නිව් ඇන්තනීස් ෆීඩ්ස් NCQP 2025 හිදී ද්විත්ව රන් පදක්කම් දිනා ගනී

1- Team Change Makers (LBN)

ශ්‍රී ලංකා ගුණාත්මකභාවය සහ ඵලදායිතාව දියුණු කිරීම සඳහා වන සංගමය (SLAAQP) විසින් පසුගියදා  ගල්කිස්ස මවුන්ට් ලැවීනියා හෝටල් පරිශ්‍රයේදී 2025 ගුණාත්මකභාවය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සමුළුව (NCQP) පැවැත්වූ අතර එහිදී මෙහෙයුම් විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය සඳහා වූ නොසැලෙන කැපවීම පිළිබිඹු කරමින්, නිව් ඇන්තනීස් ෆීඩ්ස් ලිමිටඩ් රන් සම්මාන දෙකක් හිමි කරගන්නා ලදී.

මෙම ජාතික මට්ටමේ පිළිගැනීම, නිව් ඇන්තනි’ස් ෆීඩ්ස් සිය නිෂ්පාදන සහ තත්ත්ව සහතික ක්‍රියාවලීන් මඟින් වෙනසක් සිදුකිරීමට දරන නිර්භීත ප්‍රවේශය සනිටුහන් වෙයි. සමාගමට හරස් ක්‍රියාකාරී කණ්ඩායම් සහ තත්ත්ව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති වශයෙන් කාණ්ඩ දෙකකින් රන් සම්මාන හිමි විය. මෙම කාණ්ඩ ඉතා තරඟකාරී කාණ්ඩ දෙකක් වන අතර ඒවා සිහින් මෙහෙයුම්, අපද්‍රව්‍ය අඩු කිරීම සහ ක්‍රියාවලි විශිෂ්ටත්වය තුළ මැනිය හැකි ප්‍රගතියක් පෙන්නුම් කර ඇති සමාගම් හඳුනා ගනී.




“සීමාවන් ඔබ්බට: වෙළඳපල තරඟකාරිත්වය සඳහා ගුණාත්මකභාවය, ඵලදායිතාව සහ නවෝත්පාදනය” යන තේමාව යටතේ පැවති NCQP 2025 සඳහා, රට පුරා සමාගම් 70 කට වැඩි ගණනකින් කණ්ඩායම් 400 කට අධික සංඛ්‍යාවක් එක වී තිබුණි. ක්‍රියාවලි ප්‍රශස්තිකරණය, නවෝත්පාදනය සහ ඵලදායිතා වැඩිදියුණු කිරීම් සම්බන්ධයෙන් ඔවුන්ගේ ජයග්‍රහණ ප්‍රදර්ශනය කිරීම සඳහා සංවිධානවලට ගතික වේදිකාවක් මෙම සමුළුව සපයන ලදී.

“නිව් ඇන්තනීස් හි අපි කුකුළන් ඇති කරනවා පමණක් නොව, ප්‍රමිතීන් ඉහළ නංවන්නෙමු,” නිව් ඇන්තනීස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා පැවසීය. “මෙම ජයග්‍රහණ මගින් නවෝත්පාදනය, විද්‍යාව මෙහෙයවන හොඳම පිළිවෙත් සහ ශ්‍රී ලංකාව සහ ඉන් ඔබ්බට සෞඛ්‍ය සම්පන්න සහ තිරසර ආහාර පද්ධතියක් ගොඩනැගීමේදී හරස් විනය කණ්ඩායම් ක්‍රියාකාරිත්වයේ බලය කෙරෙහි අප දක්වන කැපවීම පිළිබිඹු වේ.”

මෙම ද්විත්ව රන් සම්මාන හිමකර ගැනීම හේතුවෙන්, නිව් ඇන්තනීස් ෆීඩ්ස් සමාගමට තායිවානයේ පැවැත්වෙන 2025 ජාත්‍යන්තර තත්ත්ව පාලන කව පිළිබඳ සම්මුතියේ (ICQCC) ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව හිමි වෙයි. එමඟින්, ඉහළ බලපෑමක් ඇති කරන ගුණාත්මක මුලපිරීම් සහ විද්‍යාත්මක දැඩි බව තුළින් දේශීය කෘෂි ආහාර කර්මාන්තය පරිවර්තනය කිරීම කෙරෙහි සමාගමේ වර්ධනය වන බලපෑම සහ නායකත්වය මනාව පිළිබිඹු වේ.

FSSC 22000, ISO 22000, සහ HACCP ඇතුළු විවිධ සහතිකකරණ රාමුවක සහාය ඇතිව, නිව් ඇන්තනීස්, ශ්‍රී ලංකාවේ කුකුළු පෝෂණය සහ ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් නැවත අර්ථකථනය කරමින් සිටී. ප්‍රතිජීවක-නිදහස්, හෝමෝන-නිදහස් සහ සදාචාරාත්මකව නිෂ්පාදනය කරන ලද කුකුළු මස් කෙරෙහි එහි අවධානය යොමු වන්නේ ආහාර විද්‍යාඥයින්, පෝෂණවේදීන් සහ ගුණාත්මක ඉංජිනේරුවන්ගෙන් සමන්විත බහුවිධ කණ්ඩායමක නිරවද්‍යතාවය, සැලකිල්ල සහ සහයෝගීතාවයෙන් නිර්මාණය කරන ලද ආහාර සමඟිනි.

වගකිවයුතු පෝෂණයක් සඳහා වන තම කැපවීම තවදුරටත් තහවුරු කරමින්, නිව් ඇන්තනීස් ෆීඩ්ස් තිරසර ලෙස මූලාශ්‍ර කරගත් එක්සත් ජනපද සෝයා එහි ආහාර සූත්‍රගත කිරීම්වලට ඒකාබද්ධ කරයි.එය දැඩි සොයාගැනීමේ හැකියාව, සත්‍යාපිත තිරසර ගොවිතැන් පිළිවෙත් සහ උසස් පෝෂක පැතිකඩ මගින් අනුබල දෙන උපායමාර්ගික තීරණයකි. දකුණු ආසියාවේ එක්සත් ජනපද සෝයා තෝරා ගත් පළමු සමාගම ලෙස, සමාගම තම කුකුළු ආහාරවල ගුණාත්මකභාවය වැඩි දියුණු කරනවා පමණක් නොව, දේශගුණික-ස්මාර්ට් කෘෂිකර්මාන්තය, පාංශු සෞඛ්‍යය සහ ජල භාවිත කාර්යක්ෂමතාව සඳහා ගෝලීය තිරසාර මිණුම් සලකුණු සමඟ සමපාත වේ.

නිව් ඇන්තෝනි’ස් ෆීඩ්ස් ලිමිටඩ් සිය සම්මානලාභී නවෝත්පාදනයන් ගෝලීය වේදිකාවේ ප්‍රදර්ශනය කිරීමට සූදානම් වන විට, සමාගම පළමු ධාන්‍ය නිෂ්පාදනයේ සිටම කුකුළු මස් හා ප්‍රෝටීන් නිෂ්පාදනය සඳහා ආරක්ෂිත, පිරිසිදු හා බුද්ධිමත් අනාගතයක් සඳහා පුරෝගාමී වීමට ඇති නොසැලෙන කැපවීම ශක්තිමත් කරයි. ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව, නිව් ඇන්තනීස් ෆීඩ්ස් තත්ත්ව කළමනාකරණ පද්ධති සඳහා ISO 9001:2015 සහ ආහාර සුරක්ෂිතතා කළමනාකරණය සඳහා ISO 22000:2018 සහතිකකර ඇති අතර, සැපයුම් දාමය පුරා විශිෂ්ටත්වය, සොයා ගැනීමේ හැකියාව සහ විනිවිදභාවය සඳහා එහි කැපවීම පෙන්නුම් කරයි. මෙම සහතික කිරීම් තිරසර ආහාර නිෂ්පාදනය සඳහා සමාගමේ සමස්ත ප්‍රවේශය සහ දේශීය හා ගෝලීය වශයෙන් කර්මාන්ත මිණුම් සලකුණු ඉහළ නැංවීමේ එහි කාර්යභාරය පිළිබිඹු කරයි.

 

Home  Facebook



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව