Kaspersky ජාතික තොරතුරු තාක්ෂණ සමුළුවට අනුග්‍රාහකත්වය පිරිනමයි

kaspersky

ශ්‍රී ලංකා පරිගණක සමාජය විසින් සංවිධානය කරනු ලබන 43 වැනි ජාතික තොරතුරු තාක්ෂණ සමුළුවේ රන් අනුග්‍රාහකත්වය Kaspersky ආයතනය විසින් හිමිකරගෙන තිබේ. මෙරට ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන සමුළුවවන එය, 2025 ඔක්තෝබර් 14-16 දක්වා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිත ය.

මානව කේන්ද්‍රීය ජාතියක් බිහිකිරීම  (Fostering a Human-Centric Nation: Towards Society 5.0) යන තේමාව යටතේ මෙවර පැවැත්වෙන ජාතික තොරතුරු තාක්ෂණ සමුළුවට දෙස් විදෙස් දේශකයින් 30කට වැඩි පිරිසක් එක්වීමට නියමිත ය. ඔවුහු මූල්‍ය තාක්ෂණ, අධ්‍යාපන තාක්ෂණ, සංචාරක තාක්ෂණ, තොරතුරු ආරක්ෂණ සහ විද්‍යුත් රාජ්‍යකරණ, කෘෂි තාක්ෂණ, විද්‍යුත් සෞඛ්‍ය සහ විද්‍යුත් පරිපාලන වැනි ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරති.

 



 

ශ්‍රී ලංකාව තුළ සයිබර් ආරක්ෂණ දැනුවත්කිරීම, නවෝත්පාදනය සහ ශක්තිමත් බව වෙනුවෙන් සිදුකරන කාර්යයභාරයෙහි දිගුවක් ලෙස මෙම සමුළුවට අනුග්‍රාහකත්වය දැරීමට Kaspersky පියවර ගෙන තිබේ. ඒ හරහා සමුළුවට එක්වන 500කට විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ශාස්ත්‍රඥයින් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව උදාවේ.

Kaspersky හි කලාපීය කළමනාකරුවෙකුවන මොහ්නිස් මනුකුලසූරිය ඔක්තෝබර් 16 වැනිදා, Kaspersky සමඟ ශක්තිමත් සයිබර් ආරක්ෂණ රාමුවක් නිර්මාණය කරගැනීම පිළිබඳ සමුළුව අමතමින් දේශනයක් සිදුකිරීමට ද නියමිත ය.

″සෑම ක්ෂේත්‍රයක්ම සහ රාජ්‍ය සේවය තුළත් ඩිජිටල් පරිවර්තනය වේගයෙන් සිදුවෙමින් පවතින පසුබිමක, සයිබර් ආරක්ෂණයේ අවශ්‍යතාවත් අන් කවරදාටත් වඩා සමාජයට දැනෙමින් තිබෙනවා. 2025 ජාතික තොරතුරු තාක්ෂණ සමුළුවට අනුග්‍රාහකත්වය දැරීම හරහා, ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ පරිසරයට ඇති අපගේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට අපි අපේක්ෂා කරනවා. ඒ වගේම වඩාත් සුරක්ෂිත සහ විශ්වාසනීය ඩිජිටල් යටිතල පහසුකම් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවේ වෘත්තිකයින්, ශාස්ත්‍රඥයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සවිබල ගැන්වීමටත් අපි බලාපොරොත්තු වෙනවා″, යනුවෙන් Kaspersky සමාගමේ ආසියානු නැගී එන වෙළෙඳපොළ අලෙවි ප්‍රධානී සෑම් යන් මහතා ප්‍රකාශ කළේය.

Kaspersky මගින් සමාගම් සහ ආයතන මුහුණ දෙන නවතම අවදානම්, අභියෝග සහ අවස්ථාවන් පිළිබඳව වැදගත් තොරතුරු සපයන බුද්ධි වාර්තා, දේශීය දැනුම සහ විශ්ලේෂණ නිතිපතා ප්‍රකාශයට පත් කරයි. ඊට අදාළව ශ්‍රී ලංකාව තුළ, වර්ධනය වෙමින් පවතින වෛරස් මෘදුකාංග, සයිබර් තර්ජන ක්‍රියාකාරකම්, දත්ත ආරක්ෂණ ගැටළු සහ ඒ ඒ කර්මාන්තවලට අදාළ අවදානම් පිළිබඳ නවතම තොරතුරු සැපයීම සිදුකරයි.

ව්‍යාපාර, රාජ්‍ය ආයතන සහ පොදු සමාජය වෙත මෙම වැදගත් තොරතුරු ලබාදීම හරහා ගෝලීය සහ ශ්‍රී ලංකාවේ ඇති සයිබර් ආරක්ෂණ අවදානම්වලට එරෙහිවීමට අවශ්‍ය දැනුවත්භාවය ලබාදීම සහ පෙරසූදානම ඇතිකිරීම Kaspersky හි අභිලාෂය වේ.

මෙවර ජාතික තොරතුරු තාක්ෂණ සමුළුව විවිධ වූ තේමා හතක් යටතේ ක්‍රියාත්මකවන අතර 30කට වැඩි දෙස් විදෙස් දේශකයින් ද, 750කට වැඩි තාක්ෂණවේදීන්, නවෝත්පාදකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් පිරිසක් ද ඊට එක්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 18 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව