාදනය කරන ලද ග්‍රැනිෆ්‍රිගර් (GRANIFRIGOR) ධාන්‍ය සිසිලන යන්ත්‍රය ‘සිසිල තිතට-කෘමි උවදුරට වැට’ තේමාව යටතේ, දේශීය වෙළඳ පොළට නිල වශයෙන් හඳුන්වාදීම කොළඹ ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේ දී සිදු කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත දේශකයා ලෙස FrigorTec GmbH හි කෘෂිකර්ම ඉංජිනේරු සහ ආසියානු කලාප කළමනාකරු ආචාර්ය ක්ලාවුස් එම්. බ්‍රවුන්බෙක් (Dr. Claus M. Braunbeck) මහතා සහභාගී වූ අතර, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විධායක නිලධාරීන් මෙන්ම ආරාධිතයින් රැසක් ද මේ සදහා සහභාගී විය.
“අපගේ ගොවීන් අතර කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය වැඩිදියුණු කිරීමට ඒමගින් ඔවුන්ගේ ජීවිත සහ ජීවනෝපාය පොහොසත් කිරීමට සහ දේශීය කෘෂිකාර්මික අංශය පුරා සැලකිය යුතු සහ තිරසාර වර්ධනයක් ඇති කිරීමට අප කැපවී සිටිමු.” යනුවෙන් FrigorTec GmbH හි කෘෂිකර්ම ඉංජිනේරු සහ ආසියානු කලාප කළමනාකරු ආචාර්ය ක්ලාවුස් එම්. බ්‍රවුන්බෙක් මහතා සිය ආරාධිත දේශනයේ දී අදහස් දක්වමින් පවසා සිටියේය.
ග්‍රැනිෆ්‍රිගර් (GRANIFRIGOR) යන්ත්‍රය, ගබඩා කර ඇති කෘෂි ධාන්‍ය වර්ග වන වී බඩඉරිඟු , හා අනෙකුත් ධාන්‍ය වර්ග ද ගම්මිරිස් , කරාබු, කුරුදු. වැනි කුලුබඩු නිශ්පාදන පළිබෝධකයින් වර්ධනය, පුස් බැදීම් වලින් තොරව ධාන්‍යවල නිසි බර ඒකාකාරීව පවත්වා ගැනීමට උපකාරීවේ. මෙහිදී ප්‍රධාන වශයෙන් ගබඩා උෂ්ණත්වය සෙල්සියස් අංශක 13ට වඩා පහළ අගයකින් තබා ගන්නා බැවින්, කෘමි සතුන් මෙන්ම ගුල්ලන් වැනි පළිබෝධකින් වර්ධනය වළක්වනු ලබයි.
විදුලි බලය ඉතිරි කරමින් ඕනෑම කාලගුණ තත්ත්වයකදී ධාන්‍ය ගබඩා තුළ නොවෙනස්වන උෂ්ණත්ව මට්ටමක් පවත්වා ගැනීමට මෙම ග්‍රැනිෆ්‍රිගර් යන්ත්‍රයට හැකියාව පවතී. මෙම යන්ත්‍රය බැච් කූලිං සිස්ටම් හෙවත් කාණ්ඩ වශයෙන් ශීත කිරීමේ ක්‍රියාවලියක් යටතේ සිදු වන බැවින් නිරන්තර විදුලි සැපයීම අත්‍යාවශ්‍ය නොවේ. පළමුව ශීත කිරීමෙන් පසු උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 8 සිට 13 අතර අගයක් ගත්
පසු නැවත ශීත කිරීම අවශ්‍ය වන්නේ උෂ්ණත්වය යළි ඉහළ ගිය පසුවය. දෙවන සීත කිරීම සඳහා අවශ්‍ය වන්නේ පළමු ශීත කිරීමේ දී වැය වූ විදුලියෙන් 5% ක පමණ ප්‍රමාණයක් වේ.
උත්සව සභාව අමතමින් මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ සභාපති ජී.ජී.ඒ.ඩී. ගල්අංග මහතා පවසා සිටියේ “ධාන්‍ය ගබඩා කිරීමේ දී කෘමිහානි සහ දිලීර වර්ධනයෙන් ධාන්‍ය ආරක්ෂා කිරීමට, අස්වනු නෙලීමෙන් පසු උසස් ත්ත්වයේ කළමනාකරණය සහ තිරසාර බවත් සහතික කිරීමට සැලසුම් කර ඇති මෙම පුරෝගාමී තාක්ෂණය දේශීය වෙළඳපොලට හඳුන්වා දීමට අපට හැකිවීම ගැන අප ආඩම්බර වන්නෙමු. එමගින් ශ්‍රී ලංකාවේ වී සහ ධාන්‍ය අපනයන ප්‍රමිතිය පිළිබඳ ජාත්‍යන්තරයේ පවතින ත්ත්තවය වඩාත් හොද මට්ටමකට රැගෙන යෑමට අප බලාපොරොත්තු වන්නෙමු” යනුවෙනි.
ග්‍රැනිෆ්‍රිගර් (GRANIFRIGOR) ධාන්‍ය සිසිලන යන්ත්‍රය ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහැරීමේ බලයලත් නියෝජිතයා ‘මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය’ වන අතර, යන්ත්‍රය අලෙවියෙන් පසු එහි සියලු සේවාවන් ලබා දීම සිදු කරනු ලබයි. ව්‍යාපාර ක්ෂේත්‍රයේ වසර 14ක විශ්වාසය හිමි මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය බාකෝඩ් දත්ත කියවීමේ යන්ත්‍ර, බාකෝඩ් මුද්‍රණ යන්ත්‍ර, DOMA CTP 20 ඇතුළු ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර මෙන්ම ඩෝමා තනි එලිවේටර් කණුවේ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර ද මෙරටට ගෙන්වා බෙදා හැරීම සිදු කරනු ලබන ශක්තිමත් ව්‍යාපාර රැසක එකතුවකි.
ධාන්‍ය ගබඩා ගිරීමේ දී සිදුවන අලාභහානිවලට විසදුමක් ලෙස රසායනික පළිබෝධනාශක යෙදීමට ගොවීන් පෙළඹෙන අතර ඉන් සිදු වන සෞඛ්‍යමය හානිය සෞඛ්‍යමය ගැටළු මතුකරයි. රසායනික ද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීමෙන් සිදුවන පරිසර දූෂණය අවදානම් තත්ත්වයකට ද තුඩුදී ඇත. මෙවැනි හේතූන් සැලකීමේ දී ශ්‍රී ලංකාවේ වී ධාන්‍ය හා කුලු බඩු අපනයන ප්‍රමිතිය පිළිබඳ ජාත්‍යන්තරයේ පවතින ත්ත්තවය වඩාත් හොද මට්ටමකට රැගෙන යෑමට GRANIFRIGOR යන්ත්‍රය විසඳුම් සපයනු ලබයි.


