
- ස්මාට් මෙවලම් කට්ටල ගලවා වෙනස් කිරීමේ හැකියාව
- ඉහළම මට්ටමේ ගේමින් හැකියාවන් ද සමඟින්
අගෝස්තු 2025, කොළඹ: Human Mobile Devices (HMD) සමාගම මඟින් මනා ක්‍රියාකාරීත්වය, නව විලාසිතාවට අනුකූල වීම, සහ මුදලට ලැබෙන වටිනාකම යන සියල්ලන්ගෙන්ම පිරිපුන් ස්මාට් ජංගම දුරකථනයක් ලෙසින් HMD Fusion 8/256 5G ස්මාට්ෆෝනය ශ්‍රී ලංකාවට හඳුන්වා දේ. HMD උපාංග පෙළින් හඳුන්වා දෙන සුවිශේෂී ස්මාට්ෆෝනයක් වන මෙය අති නවීන 5G හැකියාවන්ගෙන් යුතු වන අතර, මේ වන විට රට පුරා පැතිරෙන 5G ජාලය ඔස්සේ, ශීඝ්‍ර සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ හැකියාව පරිශීලකයින් හට ලබා දීමට නියමිතව තිබේ.
HMD Fusion උපාංගයේ ඇති ආකර්ෂණීය පෙනුමට අමතරව, එය සුපැහැදිලි බවකින් ඡායාරූප ගැනීම සඳහාම නිර්මාණය කර ඇති කැමරා පද්ධතියකින් ද යුක්ත වේ. මෙහි ඇති මෙගාපික්සල් 108 ක ද්විත්ව කැමරාවන්ගෙන් සමන්විත ප්‍රධාන කැමරා පද්ධතිය, ඔබට ඕනෑම අභියෝගාත්මක ආලෝක තත්වයක් යටතේ වුවද, සියුම් තොරතුරු පවා ග්‍රහණය කර ගනිමින් ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක් ඡායාරූපයට නගනු ඇත. එසේම, මෙගාපික්සල් 50 ක බලයකින් යුතු සෙල්ෆි කැමරාව, gesture controls හැකියාව සහ slow-motion හැකියාව වැනි ඉහළ මට්ටමේ විශේෂාංග ද සමගින්, සෙල්ෆි ඡායාරූප ගැනීමට හැකියාව ලබා දෙනු ඇත.
HMD Fusion ස්මාට්ෆෝනයේ ඇති අඟල් 6.56 ක HD+ HID තිරය, 90Hz ක refresh rate එකකින් යුක්ත වන අතර, එය ඔබට මෙම ස්මාට්ෆෝනය දෙස බැලීමත් ප්‍රියජනක අත්දැකීමක් බවට පත් කරනු ඇත. HMD Fusion ස්මාට්ෆෝනයේ තිරයේ ගුණාත්මක භාවය, වේගවත් වීඩියෝ ක්‍රීඩාවක තරගකාරීත්වය අත්විඳීමේ සිට, ඔබේ ප්‍රියතම අන්තර්ගතයන් බෙදා ගැනීම දක්වා සෑම ක්‍රියාකාරකමක්ම, සුමට සහ ආකර්ෂණීය අත්දැකීමක් බවට පත් කරනු ඇත.
16GB දක්වා වැඩි කළ හැකි 8GB RAM මතකයත්, තවත් 8GB දක්වා RAM මතකය තත්යාසන්නව පුළුල් කර ගැනීමේ හැකියාවත්, 256GB ප්‍රමාණයේ මතක ධාරිතාවත්, Qualcomm® SM4450, Snapdragon® 4 Gen 2 Octa-core ප්‍රොසෙසරයත් සමඟ, HMD Fusion ස්මාට්ෆෝනය සැබවින්ම බලසම්පන්න උපාංගයක් බවට පත් කර තිබේ. ඒ ඔස්සේ පරිශීලකයෙකුට වඩා හොඳ බහුකාර්ය හැකියාවන්, සුමට ක්රියාකාරීත්වයක්, දීර්ඝ වේලාවක වීඩියෝ ක්‍රීඩා හැකියාවන් මෙන්ම, ඔබේ සියලු වීඩියෝ ක්‍රීඩා ගබඩා කොට තබා ගැනීමේ පහසුකම ද ලැබෙනු ඇත. මෙම බහුකාර්ය ස්මාට්ෆෝන් උපාංගය 5000mAh ප්‍රමාණයේ බැටරියකින් බලගැන්වෙන අතර, ඒ ඔස්සේ දීර්ඝව ස්මාට්ෆෝනය භාවිතා කිරීමේ හැකියාව එයින් ලැබෙනු ඇත. මෙහි ආරෝපණ වාර 800 කට වැඩි ප්‍රමාණයක් ද තිබේ. එසේම, උපාංගය සමගම ලැබෙන 33W වේගවත් චාර්ජරයද සමඟින්, ඔබට දිනය පුරා සම්බන්ධතාවය පවත්වා ගනිමින් උපරිම ස්මාට් ජංගම දුරකථන අත්දැකීමක් ලැබෙනු ඇති බව HMD Fusion සහතික කර සිටී.

HMD Fusion ස්මාට්ෆෝනය සම්බන්ධයෙන්, HMD හි ඉන්දියාවේ සහ ආසියානු-පැසිෆික් කලාපයේ ප්‍රධාන විධායක නිලධාරී සහ උප සභාපති රවී කුන්වර් මෙසේ පවසන ලදී. “HMD Fusion ස්මාට්ෆෝනය නිර්මාණය කර ඇත්තේ, එක් උපාංගයක් ඔස්සේ ඉහළ ක්රියාකාරීත්වයක්, බාධාවකින් තොර සුමට ස්මාට්ෆෝන් අත්දැකීමක් සහ තිරසාර නව හැකියාවන් සොයන පාරිභෝගිකයින් සඳහාම වේ. අපි එය ‘සරලවම හුදෙක් ස්මාර්ට්ෆෝනයකට වඩා වැඩි යමක්’ ලෙස හඳුන්වන්නේ, එයට පහසුවෙන්ම ඔබේ ජීවන රටාව සමඟ අනුවර්තනය වීමේ හැකියාවක් පවතින බැවිනි. ඔබ gamer කෙනෙකු වුවත්, content creator කෙනෙකු වුවත්, HMD Fusion ඔබ සමඟින්ම කාලයේ තාලයට අනුව හැඩගසෙනු ඇති අතර, ඔබේ අවශ්‍යතාවයන්ට සහ ලැදියාවන්ට ගැලපෙන පරිදි එහි ‘ස්මාට් මෙවලම් කට්ටල’ මාරු කර ගැනීමේ හැකියාවද ඔබට ලැබී තිබේ. HMD සමාගම ලෙසට අපි, තාක්ෂණය මානවීකරණය කිරීම විශ්වාස කරන අතර, එය අපගේ ගමනයි.”
ඕනෑම තත්වයකට, ඕනෑම අවශ්‍යතාවයකට ගැලපෙන පරිදි ක්ෂණයකින් ගලවා මාරු කර, උපාංගයට නව හැකියාවන් ලබා දෙන ‘ස්මාට් මෙවලම් කට්ටල’ මාරු කිරීමට ඇති හැකියාව, HMD Fusion ස්මාට්ෆෝනය වෙනත් උපාංගයන්ගෙන් වෙන් කොට දක්වයි. නිදසුනක් ලෙසට, මෙහි ‘Gaming Outfit’ මෙවලම් කට්ටලය, වඩාත් ඉහළ මට්ටමේ වීඩියෝ ක්‍රීඩා පාලකයන් සමුදායක් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන mobile gaming ප්‍රජාව තුළ ඉහළටම පැමිණීම සඳහා පරිශීලකයෙකුට තිබෙන අවශ්‍යතාවයන්ට ආමන්ත්‍රණය කරනු ඇත. එසේම, ‘Flashy Outfit’ මෙවලම් කට්ටලය, තම ස්මාට්ෆෝනය පුද්ගලික විලාසිතාවේ ප්රකාශනයක් ලෙසින් සලකන පරිශීලකයෙකුට හොඳින්ම ගැලපෙනු ඇත. පරිපූර්ණ සෙල්ෆි අත්දැකීමක් සඳහා නිර්මාණය කර තිබෙන, අවශ්‍ය නොවන මොහොතක ස්මාට්ෆෝනයේ බඳ වෙත නවා තැබිය හැකි, වර්ණ ආලෝකයන්ගෙන් සමන්විත RGB LED ෆ්ලෑෂ් මුද්ද, ඔබගේ සිතැඟි පරිදි විවිධ වර්ණ සංයෝජන විකල්ප තෝරා ගැනීමේ හැකියාව ලබා දෙනු ඇත.
HMD Fusion 8/256 5G ස්මාට්ෆෝනය, රු. 62,990 ක මිලකට ශ්‍රී ලංකාව තුළ අලෙවි වේ. මෙම ස්මාට්ෆෝනය මිලදී ගන්නා පරිශීලකයෙකුට එම පැකේජයේ කොටසක් ලෙසින්, Jelly Case ආරක්ෂිත ආවරණයක් මෙන්ම, ‘Gaming Outfit’ සහ ‘Flashy Outfit’ මෙවලම් කට්ටල ද ලැබෙනු ඇත. ඒ අනුව, HMD Fusion 8/256 5G ස්මාට්ෆෝනය, ශ්‍රී ලංකා වෙළඳපොලේ ලබා ගත හැකි සැබවින්ම ආකර්ෂණීය ස්මාර්ට්ෆෝන් තෝරා ගැනීම බවට පත් වේ.
HMD හි නැගී එන ආසියා කලාපය සඳහා සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරන විවේක් කන්ඩෙල්වාල් මෙසේ පවසා සිටී. “නැගී එන ආසියානු කලාපය තුළ HMD සමාගමේ ව්‍යාප්තිය සඳහා, ශ්‍රී ලංකාව තීරණාත්මක වෙළඳපොළක් වී තිබෙනවා. විශේෂයෙන්ම, තාක්ෂණිකව දැනුමැති ජනප්රජාවක් සිටින ශ්‍රී ලංකාව තුළ නවෝත්පාදිත ජංගම දුරකථන විසඳුම් සඳහා අභිරුචියක් වර්ධනය වෙමින් පවතින බව පෙනී යනවා. HMD Fusion යනු, සාම්ප්‍රදායික සීමාවන් බිඳ දමා ස්මාට් උපාංග වෙත සුවිශේෂී වටිනාකමක් ලබා දීමට අප දක්වන කැපවීමේ පිළිබිඹුවයි. ස්මාට්ෆෝනයකට කෙතෙක් දුර යා හැකිද යන්න නවතාවයකින් අවබෝධ කර ගැනීමට මඟක් HMD Fusion විසින් හඳුන්වා දී තිබෙනවා.”
නවතම Android 14 මෙහෙයුම් පද්ධතිය මතින් ධාවනය වන HMD Fusion ස්මාට්ෆෝනය, පරිශීලකයින්ට බාධාවකින් තොරව, අවබෝධයෙන් යුතු, ආරක්ෂිත ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීම සඳහා නිර්මාණය වී තිබේ. මෙහි මෙහෙයුම් පද්ධතියට වසර 2 ක් දක්වා ප්‍රධාන යාවත්කාලීන කිරීම් මෙන්ම වසර 3 ක් යන තුරු ආරක්ෂක යාවත්කාලීන කිරීම් ලැබෙන්නට නියමිතව තිබෙන අතර, ඒ ඔස්සේ ඔබේ ස්මාට්ෆෝන් උපාංගය ඉදිරි වසර ගණනාවක් සඳහා ආරක්ෂිතව, ප්රශස්ත මට්ටමකින් භාවිතා කිරීමට හැකිවන බව පවතින බවට HMD සමාගම සහතික වේ.
HMD සමාගමේ දේශීය ප්‍රධානියා ලෙසට කටයුතු කරන ගයාන් විජේතිලක මෙසේ පැවසීය. “Gaming සඳහා ගැලපෙන උපාංගයක් සොයන, එසේම උසස් ක්රියාකාරීත්වයක් සහිත, තමන්ගේ පුද්ගලික කැමැත්තට අනුව වෙනස් කර ගැනීමට හැකියාව තිබෙන, පහසු මිලකට අලෙවි වන ස්මාට් උපාංගයක් සොයන ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට HMD Fusion 8/256 5G හොඳින්ම ගැලපෙන බව අපි විශ්වාස කරනවා. එසේම මෙම උපාංගය සමගින් විශේෂ දීමනාවක් ලෙසින් ලබා දෙන මෙවලම් කට්ටලද ඇතුළත් පැකේජය, පරිශීලක අභිමතය අනුව වෙනස් කර ගත හැකි ස්මාට් උපාංගයක් ලබා ගැනීමට ඇති අවශ්‍යතාවයට මනාව ගැලපෙනු ඇත. මෙහි ඇති 256GB මතක ධාරිතාව සහ 8GB+8GB RAM මතකය ද, ඊට අමතරව පරිශීලකයින්ගේ ආකර්ෂණයට හේතු වනු ඇති අතර, ඒ අනුව HMD Fusion උපාංගය ශ්‍රී ලංකා ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ අපේක්ෂාවන් නැවත අර්ථ දක්වනු ඇතැයි අපි විශ්වාස කරනවා. Qualcomm Snapdragon 4 Gen 2 චිප්සෙට් එකකින් සමන්විත HMD Fusion උපාංගය, ප්‍රබල ක්රියාකාරීත්වයක් සහිතව, අද දිනයේ ඉල්ලුම පවතින ආකාරයේ ජංගම දුරකථන අත්දැකීමක් ලබා දෙන්නට නියමිතයි.”
HMD Fusion ස්මාට්ෆෝනය, ශ්‍රී ලංකාවේ HMD වරලත් බෙදා හැරීමේ නියෝජිත Softlogic Communications හරහා, නැතිනම් ප්‍රධාන බලයලත් අලෙවි නියෝජිත අලෙවිසැල් හරහා දැන් ලබා ගත හැක.


