මෙල්වා සමාගම SLS 414 ප්‍රමිති සහතිකය සහිත වෙල්ඩින් කූරු වෙළෙඳපොළට හඳුන්වා දෙයි

IMAGE - 2 (LBN)

ශ්‍රී ලංකාවේ වානේ නිෂ්පාදකයන් අතර ප්‍රමුඛයා වන මෙල්වා සමාගම සිය නවතම නිෂ්පාදනය වන මෙල්වා වෙල්ඩින් කූරු පසුගියදා වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. SLS 414 ප්‍රමිති සහතිකය ලැබීමෙන් මෙම වෙල්ඩින් කූරුවල විශිෂ්ටත්වය, ගුණාත්මකභාවය හා ඉහළ ප්‍රමිතිය මනාව තහවුරු වේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 100%ක්ම දේශීයව නිපදවූ වෙල්ඩින් කූරක් වෙළෙඳෙපාළට හඳුන්වා දෙන්නේ මෙල්වා සමාගමයි. මෙම නව වෙල්ඩින් කූරු හදුන්වා දීමට සමගාමීව පෑස්සුම් ශිල්පීන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ජූනි 24 බලන්ගොඩදී පැවැත්විණි. ඊට සහභාගී වූ පෑස්සුම් ශිල්පීන්ට පළමු වරට මෙම නව වෙල්ඩින් කූරු භාවිත කිරීමට අවස්ථාව උදා කර දුන් අතර එම නිෂ්පාදනයට ඔවුන්ගෙන් ඉහළ ප්‍රතිචාර හිමි විය. භාවිතයේ පහසුව, ආරක්ෂාකාරීභාවය සහ ශක්තිමත්භාවය පිළිබඳව ධනාත්මක ප්‍රතිචාර රැසක් පෑස්සුම් ශිල්පීන්ගෙන් ඉදිරිපත් විය.

 



 

කම්බි සහ ගැල්වනයිස් තහඩු ඉතා ශක්තිමත්ව, දිගු කල් පැවැත්මක් සහිතව, ඉතා සුමට ලෙස පෑස්සීම‌ට පෑස්සුම් ශිල්පීන්ගේ ප්‍රමුඛ තේරීම බවට මෙම නව වෙල්ඩින් කූරු පත් වනු ඇති බව මෙල්වා සමාගමේ විශ්වාසයයි. ජාත්‍යන්තර ප්‍රමිති අනුව ගුණාත්මකභාවයෙන් ඉහළ අමුද්‍රව්‍ය යොදා ගෙන මෙම වෙල්ඩින් කූරු නිපදවන නිසා පරිපූර්ණ නිමාවකින් යුතු පෑස්සුමක් සඳහා මෙම නව නිෂ්පාදනය උපකාර වනු ඇත. පෑස්සුම් කර්මාන්තයේ නිරත වන පෑස්සුම් ශිල්පීන්ගේ ආරක්ෂාව සහ වෘත්තීය දියුණුව පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරන මෙල්වා සමාගම වැඩසටහන් රැසක් දියත් කර ඇත. වෙල්ඩින් ශිල්පීන් සඳහා පුහුණු වැඩමුළු සංවිධානය කිරීම, ඔවුන්ට වෘත්තීය මට්ටමේ පිළිගත් සහතික හිමි කර ගැනීමට අනුග්‍රහය දැක්වීම (ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය පිරිනමන NVQ තෙවැනි මට්ටමේ ජාතික සහතිකය), ආරක්ෂක උපකරණ සහ උපාංග පිරිනැමීම ඒ අතරින් ප්‍රධාන වේ. නිවැරැදි තාක්ෂණය යොදා ගනිමින් GI බට සහ Box Bar භාවිත කරන ආකාරය සහ ආරක්ෂිතව හා නිවැරැදිව පෑස්සුම් සිදු කරන ආකාරය පිළිබඳව පෑස්සුම් ශිල්පීන් පුහුණු කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ යහ පැවැත්මට ප්‍රබල දායකත්වයක් සපයයි.

Home  Facebook

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව