හේලීස් මොබිලිටි ශ්‍රී ලංකාවේ විද්‍යුත් (Electric) හා දෙමුහුන් (Hybrid) මෝටර් රථ වෙළඳපොළ වෙත පිවිසෙයි.

PR Image - Hayleys enters into ‘Mobility’ with exclusive OMODA & JAECOO EVs & Hybrids (LBN)

හේලීස් ෆෙන්ටන්ස් යටතේ නවතම ව්‍යාපාරික අංශයක් ලෙස පිහිටුවා ඇති හේලීස් මොබිලිටි, චීනයේ චෙරි ඔටෝමොබයිල් සමාගමේ ඉහළ තත්වයේ නව බලශක්ති වාහන (NEV) සන්නාමයක් වන OMODA සහ JAECOO සමඟින් සුවිශේෂී බෙදාහැරීමේ හවුල්කාරීත්වයක් හරහා ශ්‍රී ලංකාවේ විද්‍යුත් (Electric) හා දෙමුහුන් (Hybrid) මෝටර් රථ වෙළඳපොළට බෙදා හැරීමට පිවිස ඇත.

මෙම ගිවිසුම මඟින්, OMODA & JAECOO සන්නාමයේ ශ්‍රී ලංකාවේ පූර්ණ බලයලත් බෙදාහැරීමේ අයිතිය හේලීස් මොබිලිටි වෙත හිමි වේ. චෙරි සමාගම වසර 22කට අධික කාලයක් චීනයේ මගී ප්‍රවාහන මෝටර් රථ අපනයන අංශයේ ප්‍රමුඛයා වී ඇති අතර ගෝලීය මෝටර් රථ ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදකයකු ලෙස තම ස්ථාවරත්වය තහවුරු කරගත් සමාගමකි. මෙම සහයෝගීත්වයේ ගිවිසුම් කටයුතු චීනයේ වූහූ හි පිහිටි චෙරි සමාගමේ  මූලස්ථානයේදී සිදු කරන ලදි.

 



 

හේලීස් මොබිලිටි සමාගම ඉහළ තත්වයේ විද්‍යුත් මෝටර් රථ, දෙමුහුන් වාහන (Hybrid) සහ සාම්ප්‍රදායික මෝටර් රථ, නිරවුල් නියාමන නීති රීතීන් සහ කර්මාන්තශාලා සහතික ලත් සේවාවන් සමඟ මෙරටට හඳුන්වා දෙනු ලබයි. එසේම, StarCharge සමඟ ඇති හවුල්කාරිත්වය හරහා, විද්‍යුත් මෝටර් රථ භාවිතයේ ප්‍රධාන බාධාවක් වන ආරෝපණ පහසුකම් සඳහා, දිවයින පුරා වේගවත් ආරෝපණ ජාලයක් ඇති කිරීමට ද සැලසුම් කර තිබේ. තවද මෙය ශ්‍රී ලංකාවේ විද්‍යුත් මෝටර් රථ ක්ෂේත්‍රයට බලපැවැත්වෙන ප්‍රධාන බාධාවක් වන ආරෝපණ පහසුකම්වල හිඟකමට විසඳුමක් වේ.

ඒ අනුව තිරසාර නවෝත්පාදන ප්‍රමුඛ, පරිසර හිතකාමී සහ විශිෂ්ට ඉංජිනේරු තාක්ෂණයෙන් යුත්, ශ්‍රී ලංකාවේ අංක එකේ ලැයිස්තුගත සමාගමක් වන හේලීස් සමූහය, අනාගත ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රවාහන විසඳුම් වෙත යොමු වන ආකාරය මෙමඟින් පිළිබිඹු කරයි.

මෙම නවතම ප්‍රවේශ වීම ඔස්සේ පළමුවෙන්ම වෙළඳපොළ වෙත නිකුත් කරනු ලැබූ විද්‍යුත්( EV) සහ දෙමුහුමන් (Hybrid) වාහන මාදිලි සඳහා OMODA E5, JAECOO J6 සහ JAECOO J7 ඇතුළත් වන අතර සුඛෝපභෝගී, නාගරික සහ රළු, වැලි සහ මඩ මතුපිටක් සහිත(Off Road) මාර්ගයන්හිදී පවා උපරිම ධාවන අවශ්‍යතා සපුරාලීම සිදු කරයි. එමෙන්ම සේවා දිගුවක් ලෙස StarCharge සමාගම සමඟ එක්ව රටපුරා විද්‍යුත් මෝටර් රථ ආරෝපණ පහසුකම් ද ලබා දෙනු ඇත.

හේලීස් ෆෙන්ටන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා පැවසුවේ,

“අපි මුළු ශ්‍රී ලාංකීය ප්‍රජාවම සූර්ය බලශක්තිය භාවිතා කිරීම සඳහා මෙහෙයවනවා සේම විද්‍යුත් රථ වාහන සහ ආරෝපණ පහසුකම් සපයමින් තිරසාර ප්‍රවාහන විසඳුම් ලබා දීමට එක හා සමාන ලෙසින් කැපවී සිටිනවා.විද්‍යුත් රථ වාහන (EV) පාරිභෝගිකයින් බොහොමයක් වර්තමානයේදී මුහුණ දෙන සීමා සහිත පහසුකම් සඳහා අපි අනාගත අවශ්‍යතාවයන්ද සැලකිල්ලට ගනිමින් නවීන තාක්ෂණයෙන් යුතු දිගු කාලීන සේවාවන් සපයනු ලබනවා. එසේම අනාගත වෙළඳපොළ වෙත  උපායමාර්ගික සැලසුම්කරණය

හරහා,විද්‍යුත් වාහන අලෙවිකරණයේ සිට ආරෝපණය, අලෙවියෙන් පසු සේවාවන් දක්වාම සම්පූර්ණ වූ සේවා පද්ධතියක් ලබා දීමට ද සූදානම්. එසේම තිරසාර නවෝත්පාදනය අවශ්‍යතාවයක් බවට පත්ව ඇති කාලයකදී, නව විද්‍යුත්( EV) සහ දෙමුහුමන් (Hybrid) රථ වාහන සන්නාමයක් ශ්‍රී ලාංකීය දේශීය වෙළඳපොළ වෙත හඳුන්වාදීමට නායකත්වය ලබා දීමට ලැබීම ගැන ද අපි ආඩම්බරයට පත් වෙනවා.”

මෙම හවුල්කාරීත්වයට එක්වෙමින්, චෙරි ඔටෝමොබයිල් හි උප සභාපති චෙන් චුන්කිං පැවසුවේ,

හේලීස් මොබිලිටි සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අවස්ථාවන් පුළුල් කිරීමට උපායමාර්ගිකව සැලසුම් කර තියෙනවා. මෙම සහයෝගීතාවය ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ වෙළඳපොළ පැවැත්ම ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස අප සලකනවා. අපේ ප්‍රධාන ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) සඳහා ඉහළ යන ඉල්ලුමට සරිලන ගුණාත්මක සැපයුමක් ලබාදීමයි. එමඟින්, ඔවුන් ලෝක මට්ටමේ ගුණාත්මකභාවයකින් යුත්, තරඟකාරී සහ ගෝලීය වශයෙන් නම්දරා ඇති විද්‍යුත් වාහන රැසක් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා.

මීට සමගාමීව හේලීස් ෆෙන්ටන්ස් හි ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂිකා රොෂානි ධර්මරත්න මහත්මිය අදහස් දක්වමින් පැවසුවේ,

“වර්තමානයේ ජීවන රටාවට අනුගතවෙමින් බොහොමයක් වාහන පාරිභෝගිකයන් විද්‍යුත්(EV) සහ දෙමුහුමන් (Hybrid) රථ වාහන සඳහා ඉතාමත් උනන්දුවෙන් ආයෝජනය කරමින් සිටිනවා. OMODA සහ JAECOO සමඟින්, එම පාරිභෝගිකයින්ට බල සම්පන්න, තිරසාර සහ අනාගතයට සූදානම් නවීන තාක්ෂණයෙන් හෙබි රථ වාහන මිලදී ගැනීමට අවස්ථාව උදා වෙනවා. එපමණක් නොව, StarCharge සමඟ අපගේ සුවිශේෂී හවුල්කාරීත්වය හරහා අපගේ ගනුදෙනුකරුවන්ට ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක විශ්වාසදායක ලෙසින් සහ පහසුවෙන් තම විද්‍යුත් වාහන ආරෝපණය කර ගැනීමට හැකියාව ද ලබා දෙනවා.”යනුවෙනි.

විශ්වාසය, නවෝත්පාදනය සහ වගකිවයුතු නායකත්වය මත ගොඩනැගුණු දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන හේලීස් මොබිලිටි, ශ්‍රී ලාංකික රියැදුරන්ට විශ්වාසය සහතික කළ සහාය, නිරවුල් නියාමන නීති රීතීන් සහ හේලීස් සමූහයේ වගකීම් සහතිකය සමඟින් විශ්වාසදායක, අනාගතයට ගැළපෙන විද්‍යුත් හා දෙමුහුන් මෝටර් රථ අත්දැකීම අත්විඳීමට ආරාධනා කරයි.

වැඩි විස්තර සඳහා www.omodajaecoo.com වෙත පිවිසෙන්න.නැතිනම් 0112 222 222 යන දුරකතන අංකය ඔස්සේ හේලීස් මොබිලිටි කණ්ඩායම හා සම්බන්ධ වෙන්න.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව