
බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සමරමින් සම්පත් බැංකුවේ බෞද්ධ සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘සම්පත් බොදු බැති ගී සරණිය’ මෙවරත් අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ රඳුන් අභියස දී වෙසක් පුර පසළොස්වක දා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
බුදුරදුන්ගේ උප්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය යන උතුම් අවස්ථාවන් සිහි කරමින් බුද්ධාලම්භන ප්‍රීතිය උදෙසා සංවිධානය කරනු ලැබූ මෙම බැති ගී ප්‍රසංගය සඳහා සම්පත් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය, සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී – ආයතනික බැංකුකරණය අමල් කිරිහේන මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී – මෙහෙයුම් සහ ශාඛා බැංකු කටයුතු දීපාල් ද සිල්වා මහතා ඇතුළු සම්පත් බැංකුවේ නියෝජිතයන් සහ බැතිමතුන් රැසක් සහභාගී වී සිටියහ.