TikTok හරහා රසවත් ආහාර සංස්කෘතියක ශ්‍රී ලාංකේය උරුමයෙන් ලොවක් රස ගන්වන Ushani’s Kitchen Stories

Ushani image 4 (LBN)

ලෝකය තුළ ශ්‍රී ලංකාව බොහෝ දේ සඳහා උසුලන්නේ ඉමහත් ප්‍රසිද්ධියකි. අලංකාර වෙරල තීරය, මනස්කාන්ත කඳුකරය මෙන්ම කරුණාවන්ත මිනිසුන් ඒ අතර ඉහළින්ම කැපී පෙනේ. ඒ සියල්ලටම වඩා සුවිශේෂී වූ අනන්‍යතාවක් අප සතුය. ඒ අන් කිසිවක් නොව සියවස් ගණනාවක් පුරා පවත්වානෙ එනු ලබන අපගේ ආහාර සංස්කෘතියයි.

විටෙක සංස්කෘතික දායාදයක් ලෙසත් තවත් විටෙක පාරම්පරික හිමිකමක් ලෙසත් උරුමව පවතින ශ්‍රී ලාංකේය ආහාර සංස්කෘතිය නිර්මාණාත්මක අයුරින් ලොවට ගෙන යාමට Godamuna Ushani Devni කටයුතු කරමින් සිටින්නේ සුවහසක් රසිකයින් සමඟ සිය අත්දැකීම් බෙදා හදා ගනිමිනි. ඒ සඳහා ඇය භාවිත කරනු ලැබුවේ TikTok සමාජ මාධ්‍ය වේදිකාවයි. දේශීයත්වය තුළ වඩාත් කතාබහට ලක්වූ ආහාර කලාව තමන්ගේ සමාජ මාධ්‍ය තුලින් රසික රසිකාවියන් වෙත ගෙන යාමට කටයුතු කර ඇති ඇය ඒ පිළිබඳව තමන්ගේ දැනුම හා අදහස් බෙදාහදා ගැනීමට අමතක නොකරන්නේ එය තවත් කෙනෙකුට කදිම අත්දැකීමක් වනු ඇති බැවිනි. 



 

උශානිගේ මේ ගමන නිර්මාණකරුවකු වීමේ අරමුණකින් යුතුව ඇරඹුවක් නොවේ. එය සැබැවින්ම රසවත් ආහාර පිළිබඳව තමන්ගේ දැනුම, අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා ඇය ගත් උත්සාහයක් පමණකි. එහෙත් ඇය ඉදිරිපත් කරන ආකාරය හා ආහාරවල සුවිශේෂී බව මෙන්ම නිර්මාණාත්මක බව නිසාම එම වීඩියෝ අන්තර්ගතයන් බොහෝ දෙනා අතර බෙහෙවින් ජනප්‍රිය විය.

තම සහෝදරියගේ මඟ පෙන්වීම හා දිරිගැන්වීම තුලින් සිය ආහාර පිසීමේ හැකියාවන් ලොවට ගෙන යන්නට සමත් වූ ඇය ඇගේ පියාගේ අදහසක් වූ ‘ඔබට ලෝකයට අර්ථවත් දෙයක් කිරීමට අවශ්‍ය නම් නූතන ජීවිතය අනුව කටයුතු කරන්න. එහෙත් සම්ප්‍රදාය කිසි විටෙක අත නොහරින්න’ යන්න නිරන්තරයෙන් සිහි ගන්වන්නේ එය තම ගමනට කදිම ආශිර්වාදයක් වූ නිසාමය.

අතීතයට ගරු කරමින් වත්මන් සම්ප්‍රදායට හුරුවීමේ සමබරතාවය මෙම ආහාර නිර්මාණ වීඩියෝ තුලින් ප්‍රදර්ශනය කරන ඇය සම්ප්‍රදායික කෑම වර්ග නවතාවයකින් යුතුව ඉදිරිපත් කිරීමට කටයුතු කරයි.

අද වන විට රසිකයින් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්වන්නට ඇයට හැකිව තිබෙන්නේ TikTok සමාජ මාධ්‍ය වේදිකාව නිසාය. ඇය ඒ සම්බන්ධයෙන් පැවසුවේ මෙවැන්නකි “අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකාවන් හා සැසඳීමේදී නිර්මාණාත්මක අන්තර්ගයන් සඳහා සුවිසල් ඉඩකඩක් ලබා දෙන සමාජ මාධ්‍ය වේදිකාවක් ලෙස TikTok පෙන්වා දිය හැකියි. බොහෝ දෙනා එය ප්‍රයෝජනයක් නොමැති දෙයක් ලෙස සැලකුවද බුද්ධිමත්ව හා නිර්මාශීලීව එය භාවිත කිරීම තුලින් බොහෝ දේ උපයා ගැනීමට හැකියි”

ඇය වෙනත් නිර්මාණකරුවන් මෙන් නිර්මාණශීලීත්වය වෙනුවෙන් රඟපාන්නේ නැත. කෑ ගසන්නේද නැත. ඇය කරන්නේ ඇයට ගැලපෙන ලෙස ආහාර සකස් කිරීම පමණකි. ඇයගේ ජනප්‍රියත්වයට එය හොඳටම ප්‍රමාණවත්ය. එය ඇයට වේදිකාවක් පමණක් නොව පාලමක් බවට පත්ව ඇත.

“මගේ ඉවුම් පිහුම් තුලින් මානසික වශයෙන් පීඩාවට ලක්ව සිටින පුද්ගලයින්ට ධනාත්මක පණිවිඩයක් ලබා දෙමින් ඔවුන්ට සැහැල්ලු බවක් ලබා දීමට මම උත්සාහ කරනවා. ඒ නිසා බොහෝ දෙනා මට පුද්ගලිකව ස්තුති කිරීමටත් කටයුතු කරනවා” ඇය පවසයි.

මේ සියලු දේ උශානිට හිමිවන්නේ TikTok නිසාය. ආහාර රසය මෙන්ම ආදරය, ලෙන්ගතු බව බෙදාහදා ගනිමින් රසිකයින් අතර ජනප්‍රිය වන්නටත්, ප්‍රජාවට සිය සහයෝගය ලබා දීමටත් ඇයට හැකි වී ඇත්තේ මේ TikTok නිසාය. එය ඇයගේ මෙන්ම ඔබේද ජයග්‍රහණයේත්, සතුටේත් වේදිකාව වනු ඇත.

Home  Facebook 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව