Le Grand Galle හෝටලය 2025 LUXE Global Awards සම්මාන උළෙලේ දී ඉහළම ගෞරව සම්මාන දිනා ගනිමින් ගෝලීය වශයෙන් ඇගයීමට ලක්වෙයි

Image 01 (LBN)

Le Grand Galle හෝටලය, මෑතකදී මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවති 2025 LUXE Global Awards සම්මාන උළෙලේ දී කීර්තිමත් සම්මාන ත්‍රිත්වයක් දිනා ගනිමින් ශ්‍රී ලංකාව නැවත වරක් ගෝලීය සුඛෝපභෝගීත්වයේ ස්ථානගත කළේය. Le Grand Galle හෝටලය Best Luxury Hidden Gem in Asia ලෙස නම් කරන ලද අතර, Best Luxury Scenic View Resort සහ Best Prime Location යන සම්මාන ද්විත්වය සඳහා ගෝලීය ජයග්‍රාහකයා බවට පත් වූයේ ලෝකයේ වඩාත්ම සුවිශේෂී සුඛෝපභෝගී ගමනාන්තයන් අතර එහි තත්ත්වය ඉස්මතු කරමිනි.
 



 

මෙම සම්මාන මඟින් Le Grand Galle සතු සුවිශේෂීත්වය, සුන්දර දසුන් සහ නිර්මාණ සැලැස්ම අවධාරණය කරන අතර, සුවිශේෂී බව සහ ආකර්ෂණය අපේක්ෂා කරන සංචාරකයින් සඳහා එය සුවිශේෂී තේරීමක් බවට පත් කරයි. ඓතිහාසික ගාලු කොටුව යුනෙස්කෝ ලෝක උරුමයට මදක් ඔබ්බෙන් පිහිටා ඇති මෙම හෝටලය, සන්සුන් පරිසරයක සංස්කෘතිය සහ සුන්දර සාගර දසුන් එකවර ලබා දෙයි. එම වටපිටාව සමඟ අලංකාර ලෙස මුසු වන පරිදි නිර්මාණය කර ඇති Le Grand Galle හෝටලය, පරිසර හිතකාමී ගෘහ නිර්මාණ ශිල්පයට කරන ලද උපහාරයක් ලෙස කැපී පෙනේ. ස්වාභාවික ද්‍රව්‍ය භාවිතය, ආලෝකකරණය, අවකාශය සහ දේශීය ශිල්පීය හැකියාවන් ඇතුළුව සෑම අංගයක්ම ගාල්ලේ උරුමය සහ වෙරළබඩ අනන්‍යතාවය පිළිබිඹු කරමින් එය සැබවින්ම අලංකාර සහ සැමදා මතකයෙහි රැදෙන ස්ථානයක් බවට පත් කරයි.

Belluna Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ, රෙහාන් මොරිස් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “මෙම ජාත්‍යන්තර පිළිගැනීම අපට ඉමහත් ගෞරවයක්. මන්ද එය Le Grand Galle හි සුවිශේෂත්වය සහ ගෝලීය සුඛෝපභෝගී සංචාරක ව්‍යාපාරය තුළ ශ්‍රී ලංකාවේ නැගී එන කීර්තිය යන දෙකම ඉස්මතු කරනවා. අපේ රට ඇදහිය නොහැකි ස්වාභාවික සුන්දරත්වයෙන් සහ සංස්කෘතික පොහොසත්කමෙන් පිරිපුන් රටක්. එම සුන්දරත්වය අපගේ කාර්යයන් තුළින් ලෝකය සමඟ බෙදා ගැනීමට හැකිවීම අපට මහත් භාග්‍යයක්. ඒ වගේම සැබෑ ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය නියෝජනය කරන හෘදයාංගම අත්දැකීම් ලබා දීම සඳහා අපගේ කණ්ඩායම දක්වන කැපවීම මම ඉතාමත් අගය කරනවා.”

ටෝකියෝ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කර ඇති කීර්තිමත් ජපන් සමාගමක් වන Belluna Co. Ltd. හි දකුණු ආසියානු අනුබද්ධිත සමාගම වන Belluna Lanka හි සහාය ඇතිව, Le Grand Galle ජාත්‍යන්තර මට්ටමේ ඉහළම ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වාගෙන යයි. ජපන් විශිෂ්ටත්වය සහ සැබෑ ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරයේ ශක්තිමත් සහයෝගිතාවය නිසා ගුණාත්මක පාරිභෝගික සත්කාර වෙනුවෙන් Le Grand Galle හෝටලය ප්‍රසිද්ධියක් උසුලයි.

Belluna Co. Ltd., Japan හි අධ්‍යක්ෂ, හිරෝෂි යසුනෝ මහතා අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. “Belluna Japan හි අපගේ මෙහෙවර විශිෂ්ටත්වය පමණක් නොව සංස්කෘතීන් සමීප කරවන අර්ථවත්, උසස් තත්ත්වයේ අත්දැකීම් නිර්මාණය කිරීමෙන් ජනතාවගේ ජීවිත වැඩිදියුණු කිරීමයි. මෙම සම්මානය Le Grand Galle හිදී එම දැක්ම ජීවමාන වන බව පෙන්නුම් කරයි. මෙම මෙහෙවරඅරමුණකින් යුතුව ඉදිරියට ගෙන යාම සහ ජපානය සහ ශ්‍රී ලංකාව අතර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් Belluna Lanka කණ්ඩායම ගැන අපි ආඩම්බර වෙනවා.”

Le Grand Galle යනු විශිෂ්ට සේවාවක් සහ අලංකාර පරිසරය සමඟින් සැමවිටම අමුත්තන් විශ්මයට පත් කරන විශේෂ සුඛෝපභෝගී හෝටලයකි. මෙම සම්මාන, සන්සුන් බව, සංස්කෘතික උරුමය සහ ස්වභාවික සුන්දරත්වය එක්වන ගමනාන්තයක් ලෙස හෝටලයේ තත්ත්වය යළි තහවුරු කරයි.

මෙම සම්මාන සමඟින්, Le Grand Galle අඛණ්ඩව ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී සංචාරක ව්‍යාපාරය ප්‍රති නිර්වචනය කරමින්, සංචාරකයින් සඳහා අලංකාරය සහ සුන්දරත්වය මුසු වුනු සැබෑ ආගන්තුක සත්කාර පිරිනමයි.

වෙන් කිරීම් සහ විමසීම් සඳහා: reservations@legrandgalle.lk
www.legrandgalle.lk

 

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව