HUTCH සමාගම දෙවන වරටත් රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි.

Hutch Image (LBN)

HUTCH සමාගම, ප්‍රජාවේ යහපැවැත්ම සහ සමාජ වගකීම කෙරෙහි තම කැපවීම තහවුරු කරමින්, ජාතික රුධිර පාරවිලයන සේවය සමඟ එක්ව දෙවන වරටත් රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කළේය. මෙම වැඩසටහනට සමාගමේ සේවකයින්, පාර්ශවකරුවන් සහ මහජනතාව සහභාගී වූ අතර, සෑම පරිත්‍යාගශීලි අයකුටම සහයෝගී හා සුරක්ෂිත වාතාවරණයක් තුළ රුධිර පරිත්‍යාගය සඳහා අවස්ථාව හිමි විය.

ජාතික රුධිර සැපයුමට සහාය වීම පමණක් නොව, සමාජ වගකීමක් ඇති ක්‍රියාවකට ජනතාව සම්බන්ද කරගනිමින් රුධිරය පරිත්‍යාග කිරීමට දිරිගැන්වීම ද මෙම වැඩසටහනේ අරමුණක් විය. කාර්ය මණ්ඩලය සහ ජනතාව මෙම වැඩසටහන හා සම්බන්ද කරවීම තුළින් HUTCH සමාගම විසින් එකමුතුකම, සහවේදනය සහ පොදු අරමුණක් ප්‍රවර්ධනය කරන ලදී. මෙවැනි ක්‍රියාකාරකම් හරහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා HUTCH සමාගමෙහි ඇති කැපවීම පිළිබිඹු කරයි.
 



 

මෙම වැඩසටහන සම්බන්ධයෙන් HUTCH සමාගමේ අදහස වූයේ, එය හුදෙක් එක් රුධිර පරිත්‍යාග  කිරීමේ වැඩසටහනක්  පමණක් නොව ඉන් ඔබ්බට ගිය සමාජ සත්කාරයක් බවයි. එමෙන්ම එය සමාගම සතු සාමූහික වගකිම් පිළිබඳ සමාගම සතු විශ්වාසය විදහා දැක්වීමක් ද වේ. තවද සේවා ස්ථානය තුළ සහ පුළුල් ප්‍රජාව තුළ අවධානය සහ කැපවීම පිළිබඳ වූ සංස්කෘතියක් ගොඩනැගීම මෙම මුලපිරීමේ අරමුණ ද වේ. තවද මෙවැනි සමාජ සත්කාරක කාර්යයන් සඳහා සහාය දැක්වීමේදී සිය සේවකයින් සහ මහජනතාව දක්වන දායකත්වය සදහා සමාගම සිය කෘත්‍යතාව පළ කළේ ය.

සිය පළමු රුධිර පරිත්‍යාග වැඩසටහනේ සාර්ථකත්වය මත පදනම්ව, මේ වසරේදී තවත් මෙවැනිම මුලපිරීම් තුළින්  HUTCH සිය ප්‍රජා සහභාගීත්වය වැඩිදියුණු කරගැනීමට අඛණ්ඩව උත්සාහ කරයි. තවද ඔවුන් සමාජ වගකීම් ඉටුකරමින් මෙරට ප්‍රමුඛතම විදුලි සංදේශ සේවා සපයන්නෙකු ලෙස ජනතාවගේ හදවතට සමීප වෙමින් සිය පුරෝගාමී මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙනයයි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව