CavinKare, ඉන්දියාවේ අංක 01 Cavin’s Milkshake, ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Image 01

ශ්‍රී ලංකා, 2025 සැප්තැම්බර් 26: ඉන්දියානු FMCG සමාගමක් වන CavinKare, අද දින සිය ප්‍රමුඛතම නවෝත්පාදන සන්නාමය වන Cavin’s Milkshake ශ්‍රී ලංකාවේ හඳුන්වා දෙන ලදී. ඉන්දියාවේ අංක එකේ අතරමැද කෙටි ආහාර වේලක් වන Cavin’s Milkshake ඉන්දියාව, නේපාලය, මාලදිවයින, ඕස්ට්‍රේලියාව, භූතානය සහ සිංගප්පූරුව පුරා – සිටින සියලුම වයස්වල පාරිභෝගිකයින්ගේ ආකර්ෂණය දිනාගත් නිෂ්පාදනයක් වන අතර මෙම නව ආරම්භයත් සමග දැන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට ද මෙම නිෂ්පාදනය මිලදී ගත හැක. මෙම ව්‍යාප්ත කිරීමත් සමඟ, Cavin’s ශ්‍රී ලංකාවේ මිල්ක්ෂේක් අංශයේ නැගී එන පළමු මහා පරිමාණ ප්‍රමුකයා බවට පත්වන අතර, Cavin’s Milkshake සන්නාමය කීර්තිමත් ගෝලීය සන්නාමයක් බවට ගොඩනැගීමේ CavinKare  දැක්ම එමඟින් තවදුරටත් ශක්තිමත් කරයි. 



 

නැවුම් කිරිවලින් දැඩි ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කරන ලද Cavin’s Milkshake, උකුබව, ක්‍රීම් ගතිය සහ එහි ආවේණික රසය නිසා ප්‍රසිද්ධය. මෙම නිෂ්පාදනය මාස 9 ක කාල සීමාවක් සාමාන්‍ය උෂ්ණත්වය යටතේ කල් තබා ගත හැකි අතර, ආහාර වේල් අතරට ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න අතරමැද කෙටි ආහාරයක් සොයන පාරිභෝගිකයින්ට විශේෂයෙන්ම සකස් කර තිබේ.

දේශීය රුචිකත්වය සපුරාලමින් Cavin’s Milkshake බෙල්ජියන් චොකලට්, ස්ට්‍රෝබෙරි, වැනිලා, Coffee ෂේක්, සහ ප්‍රිමියම් මෝල්ට් යන රස පහකින් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.

CavinKare හි ජාත්‍යන්තර ව්‍යාපාර අංශයේ උප සභාපති සහ ව්‍යාපාර ප්‍රධානී රාජා වර්තරාජු මහතා මෙසේ පැවසීය. “ඉන්දියාවේ අංක එකේ අතරමැද කෙටි ආහාර සන්නාමය වන Cavin’s Milkshake ශ්‍රී ලංකාවට ගෙන ඒමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මෙමගින් ශ්‍රී ලංකාවේ ආහාර හා පාන වර්ග අංශයට අපගේ ප්‍රවේශය සනිටුහන් කරනවා පමණක් නොව, කලාපය තුළ ආයෝජනය කිරීමට අපගේ ඇති කැපවීම ද පිළිබිඹු කරයි. දැනටමත් අපගේ පාරිභෝගික නිෂ්පාදන මාලාවේ ශක්තිමත් පදනමක් ඇති බැවින්, ශ්‍රී ලංකාව අපගේ වර්ධනයේ ස්වාභාවික දිගහැරුමක් ලෙස අපි දකින්නෙමු. පාන වර්ග කාණ්ඩය වේගයෙන් වැඩිවෙන අතර, Cavin’s Milkshake පාරිභෝගිකයින්ට අද්විතීයව රසවත් හා සෞඛ්‍ය සම්පන්න අත්දැකීමක් ගෙන එයි. ඉදිරියේදී අප නව්‍යතම තාක්ෂණය යොදාගත් කර්මාන්ත ශාලාවක් මෙරට තුළ ආරම්භ කිරීමට සැලසුම්කර සිටිමු. එමඟින් දේශීය රුචිකත්වයට අනුව නිෂ්පාදන සකස් කිරීමටත්, දේශීය ආර්ථිකයට දායක වීමටත් අපට හැකියාව ලැබෙනවා.”

Cavin’s Milkshake අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් ටෙට්‍රා පැක් දවටනවල ඇසුරුම්කර ඇති අතර එමඟින් නැවුම් බව, ආරක්ෂාව සහ පහසුව සහතික කෙරේ. සුපිරි වෙළඳසැල්, ප්‍රධාන නගරවල ඇති මධ්‍ය පරිමාණ තනි පුද්ගල වෙළඳසැල් ආවරණය කරමින් බෙදාහැරීම සිදු කරනු ඇති අතර එමඟින් ශ්‍රී ලංකාව පුරා පහසුවෙන් මෙය ලබා ගත හැකි බව සහතික කෙරේ.

මෙම පුළුල් කිරීමත් සමඟින්, Cavin’s සිය ගෝලීය ගමන තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට නවීන සහ උසස් මිල්ක්ෂේක් අත්දැකීමක් ගෙන එයි.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව