එමිරේට්ස් සෙවුම් දත්තවලට අනුව ශ්‍රී ලංකාව ගිම්හානයේ හොඳම ගමනාන්ත 3 අතරට

EK Boeing 777 - 300ER (LBN)

ජූලි සහ අගෝස්තු මාසවලදී විදේශීය සංචාර සඳහා තෝරා ගත් ජනප්‍රියතම ගමනාන්ත තුන අතර ශ්‍රී ලංකාව පැමිණ ඇති බව ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් හි නවතම ගුවන් ටිකට්පත් වෙන් කරවා ගැනීමේ දත්තවලින් සනාථ වී ඇත.

එමිරේට්ස් වාර්තා කරන පරිදි, ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකාව සඳහා සෙවීම් ප්‍රමාණය 32% කින් ඉහළ ගොස් ඇත. පොහොසත් සංස්කෘතික වටිනාකම්, පිරිසිදු වෙරළ තීරයන්, තේ වතු හා සාධාරණ මිලට ලබා ගත හැකි සුඛෝපභෝගී අත්දැකීම් සඳහා ශ්‍රී ලංකාව පැහැදිලිව ම ප්‍රියතම ගමනාන්තයක් බව ගුවන් සමාගම පවසයි.
 



 

මෙවර ගිම්හානයේ දී ජාත්‍යන්තර සංචාර තෝරා ගැනීම් ඉතා ඉහළ මට්ටමකට ළඟා වෙමින් ඇති අවස්ථාවක, ගුවන් ගමන් ප්‍රවේශපත්‍ර වෙන්කිරීමේ දත්ත හා ඒ සම්බන්ධ සෙවුම් රටා පිළිබඳ එමිරේට්ස් හි නවතම විශ්ලේෂණ ප්‍රතිඵල මගින් ජූලි සහ අගෝස්තු මාසවලදී සංචාරකයින් යාමට සිහින දකින ගමනාන්ත පිළිබඳ තොරතුරු හෙළි කර දෙයි. එමගින් පැහැදිලි වන පරිදි මේ දිනවල සංචරකයින්ගේ වැඩි නැඹුරුවක් ඇත්තේ නව සංස්කෘතික අත්දැකීම් සහ සාමාන්‍ය ගමන් මාර්ග වලින් බැහැර වූ නැවුම් ස්ථාන වෙතයි.

මෙවර ගිම්හානයේ සංචාර සඳහා ගුවන් ගමන් සෙවීම් පසුගිය වසරට සාපේක්ෂව 7% කින් ඉහළ ගොස් ඇත. වෙනත් රටවලට යන සංචාරවල සෙවීම් කැපී පෙනෙන ලෙස 35% කින් වැඩි වී ඇති අතර සෙවීම් අතින් පළමු තැන හිමිකරගත්තේ ප්‍රංශය වන අතර, දෙවන ස්ථානයේ අයර්ලන්තය, හා ඉන් පසු කැනඩාව හා සෞදි අරාබිය පිළිවෙළින් සිටිති.

ජර්මනිය හා එක්සත් අරාබි එමිර් රාජ්‍යය (UAE) වෙතින් ද විශාල සංචාරක ගමන් ඉල්ලුමක් නිරීක්ෂණය වේ.

මෙවර ගිම්හානයේ ගමනාන්ත අතරින් ඉහළම තෝරා ගැනීම ලෙස වියට්නාමය ඉදිරියට පැමිණ ඇත. එයට ඇති ඉල්ලුම 61%කින් ඉහළ ගොස් ඇත.

ඒ හා ආසන්න ඉල්ලුමක් ඇති මුරුසි දූපත් රාජ්‍යය තම සංචාරක ආකර්ෂණය තවදුරටත් පවත්වා ගෙන යන අතර, එම ගමනාන්තය සඳහා ගුවන් ගමන් සෙවීම්වල ප්‍රමාණය 41%කින් ඉහළ ගොස් ඇත. දිනපතා එමිරේට්ස් ගුවන් ගමන් හතරකින් සේවය ලබන ශ්‍රී ලංකාව සඳහා ගුවන් ගමන් සෙවීම්වල ප්‍රමාණය 32%කින් ඉහළ ගොස් ඇත.

ගෝලීය ගවේෂකයින්ගේ ජපානය කෙරෙහි ඇති ආකර්ෂණය තවදුරටත් එසේ ම පවතින අතර පසුගිය වසරට සාපේක්ෂව එහි ගුවන් ගමන් සෙවීම් ප්‍රතිශතය 28% කින් වර්ධනය වී ඇත.

සියයට 25 ක ශක්තිමත් වර්ධනයක් පෙන්වමින් හොඳම ගමනාන්ත පහ අතරට එක්වන ප්‍රංශය, සදාකාලික ව ම එහි පැවති ආකර්ෂණය එලෙස ම පවත්වා ගනී.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව