සියැට් කැලණි හි විශිෂ්ට අලෙවි නියෝජිතයින් ‘ඔටෝබාන් 2.0’ සමුළුව හා සම්මාන උළෙලේ දී ගෞරවයට පාත්‍ර වෙයි

Dealer awards 2025 (LBN)

ශ්‍රී ලංකාවේ විශාලතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සිය වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව හා සම්මාන උළෙල මෑතකදී කොළඹ ෂැන්ග්‍රිලා හි දී පවත්වන ලදී.

මෙම අවස්ථාවට වසරේ විශිෂ්ඨතම අලෙවි නියෝජිතයින් 145 දෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා අමතක නොවන මිත්‍රත්වයේ සන්ධ්‍යාවක් සඳහා ඇරයුම් ලැබී තිබුණි. සියැට් හි විකුණුම්, අලෙවිකරණ සහ අපනයන කණ්ඩායම්වල සාමාජිකයින් මෙන් ම සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ද ඔවුන් සමඟ එක් වූයේ, සන්නාමයේ අඛණ්ඩ සාර්ථකත්වයට මෙම සමුළුවේ ඇති වැදගත්කම විදහා පාමිනි.

 



 

‘ඔටෝබාන් 2.0’ ලෙස තේමා කරගත් මෙම සමුළුව හරහා ශ්‍රී ලංකාවේ මාර්ගවල සියැට් සන්නාමයේ උසස් ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරන ජර්මානු ඉංජිනේරුකරණය, පර්යේෂණ හා සංවර්ධන විශේෂඥතාවය සමඟින් සියැට් රේඩියල් ටයර මගින් නිර්වචනය කෙරෙන වේගය, සුවපහසුව සහ පාලනය යන ගුණාංග මූර්තිමත් කළේය. සැමරුමේ සෑම අංශයක් ම මෙම තේමාව ජීවමාන වන අයුරින් සැලසුම් කර තිබුණි.

සම්මාන රාත්‍රියේ භෝජන සංග්‍රහයේ දී පිළිගැනීමේ කතාව පවත්වමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සභාපති චානක ද සිල්වා මහතා මෙසේ පැවසීය: “අද අපි සුවිශේෂී සන්ධිස්ථානයකයි සිටින්නේ. ටයර් කර්මාන්තය වේගවත් පරිවර්තනයකට භාජනය වෙමින් පවතින මෙවන් අවස්ථාවක, තාක්ෂණික දියුණුව, තිරසාර මුලපිරීම් සහ ඩිජිටල් නව්‍යෝත්පාදනයන් හරහා අප ක්‍රියාත්මක වන ආකාරය සහ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වන ආකාරය ද අපි නිරන්තරයෙන් අලුත් කරන්නෙමු. මෙවන් පරිසරයක් තුළ ඉදිරි මාස 12 සිට 18 දක්වා කාලය තුළ ගුණාත්මකභාවය සහ තාක්ෂණය වැඩිදියුණු කිරීම සඳහා අපි තවත් රුපියල් බිලියන 4.5ක් වෙන්කර ඇති බව ඔබ සැමට දැනුම් දීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි. එබැවින්, පසුගිය පාඩම් නැවත ආවර්ජනය කිරීමට, ඉගෙන ගැනීමට, සහ විශේෂයෙන් ම, විශාල හා වඩා හොඳ නිෂ්පාදන කළඹක් හා පරාසයක් සමඟින් ඉදිරියට යාමට මෙම සමුළුව අපට හොඳ අවස්ථාවක්.”

සිය ස්තූති කථාවේ දී සියැට් කැලණි ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ෂමල් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය: “මෙම අවස්ථාව අපගේ ජයග්‍රහණ ගැන මෙනෙහි කිරීමට ම පමණක් නොව, වෙළඳපලේ අභියෝගවලට මුහුණ දෙන ඉදිරි මාවත කෙරෙහි අපගේ අවධානය අලුත් කිරීමට ද උපකාරී වී තිබේ. අපි ඉදිරියට යන විට උගත් පාඩම් බෙදාහදා ගනිමින්, ශක්තිමත් සබඳතා ඇතිකර ගනිමින් සහ විශිෂ්ටත්වය සඳහා වූ නැවුම් කැපවීම් ද අප සමඟම රැගෙන යන්නෙමු. අඛණ්ඩ වර්ධනය, සහයෝගීතාවය සහ තවත් බොහෝ විශිෂ්ටතා එකතු කර ගැනීමට ද අපි බලාපොරොත්තු වෙමු.”

සියැට් අලෙවි නියෝජිත විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී කැපී පෙනෙන සිදුවීමක් වූයේ 2024/25 වසරේ විශිෂ්ටත ම අලෙවි නියෝජිතයින් තිදෙනා ඉහළම ගෞරව ලබා ගැනීමයි. කොළඹ 2 හි U & H Wheel Service පුද්ගලික සමාගම සමස්ත ජයග්‍රහණය දිනාගත් අතර, කොළඹ 14 හි සන්දීව් ඔටෝ එන්ටප්‍රයිසස් පුද්ගලික සමාගම සහ අක්කරෙයිපත්තුව ආබිඩින් ටයර් සර්විස් යන ආයතන පිළිවෙලින් පළමු සහ දෙවන අනුශූරතා දිනා ගත්හ.

විශේෂිත කාණ්ඩ සඳහා ද විශිෂ්ටතා සම්මාන පිරිනැමිණ. එහිදී සන්දීව් ඔටෝ එන්ටප්‍රයිසස් විසින් රේඩියල් කාණ්ඩය දිනාගත් අතර U & H Wheel Service විසින් ට්‍රක් රථ හා සැහැල්ලු ට්‍රක් රථ කාණ්ඩ දෙකම ජයග්‍රහණය කළේ ය. මෙම සෑම සම්මානයකට ම විශිෂ්ට කාර්යසාධනය අගය කිරීම වෙනුවෙන් වූ කුසලාන, සහතික, මුදල් ත්‍යාග සහ තෑගි වවුචර ද පිරිනමන ලදී.

2025 දී බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය ලෙසත්, LMD විසින් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ජනාදරයට පත් ටයර් සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කරන ලද සියැට්, ශ්‍රී ලංකාවේ වැඩිම අලෙවියක් ඇති ටයර් සන්නාමය වන අතර වාර්ෂිකව ටයර් මිලියන 1.2 කට වඩා අලෙවි කරයි. සියැට් කැලණි වෙළඳපොළ නායකත්වයට පත්වීම තාක්ෂණය, නවෝත්පාදනය සහ ධාරිතාවය යන අංශවල තිරසාර ආයෝජන මගින් තහවුරු වේ. සමාගමේ නිෂ්පාදන මාලාව රේඩියල්  (මගී මෝටර් රථ, වෑන් සහ SUV), වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්), යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කෘෂිකාර්මික වාහන යන අංශ සඳහා වන ටයර ආවරණය කරයි.

සියැට් සමාගම ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන අතර එහි නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති  සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවන අතර, දේශීය ආර්ථිකයට අත්‍යවශ්‍ය දායකත්වයක් සපයන සහ ජාතියේ ප්‍රවාහන අංශයේ විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස එහි ස්ථානය ශක්තිමත් කර ඇත.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව