
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු විශිෂ්ටත්වය නැවත වරක් කරළියට ගෙන ආ ‘EngEx 2025 Powered by SLT-MOBITL’ ප්‍රදර්ශනය පසුගියදා අතිසාර්ථක ලෙස නිමාවට පත් විය. මෙම ප්‍රදර්ශනයේ නිල සන්නිවේදන සහකරු ලෙස, ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සමාගම කටයුතු කරන ලදී.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය මගින් සංවිධානය කරනු ලබන EngEx ශ්‍රී ලංකාවේ විශාලතම ඉංජිනේරු ප්‍රදර්ශනය වන අතර, එහි 75 වන සංවත්සරය මෙම වසරට යෙදී තිබිණි.
විවිධ ක්ෂේත්රවල කැපීපෙනෙන පුද්ගලයන්, නව නිපැයුම්කරුවන්, ඉංජිනේරු විෂයන් හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ඉංජිනේරුකරණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන මහජනතාව ඇතුළුව 52,000 කට අධික පිරිසක් මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණියහ.
රටේ දියුණුව වෙනුවෙන් ඉංජිනේරු නවෝත්පාදන මගින් සුවිශාල මෙහෙවරක් ඉටු වන බව SLT-MOBITEL දැඩි ලෙස විශ්වාස කරයි. එම විශ්වාසය ඔස්සේ ශ්‍රී ලංකාවේ අනාගත පරපුරේ ඉංජිනේරුවන් සහ නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ අරමුණ මූලික කරගෙන SLT-MOBITEL මෙම ප්‍රදර්ශනයෙහි නිල සන්නිවේදන සහකරු ලෙස කටයුතු කළේය.


