
ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන යටිතල පහසුකම් පිළිබඳ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රමුඛතම ඉංජිනේරු සේවා සපයන ආයතනයක් වන Hayleys Fentons විසින් පසුගියදා StarCharge විද්‍යුත් වාහන ආරෝපණ (EV Chargers) විසඳුම් නිල වශයෙන් දේශීය වෙළෙඳපොළ වෙත හඳුන්වාදෙන ලදී.
විද්‍යුත් වාහන ආරෝපණ තාක්ෂණයේ ප්‍රමුඛතම ගෝලීය සන්නාමයක් වන StarCharge Digital Energy Private Limited සමඟ පසුගිය වසරේ එළැඹි උපායමාර්ගික හවුල්කාරීත්වයෙන් පසුව මෙම හඳුන්වාදීම කොළඹ පිහිටි හේලීස් සමූහයේ ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි. Hayleys Fentons සමාගමේ තිරසාර ප්‍රවාහන විසඳුම් සඳහා විශේෂයෙන් ස්ථාපිත කළ අංශය වන Fentons Mobility හි සමාරම්භය ද මේ ඔස්සේ සනිටුහන් වීම සිදු විය. Hayleys PLC හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා, Hayleys PLC හි සමූහ විධායක අධ්‍යක්ෂක සරත් ගනේගොඩ මහතා, StarCharge Energy Pte. Ltd හි ජ්‍යෙෂ්ඨ උප සභාපති, දකුණු ආසියානු ව්‍යාපාර ප්‍රධානී ආචාර්ය චෙන්ග්ලින් වූ මහතා, StarCharge India Pvt. Ltd හි අධ්‍යක්ෂක, දේශීය ප්‍රධානී සුනිල් කුමාර් දෂෝරා මහතා, Hayleys Fentons Limited හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ Hayleys Fentons Limited හි ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂිකා රොෂානි ධර්මරත්න මහත්මිය ඇතුළු ප්‍රධාන ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටීම සුවිශේෂී අවස්ථාවක් විය.
ගෘහස්ථ, වාණිජ සහ රථ වාහන යෙදුම් සඳහා දේශීය වෙළෙඳපොළ වෙත නවීනතම EV ආරෝපණ විසඳුම් පිරිනමනු ලබන මෙම උපායමාර්ගික සහයෝගීතාවය හරහා ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහනය ක්ෂේත්‍රය වෙත ප්‍රවේශ වීම කෙරෙහි තීරණාත්මක ඉදිරි පියවරක් ද සනිටුහන් විය. මෙහි මිනිත්තු 30කට වඩා අඩු කාලයක් ඇතුළත ආරෝපණ වේගය 80%ක් දක්වා ළඟා වන බැවින් විද්‍යුත් රථ වාහන භාවිතයට යොමු වීම සඳහා වන ප්‍රධාන ගැටලුවක් වන (range anxiety) සඳහා සෘජුවම විසඳුමක් StarCharge වෙතින් ලබා දීම සිදු වේ. පාරිභෝගික ජනතාවට දැරීමට හැකි පිරිවැයක් යටතේ තිරසාර බලශක්තිය මෙමඟින් පිරිනමන අතර එය තිරසාර නගර, ප්‍රජාවන් සහ දේශගුණික ක්‍රියාකාරකම් ඇතුළු එක්සත් ජාතීන්ගේ ප්‍රධාන තිරසාර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම කෙරෙහි ද බෙහෙවින් දායක වේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් Hayleys PLC හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ශ්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ ප්‍රගතිශීලි සමාගම ලෙස Hayleys සමාගම අංශ 16ක් හරහා අඛණ්ඩව සිය සේවාවන් සපයමින් මෙරට ජන ජීවිතය නඟා සිටු වීම සඳහා දේශීය සංවර්ධන කටයුතු මෙහෙයවනු ලබනවා. LMD 100 ශ්‍රේණිගත කිරීමට අනුව අපි ලංකාවේ අංක එකේ ලැයිස්තුගත සමාගමයි. නවතම “Fentons Mobility” සන්නාමය යටතේ ආරම්භ කළ StarCharge හවුල්කාරීත්වය තුළින් අප සමාගමේ උපායමාර්ගික පාරිසරික,සමාජීය සහ පාලන (ESG) අභිලාෂයන් මැනවින් ප්‍රදර්ශනය වීමක්ද සිදු වෙනවා. එය අනාගතය සඳහා මැනවින් සූදානම් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අප දක්වන කැපවීම වඩාත් ශක්තිමත් කරනවා.”
Fentons Mobility විසින් 7kW සිට 720 kW දක්වා ධාරිතාවයකින් යුත් EV ආරෝපණ විසඳුම් සැපයීමට අපේක්ෂා කරයි. මෙහිදී ගෘහස්ථ, වාණිජ,පොදු සේවාවන් සහ වාහන අංගන සඳහා යෝග්‍යය වන ලෙස විවිධාකාර වූ අවශ්‍යතා සපුරාලිය හැකි පරිදි පරිමාණය කළ හැකි ඉහළ කාර්ය සාධනයක් සහිත යටිතල පහසුකම් සැපයීමටද අපේක්ෂා කරනු ලබයි.
- Artemis (7, 11, 22 kW AC) – ගෘහස්ථ කටයුතු සහ කුඩා ව්‍යාපාර වල භාවිතය සඳහා වඩාත් සුදුසුයි.
- Saturn (22 kW AC) – පොදු සේවාවන් සහ තනි ව්‍යාපාර ස්ථාන සඳහා යෝග්‍යය වේ.
- Venus (30 kW DC) – මධ්‍යම ප්‍රමාණයේ වාණිජ කටයුතු සඳහා වේගවත් ආරෝපණ පහසුකම් සපයයි.
- Jupiter (60 kW DC) – රථ වාහන සහ රථ වාහන අංගන සඳහා අධිවේගී ආරෝපණ පහසුකම් ලබාදෙයි.
මෙම සෑම විසඳුමක්ම බාධාවකින් තොරව පහසුවෙන් භාවිත කළ හැකි පරිදි සහ අවශ්‍යය පරිදි අනුගතවීමේ හැකියාව සහිතව නිර්මාණය කර ඇත. එසේම මෙමඟින් විදුලි ආරෝපණ විසඳුම් භාවිතයේ සහ ව්‍යාප්තියේ වේගවත් වර්ධනයක් සඳහා ශ්‍රී ලංකාවේ සූදානම ද සහතික කරනු ලබයි. මෙය භාවිතයට පහසු යෙදුමන් සහිත වන අතර එමඟින් ආරෝපණ දත්ත සජීවීව ලබා ගත හැකි අතර අන්තර්ජාල බැංකු ගෙවීම් ක්‍රමයකින්ද (payment gateway) සමන්විත වේ.
මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කරමින් Hayleys Fentons හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා මෙසේ සඳහන් කළේය. “ශ්‍රී ලංකාව වෙත වඩාත් ගැළපෙන විසඳුම් ලබා දීම සඳහා අපගේ හවුල්කාරී කැපවීම මෙම හඳුන්වාදීම ඔස්සේ මැනවින් ප්‍රදර්ශනය කරනවා. ලොව පුරා රටවල් 60කට අධික සංඛාවකගේ විශ්වාසය දිනා ඇති StarCharge EV Chargers මේ වන විට මිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් භාවිත කරනවා. Mercedes-Benz සහ Porsche වැනි ඉහළ පෙළේ ගෝලීය සන්නාමයන් සඳහාද විශ්වසනීය විසඳුම් ලෙස භාවිත කෙරෙන StarCharge ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අනාගතය සඳහා අවශ්‍ය තාක්ෂණික සූදානම සකස් කරනවා.”
StarCharge සමාගම විසින් පිහිටුවා ඇති ගෝලීය නිෂ්පාදන ජාලය ස්ථාවර සැපයුමන් සහ ප්‍රමාණීකරණය (Scalability) සුරක්ෂිත කිරීම සඳහා උපකාරී වේ. එය චීනය, වියට්නාමය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් තුළද ස්ථාපිත කර ඇත. මෙහි අවශ්‍යය පරිදි අනුගත වීමේ හැකියාව සහිත සහ වෙනස්වන ධාරිතාවය කළමනාකරණ කිරීමේ පහසුකම් සහිත යෙදුම් ඇති අතර එබැවින් එය දේශීය බලශක්ති අවශ්‍යතා සඳහා වඩාත් යෝග්‍ය වේ.
StarCharge India Pvt. Ltd හි අධ්‍යක්ෂක, දේශීය ප්‍රධානී සුනිල් කුමාර් දෂෝරා මහතා සිය අදහස් එකතු කළේ මෙසේය. “EV ආරෝපණ පහසුකම් පිළිබඳ අප සමාගම සතු විශේෂඥතාව සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ පිළිබඳ Hayleys Fentons ආයතනය සතු පුළුල් දැනුම මෙන්ම ඔවුන් ශ්‍රී ලංකාවේ බලශක්ති කළමනාකරණ තාක්ෂණය තුළ ගොඩනඟා ගෙන ඇති කීර්තිනාමය සමඟ මෙම හවුල්කාරීත්වය අනාගතය සඳහා සවිමත් පදනමක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා. පරිමාණය කිරීමේ හැකියාවෙන් යුතුව නිර්මාණය කර ඇති අපගේ EV Chargers දේශීය ජාල පද්ධති සමඟ පහසුවෙන් ඒකාබද්ධ වෙනවා. විද්‍යුත් වාහන පරිශීලකයන්ට මිනිත්තු කිහිපයක් ඇතුළත සිය රථවාහන බලගැන්වීමේ පහසුකම් StarCharge මඟින් ලබාදෙන අතර එය ඔවුන්ගේ දෛනික කටයුතු පහසුවෙන් කළමනාකරණය කර ගැනීමට ද ඉවහල් වෙනවා.”
Hayleys Fentons ආයතනයෙහි ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂිකා රොෂානි ධර්මරත්න මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළාය. “පිරිසිදු සහ තිරසාර ප්‍රවාහනය සඳහා තිබෙන ඉල්ලුම දිනෙන් දින වේගවත් වන විට පරිමාණය කළ හැකි යටිතල පහසුකම්, තාක්‍ෂණික හවුල්කාරිත්වයන් සහ දත්ත මත පදනම් වූ විසඳුම් හරහා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය ගොඩනැගීම සඳහා පවතින දැවැන්ත හැකියාව අපට හඳුනාගත හැකියි. මෙය විද්‍යුත් වාහන පරිශීලකයන්ට මෙන්ම ආයෝජකයන්ටද එකසේ වටිනා ආකර්ෂණීය අවස්ථාවක්. එමෙන්ම StarCharge යනු පරිපූර්ණ පරිසර පද්ධතියක් වන අතර ,එය විදුලි වාහන ආරෝපණය සඳහා අවශ්‍යය සියලුම දෑ එකම වේදිකාවකින් සපයයි. එමඟින් මෙය භාවිතා කරන්නන්ගේ කාලය ඉතිරි කරමින් රථ වාහන සඳහා සුරක්ෂිත බවක් සපයන අතර බාධාවකින් තොරව පහසු ආරෝපණ විසඳුම් පිරිනමනවා. එමෙන්ම ඉහළ වර්ධන හැකියාවක් සහිත වේගයෙන් ව්‍යාප්ත වන වෙළෙඳපොළ අවස්ථාවක් මෙමඟින් ආයෝජකයන්ට උදා වෙනවා.”
www.hayleysfentons.com වෙත පිවිසීමෙන් හෝ 0112 102 102 ඇමතීමෙන් ඔබට ගෘහස්ථ හෝ ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය StarCharge EV Charging විසඳුම් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.
Home Facebook