Thimark Technocreations කෙන්යාවේ National Power Company (KenGen) සමග ව්‍යාපෘති ගිවිසුමකට

THIMARK (LBN)

ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය ලැබූ Thimark Technocreations පෞද්ගලික සමාගම කෙන්යාවේ National Power Company (KenGen) සමග අමෙරිකානු ඩොලර් 156,000ක ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් ගත වේ. මෙය ශ්‍රී ලාංකික ඉංජිනේරු සේවා සැපැයුම් ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයකි. මේ යටතේ Thimark Technocreations සමාගම KenGen සමාගම වෙනුවෙන් KILGHARRAH 600 නමින් හඳුන්වන එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යා හැකි Hydraulic Trash Rack Cleaning යන්ත්‍රයක් සැළැසුම් කිරීම, නිෂ්පාදනය, ප්‍රවාහනය, ස්ථාපනය, සහ ක්‍රියාත්මක කිරීම සිදු කිරීමට නියමිතය. ඊට අදාළ සෑම ක්‍රියාවලියක්ම ජාත්‍යන්තර ප්‍රමිති අනුව සිදු කෙරේ. ගෝලීය වශයෙන් පිළිගත් විදුලි යාන්ත්‍රික සහ ස්වයංක්‍රියකරණ ඉංජිනේරු විසඳුම් සැපැයීමට Thimark Technocreations සතු හැකියාව මෙමගින් තහවුරු වේ. එවැනි යන්ත්‍රයක් ශ්‍රී ලංකාව තුළ සැළැසුම් කළ සහ නිෂ්පාදනය කළ පළමු අවස්ථාව මෙය වීම සුවිශේෂ වේ.

 



 

“මෙම ව්‍යාපෘතිය දිනා ගැනීමට හැකි වීම Thimark Technocreations අප පමණක් ලැබූ ජයග්‍රහණයක් නොවෙයි; එය ශ්‍රී ලාංකික ඉංජිනේරු විශිෂ්ටත්වය ගෝලීය මට්ටමින් විදහා දක්වන්න ලැබුණු වටිනා අවස්ථාවක්. ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව ඉහළ වටිනාකමක් සහිත ඉංජිනේරු විසඳුම් සැළැසුම් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලාංකික සමාගම්වලට හැකියාව තිබෙන බව මේ තුළින් තහවුරු වෙනවා.” Thimark Technocreations ප්‍රධාන විධායක නිලධාරී හා කළමනාකරණ අධ්‍යක්ෂ තරංග මාරසිංහ පැවැසීය. Steel Fabrication සේවා සපයන සමාගමක් ලෙස ආරම්භ වූ Thimark Technocreations වර්තමානයේදී කාර්මික යන්ත්‍රෝපකරණ හා ජල ක්ෂේත්‍ර විසඳුම්වල (Sludge Scrapers, Trash Cleaners, Sluice Gates) සිට DPMC (Bajaj), Senaro, Dyno, NWOW, Lencar, Ranomoto වැනි වාහන එකලස් කිරීමේ සන්නාම සඳහා අවශ්‍ය උපාංග නිෂ්පාදනය දක්වා ව්‍යාපාරය පුළුල් කර ඇත. කෙන්යානු ව්‍යාපෘතිය දිනා ගැනීම තුළින් නිර්මාණකරණ, ස්වයංක්‍රියකරණ, FEM විශ්ලේෂණ මෘදුකාංග යොදා ගනිමින් සිදු කරන ව්‍යුහාත්මක වලංගුකරණ වැනි අංශවලට අදාළව ඔවුන් සතු විශේෂඥතාව තහවුරු වේ. අප්‍රිකානු කළාපයේ කැපී පෙනෙන රටක් වන කෙන්යාවට සේවා සැපැයීමට අවස්ථාව ලැබීමෙන් කළාපීය වෙළෙඳපොළ වෙත පිවිසීමටද හැකි වනු ඇත. “මේ තුළින් ගෝලීය වශයෙන් තරග කරන්න අප සතු හැකියාව පිළිබිඹු වෙනවා වාගේම ශ්‍රී ලංකාවට සැළකිය යුතු විදේශ විනිමයක් ලැබෙනවා. අපේ රටේ ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව ගෝලීය වශයෙන් ඇති පිළිගැනීම ඉහළ නංවන්නටත්, නව්‍යකරණය ප්‍රවර්ධනය කරන්නටත් අපට හැකි වෙනවා.” තරංග මාරසිංහ වැඩි දුරටත් පැවැසීය. Thimark Technocreations ඉදිරියේදී දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළට මගී වාහන සංවර්ධන සහ නව්‍ය නිෂ්පාදන විසඳුම් සේවා සපයමින් ව්‍යාපාරය පුළුල් කිරීමට සැළැසුම් කර ඇත. මෙරට අනාගත කාර්මික වර්ධනය ඇති කිරීම සඳහා විප්ලවීය භූමිකාවක් ඉටු කිරීම එම සමාගමේ ප්‍රධාන අරමුණයි.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව