
ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන Visa, හැටන් නැෂනල් බැංකුව (HNB) සමඟ හවුල්කාරීත්වයෙන් ‘Visa Accept’ විසඳුම ශ්‍රී ලංකාවේදී හඳුන්වා දුන් අතර, ගෝලීය වශයෙන් මෙම විසඳුම හඳුන්වාදුන් පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි. එමෙන්ම මෙය ශ්‍රී ලංකාව, ඩිජිටල් ගෙවීම් නවෝත්පාදනයන්හී පෙරමුණට ගෙන ඒමක් ලෙස සැලකිය හැකිය.
ආර්ථිකයේ මුලික පදනම වන ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සවිබල ගැන්වීම සඳහා ශ්‍රී ලංකා රජය දක්වන දැඩි අවධානයට අනුයුක්තව, Visa මෙම විසඳුම හඳුන්වා දීම ඉතා කාලෝචිත වේ. ඩිජිටල් ගෙවීම් සඳහා පිවිසීමේ පිරිවැය අවම කිරීම මඟින්, ‘Visa Accept’ මූල්‍ය අන්තර්ග්‍රහණයට සෘජුවම සහාය වන අතර, ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාරිකයන්ට නව ආර්ථික අවස්ථා කරා ප්‍රවේශ වීමට මඟ සලසයි. මෙය කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාරවලට සහ නිවෙස් පාදක කරගත් ව්‍යාපාරවලට ඔවුන්ගේ වර්ධනය සඳහා ආරක්ෂිත හා පහසු මාර්ගයක් විවරකරදෙයි.
‘Visa Accept’ හරහා ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ට ඩිජිටල් වාණිජ ආර්ථිකයට පිවිසීමට ඇති බාධක ඉවත් කරමින්, ඔවුන්ට පහසුවෙන් එම සේවාවන්ට පිවිසීමට පහසුකම් සලසයි. වෙළඳ ගිණුමක් විවෘත කිරීම සඳහා සංකීර්ණ ලිපි ලේඛන කටයුතු, බලපත්‍ර සහ මිල අධික POS යන්ත්‍ර වැනි බාධක ඇති නමුත්, ‘Visa Accept’ මඟින් ඕනෑම Visa-debit හෝ Visa-prepaid කාඩ්පත් හිමියෙකුට තම ජංගම දුරකථනය පමණක් භාවිතා කරමින් HNB හි ජංගම බැංකුකරණ යෙදවුම හරහා තම ගිණුම ක්ෂණිකව විකුණුම් පැතිකඩක් (Seller Profile) බවට පත් කර ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව, මිනිත්තු කිහිපයක් ඇතුළත ක්ෂුද්‍ර ව්‍යාපාරිකයන්ට, සිය ගනුදෙනුකරුවන්ගේ ගෙවීම් භාරගැනීම ආරම්භ කළ හැකි අතර, සාමාන්‍ය ජංගම දුරකථනයක් ආරක්ෂිත ගෙවීම් පිළිගැනීමේ උපකරණයක් බවට පත් කරයි. ගනුදෙනුකරුවන්ට ‘Tap-to-phone’ හෝ ‘Pay-by-link’ හරහා ගෙවීම් කළ හැකි අතර, එය විකුණුම්කරුට මෙන්ම පාරිභෝගිකයාටද ආරක්ෂිත සහ පහසු ගෙවීම් අත්දැකීමක් සලසයි.
තම ප්‍රථම ඔන්ලයින් ඇණවුම භාරගන්නා ගෘහාශ්‍රිත බේකරි හිමිකරුවාට, මුදල් ගනුදෙනු වලින් ඔබ්බට යන එළවළු වෙළෙන්දාට හෝ නව ගැනුම්කරුවන් සොයා යන අත්කම් භාණ්ඩ විකුණන්නාට, ‘Visa Accept’ විසඳුම මඟින් ආර්ථික අවස්ථා පුළුල් කරගැනීම සඳහා, ඔවුන්ගේ සරල ජංගම දුරකථනයම ප්‍රවේශ මාර්ගයක් බවට පත්කරමින් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර ව්‍යාපාර ඉහළ නැංවීමට උපකාර කරනු ඇත.
මෙම ක්‍රියාවලිය අධීක්ෂණය කරමින්, Visa හි ජාලය මඟින් අරමුදල් ක්ෂණිකව පියවනු ලබන අතර, විකුණුම්කරුවන්ට ඔවුන්ගේ ආදායම වෙත ඉක්මන් ප්‍රවේශයක් ලබා දෙයි. ගනුදෙනු සංඛ්‍යාව සහ මුදල් ප්‍රමාණය මත පනවා ඇති සීමා සමඟින්, ‘Visa Accept’ මඟින් අවදානම් අවම කිරීමට ද උපකාරී වන අතර, ඩිජිටල් ගෙවීම් පිළිගැනීම සඳහා ආරක්ෂිත සහ ව්‍යාප්ත කළ හැකි පරිසරයක් නිර්මාණය කරයි. අඩු මුදල් ප්‍රමාණයන්ගේ ගනුදෙනු මත ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර ව්‍යාපාරිකයින්ට, මෙම ක්ෂණික ගෙවීම් තහවුරු කිරීම ඔවුන්ගේ ව්‍යාපාර පැවැත්ම සහ ව්‍යාප්තිය තහවුරු කරනු ලබනවා.
Visa හි ශ්‍රී ලංකා සහ මාලදිවයින කළමනාකාරිනී අවන්ති කොළඹගේ මහත්මිය මෙසේ පැවසුවාය: “‘Visa Accept’ යනු ගෙවීම් නවෝත්පාදනයකට වඩා වැඩි දෙයක්. එය ක්ෂුද්‍ර ව්‍යාපාරිකයන් විධිමත් ආර්ථිකය වෙත සම්බන්ධ කරමින් ඔවුන්ගේ ආර්ථික සහභාගීත්වය වේගවත් කරන මූල්‍ය අන්තර්ග්‍රහණය සඳහා වූ උපායමාර්ගයක්. Visa-debit හෝ Visa-prepaid කාඩ්පතක් ඇති ඕනෑම අයෙකුට මිනිත්තු කිහිපයක් ඇතුළත විකුණුම්කරුවෙකු බවට පත්වීමට අවස්ථාව උදාකර දීමෙන්, අපි ගෙවීම් භාරගැනීම සරල කරනවා පමණක් නොව, ඔවුන්ට ඩිජිටල් ආර්ථිකය තුළ දියුණු වීමට නව මාර්ග විවර කරනවා.”
“හැටන් නැෂනල් බැංකුව (HNB) සමඟ අපගේ හවුල්කාරීත්වය හරහා, ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසදායක බැංකු ජාලයක් තුළට මෙම විසඳුම ඇතුළත් කිරීමට අපට හැකි වී තිබෙනවා. ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ HNB ජංගම බැංකුකරණ යෙදුම තුළින් සෘජුවම ‘Visa Accept’ සක්‍රිය කළ හැකියි. ගනුදෙනු සීමාවන් අවස්ථා සහ ආරක්ෂාව අතර සමබරතාවයක් පවත්වා ගැනීමට ප්‍රවේශමෙන් ක්‍රමාංකනය කර ඇති අතර, Visa හි ගෝලීය ආරක්ෂණ පද්ධති සමඟින් විකුණුම්කරුවන් සහ පාරිභෝගිකයන් සුරක්ෂිත කරයි.”
“ගෝලීය වශයෙන් මෙම විසඳුම හඳුන්වා දුන් Visa හි ප්‍රථම වෙළඳපොළ ශ්‍රී ලංකාව වීම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට සහ සමාජ-ආර්ථික ප්‍රගතියට අප දක්වන අඛණ්ඩ කැපවීම අවධාරණය කරනවා.”
හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ දමිත් පල්ලේවත්ත මහතා මෙසේ සඳහන් කළේය: “Visa Accept, අපගේ HNB ජංගම බැංකුකරණ යෙදවුමට ඒකාබද්ධ කිරීමත් සමඟ, දහස් ගණනක් ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාරිකයන්ට ජංගම දුරකථනයක් පමණක් භාවිතා කරමින් ක්ෂණිකව ඩිජිටල් ගෙවීම් භාර ගැනීමට අවස්ථාව සලසනවා. පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට (P2P) සිදුවන ගනුදෙනු ඩිජිටල්කරණය කිරීම මඟින්, මූල්‍ය ප්‍රවේශය නවීනකරණය කිරීමට, ව්‍යවසායකත්ව පරිසර පද්ධතිය ඉහළ නැංවීමට සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට සහාය වීමට, අපගේ මෙහෙවරේ මෙය වැදගත් පියවරක් සනිටුහන් කරනවා. රට එහි ඩිජිටල් පරිවර්තනය වේගවත් කරන විට, ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය හැඩගැස්වීමේදී විශ්වාසනීය හවුල්කරුවෙකු ලෙස අපගේ භූමිකාව අපි යළිත් තහවුරු කරනවා.”
‘Visa Accept’ දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලී ජේ. චන්ග් මහත්මිය මෙසේ පැවසුවාය: ‘Visa Accept’ යනු හුදෙක් ගෙවීම් විසඳුමකට වඩා වැඩි යමක්. එය ශ්‍රී ලංකාවේ අනාගතය මෙහෙයවන නිර්මාණශීලීත්වය සහ ව්‍යවසායකත්ව පිළිබඳ නව මානයක් වේ. ගෙවීම් වේගවත්, පහසු සහ ආරක්ෂිත කිරීම තුළින්, කුඩා ව්‍යාපාරවලට ගෝලීය වෙළෙඳපොළට පිවිසීමට, ඔවුන්ගේ ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට සහ මෙහෙයුම් නවීකරණය කිරීමට උපකාරී වෙනවා.
වසර 35කට අධික කාලයක් පුරා වීසා, ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත හවුල්කරුවෙක් ලෙස කටයුතු කර තිබෙන අතර, HNB බැංකුව සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ ඔවුන්ගේ මෙම සහයෝගිතාවය, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට සහ ආර්ථික වර්ධනයට සහාය වීමට එක්සත් ජනපද සමාගම්වල ඇති කැපවීම පිළිබඳ පැහැදිලි සංඥාවක්.”
ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, ඉංජිනේරු එරංග වීරරත්න මහතා මෙසේ පැවසීය: “”ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය පරිවර්තනීය යුගයකට පිවිසෙමින් සිටිනවා. එය අන්තර්ග්‍රහණය, නවෝත්පාදනය සහ සවිබල ගැන්වීම මඟින් නිර්වචනය කළ හැකියි. ‘Visa Accept’ දියත් කිරීම, විශේෂයෙන්ම ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාර අතර ඩිජිටල් ගෙවීම් භාවිතය වේගවත් කිරීමට අපගේ ජාතික මෙහෙවරට සෘජුවම සහාය වන කාලෝචිත හා උපායමාර්ගික නවෝත්පාදනයක්. මුදලින් ස්වයංපෝෂිත සමාජයක් ගොඩනැගීම සඳහා අප ගෙනයන ඉදිරි ගමනේදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතයට බලය ලබාදීම සහ ශ්‍රී ලංකාව පුරා පුළුල් ආර්ථික වර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් Visa සහ HNB සමඟ පවතින අඛණ්ඩ හවුල්කාරීත්වය අපි බෙහෙවින් අගය කරනවා.”
‘Visa Accept’ විසඳුම 2025 සැප්තැම්බර් 24 වන දින පැවැත්වෙන FinTech උළෙලේදී ද ප්‍රදර්ශනය කිරීමට නියමිතය.


