Deen Brothers Imports සමාගම Entrepreneur of the Year රන් සම්මාන ද්විත්වයක් දිනයි

DEEN BROTHERS (LBN)

මෙරට කෘෂිකාර්මික, කාර්මික, යාන්ත්‍රික, තාක්ෂණික සහ විදුලි උපාංග ආනයනකරුවන් අතර ප්‍රමුඛයකු වන Deen Brothers Imports පෞද්ගලික සමාගම Entrepreneur of the Year 2025 සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගත්තේය. ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ එම සම්මාන උලෙළේදී ජාතික මට්ටමේ මහා පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානයත්, පළාත් මට්ටමේ (දකුණු පළාත) මහා පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානයත් දිනා ගැනීමට එම සමාගමට හැකි විය.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින පුරා විහිදුණු ශක්තිමත් බෙදා හැරීමේ ජාලයකට හිමිකම් කියන Deen Brothers සමාගම ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවෙකු ලෙස පසුගිය කාලය තුළ දිනා ඇති විශ්වාසනීයභාවය මේ තුළින් යළි තහවුරු වේ. එම සමාගම Oregon, Dongcheng, Briggs & Stratton, Toptul, Golden Bridge, Norton වැනි ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සන්නාම රැසක මෙරට නියෝජිතයා ලෙස කටයුතු කරයි. ඔවුන් DBL සන්නාමයෙන් වෙළෙඳපොළට නිකුත් කරන කෘෂිකාර්මික, කාර්මික, වඩු, ඉදි කිරීම් උපාංග, බල කට්ටල, විදුලි උත්පාදක යන්ත්‍ර, අමතර කොටස්, ගෘහස්ත විදුලි උපකරණ සඳහා පිළිගත් වගකීම් සහතිකයක් මෙන්ම විශිෂ්ට පසු විකුණුම් සේවා සපයයි. සම්මාන පිළිබඳව අදහස් දක්වමින් Deen Brothers සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය එම්. එන්. එම්. නජීබ් ඩීන් මහතා මෙසේ සඳහන් කළේය. “පාරිභෝගිකයන්ට වගකීමක් සහිත උසස්ම ප්‍රමිතියෙන් යුතු උපාංග සැපැයීම අපගේ දැක්මයි. ඔවුන් අප කෙරෙහි තැබූ විශ්වාසය සහ ඔවුන්ගෙන් ලැබෙන ආශිර්වාදය පසුගිය කාලය පුරා අප ලැබූ සියලු ජයග්‍රහණ පසුපස ඇති ප්‍රධාන සාධකයයි. මෙවැනි ජයග්‍රහණ සමග ඉදිරියට යෑමට කැප වීමෙන් කටයුතු කරන කාර්ය මණ්ඩලයටත් මම කෘතඥ වෙනවා. තිරසාර සහ සාර්ථක ව්‍යාපාර පුරුදු සමග අපගේ මාතෘ භූමියේ ඉදිරි ගමනට දායක වීම අපගේ ඉදිරි බලාපොරොත්තුවයි.”

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව