මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි 80 වැනි ශාඛාව නුවරඑළියේ දී විවෘත කරයි

Image 01 (45) (LBN)

ශ්‍රී ලංකාවේ මූල්‍ය උපදේශනය සහ මූල්‍ය සේවාවන් පුළුල් කිරීමේ අඛණ්ඩ උත්සහයේ තවත් එක් පියවරක් ලෙස මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් සිය 80 වැනි ශාඛාව පසුගියදා නුවරඑළියේදී විවෘත කරන ලදී.  මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් නුවරඑළිය ශාඛාව විවෘත කිරීම ආයතනයට ඉතාමත් වැදගත් සංධිස්ථානයක් වනුයේ, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි අනුබද්ධ සමාගමක් වන නුවරඑළියේ පිහිටා ඇති, සුප්‍රසිද්ධ ග්‍රෑන්ඩ් හෝටලය නිසාවෙනි.

 



 
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩාට්ජි මහතා, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලක්සඳ ගුණවර්ධන මහතා සහ කළමනාකරණ කණ්ඩායමේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් මෙම විවෘත කිරීමේ අවස්ථාව සමඟ එකතු වී සිටි අතර ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් කිහිප දෙනෙකු මෙන්ම  සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙම විවෘත කිරීමේ අවස්ථාවට  සහභාගී වූහ. මෙම අවස්ථාව සමඟ Grand Hotel හි නිලධාරීන් රාශියක් ද එකතු වී සිටි අතර ආයතන ද්විත්වය අතර සහයෝගීතාවය එමඟින් මැනවින් ඉස්මතු කළේය.

ප්‍රදේශවාසීන් මෙන්ම ව්‍යාපාර ප්‍රජාවේ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලීම සඳහා  ලීසිං, රන් ණය, ස්ථාවර තැන්පතු සහ ළමා ඉතිරිකිරීම් ඇතුළු විශ්වාසනීය මූල්‍ය සේවාවන් රැසක් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි නුවරඑළිය ශාඛාව ඔස්සේද පිරිනමා තිබේ.නවෝත්පාදනයන් සහ පාරිභෝගික වර්ධනය වෙනුවෙන්  ගොඩනගා ඇති ක්‍රමවේදයන් සමඟ  සමාගම සියලු  සමාජ මට්ටම් නියෝජනය කරන ප්‍රජාවන්ට පහසු මෙන්ම් විශ්වසනීය මූල්‍ය විසඳුම් පිරිනැමීමේ මෙහෙවරක නියැළී සිටියි.එමෙන්ම දිවයින පුරාම තම සේවා ජාලය  සමඟින් සිය සේවාවන් පුළුල් කිරීමට  ද සමාගම අපේක්ෂා කරයි.

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම සතු  උපායමාර්ගික වර්ධනය නුවරඑළිය ශාඛාව විවෘත කිරීම ඔස්සේ මැනවින් පිළිබිඹු වේ. එමෙන්ම එය මූල්‍ය සේවාවන් සවිබල ගැන්වීමට සහ  කලාපීය සංවර්ධනය වෙනුවෙන් ද ඉහළ දායකත්වය සපයන බැවින් ඒ හරහා ආශ්‍රිත සමාගම් අතර සම්බන්ධතාවය තවදුරටත් සවිමත් කරයි.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + seventeen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව