සෙලාන් බැංකුව සම්බුදු තෙමගුල සමරයි

Seylan-Bank - Image (LBN)

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව විසින් පසුගියදා සම්බුදු තෙමගුල නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී. වාර්ෂික භක්ති ගීත ප්‍රසංගය සමගින් ආරම්භ වූ එම වැඩසටහන් මාලාව 2025 මැයි 09 දින සෙලාන් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. සෙලාන් බැංකුවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතීඥ බුවනෙක අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයට එම බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර මහතා, අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්, සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා සහ ගනුදෙනුකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.




මීට අමතරව 2025 මැයි 12 දින කොළඹ ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපයේදී පැවැත්වුණු භක්ති ගීත වැඩසටහනට සෙලාන් බැංකුවේ භක්ති ගීත කණ්ඩායමටද ආරාධනා ලැබුණු අතර, එහිදී එම කණ්ඩායම කන්කලු භක්ති ගීත සමගින් නරඹන්නන්ගේ සිත් පහන් කළහ. මීට සමගාමීව සෙලාන් බැංකුව විසින් එදින සිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී 9 වන වරටත් අයිස් ක්‍රීම් දන්සැලක් පවත්වන ලදී. මෙය වෙසක් අසිරිය නැරඹීමට යන කොයිකාගේත් විඩාව නිවීම සඳහා සෙලාන් බැංකුව දීර්ඝ කාලයක පටන් සිදුකරන මෙහෙවරකි.

Home  Facebook

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව