Mercedes-Benz සේවා විශිෂ්ටතා කලාපීය සම්මානයෙන් පිදුම් ලබමින් DIMO මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ සිය අධිකාරිත්වය නැවත තහවුරු කරයි

Mercedes-Benz Service Excellence Regional Awards Ceremony (LBN)

ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO, අග්නිදිග ආසියා කලාපයෙහි අනෙකුත් බෙදාහැරීමේ නියෝජිතයන් අභිබවා යමින්, Mercedes-Benz සේවා විශිෂ්ටතා කලාපීය සම්මාන උලෙළේදී ‘General Distributor’ සම්මානය දිනාගනු ලැබීය.

වසර 85කට වැඩි කාලයක් මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය සමඟින් ලබාගත් මෙම ජයග්‍රහණය, Mercedes-Benz AG විසින් ස්ථාපිත කරන ලද ඉහළ ජාත්‍යන්තර  සේවා ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා DIMO හි කැපවීමෙහි තවත් එක් සන්ධිස්ථානයක් වේ. තවද සමාගමේ අලෙවියෙන් පසු සේවාවන්හි අඛණ්ඩ විශිෂ්ටත්වය ද මෙම සම්මානයෙන් මැනවින් තහවුරු වේ. එසේම මෙම අවස්ථාවේදී DIMOහි  Mercedes-Benz අලෙවියෙන් පසු සේවා  අංශයේ   අබිලාෂ් ශ්‍රීයන්කරන් ‘Top Service Adviser-Sri Lanka’ සම්මානයෙන් පිදුම් ලබන ලදී.
 



 

Mercedes-Benz AG විසින් පවත්වන සේවා ගුණාත්මක විගණනයන් මඟින් DIMO හි තාක්ෂණික දැනුම හා ජාත්‍යන්තර සේවා ප්‍රමිතීන්ට අනුකූලවීම තහවුරු කරන අතර, ස්වාධීන පාරිභෝගික සමීක්ෂණයක් හරහා ද ඉහළම පාරිභෝගික තෘප්තිය සහ පාරිභෝගික පක්ෂපාතීත්වය පවත්වා ගැනීම මඟින්  DIMO හි පාරිභෝගික අත්දැකීම් පිළිබඳ විශිෂ්ටතාවය විදහා දක්වයි.

මේ පිළිබඳව අදහස් දක්වමින්  DIMO හි Automotive Engineering Solutions හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා මෙසේ සඳහන් කළේය. “මෙම සම්මානයට නැවත පාත්‍ර වීම තුළින් ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මට්ටමේ Mercedes-Benz අලෙවියෙන් පසු සේවාවන් ලබා දීමට අප දක්වන කැපවීම පෙන්වා දෙනවා. නවීන තාක්ෂණයන් කෙරෙහි ආයෝජනය කිරීම, වාර්ෂික සේවා විගණනයන් සිදු කිරීම සහ පාරිභෝගික ප්‍රතිචාරයන් විශ්ලේෂණය කිරීම හරහා DIMO විසින් Mercedes-Benz AG හි දැඩි ජාත්‍යන්තර සේවා ප්‍රමිතීන් අනුගමනය කරන බවට තහවුරු කරනවා. Mercedes-Benz AG සහතික කළ අලුත්වැඩියා මාර්ගෝපදේශ, ක්‍රියාවලි, විශේෂ මෙවලම් සහ උපකරණ, මෘදුකාංග යාවත්කාලීන කිරීම් සහ Mercedes-Benz නියම අමතර කොටස් භාවිතය තුළින් අපගේ පාරිභෝගිකයන් අප කෙරෙහි පවතින විශ්වාසය තව තවත් වැඩි දියුණු වෙනවා. Mercedes-Benz AG ජාත්‍යන්තර තාක්ෂණික පුහුණුව සහ සහතික කිරීම් තුළින් අපගේ කාර්මිකයින් සහ සේවා උපදේශකයින්ගේ උසස්  තත්වයන් සහතික කරනවා. ”

වාහන ආනයනය නවතා දමා තිබු කාලවකවානුව තුළදී  DIMO සිය අලෙවියෙන් පසු සේවාවන් විශාල වශයෙන් පුළුල් කරනු ලැබුවේ Mercedes-Benz පාරිභෝගිකයන්ට වඩාත් හොඳ  සේවාවක් ලබා දීම සඳහාය. DIMO විසින් අලෙවියෙන් පසු සේවා සහ අලුත්වැඩියාවන් කෙරෙහි අවධානය යොමු කරන සුවිශේෂී පැකේජ දියත් කර ඇති අතර, Mercedes-Benz Flying Doctor වැඩසටහන වැනි අන්තර්ජාතික සේවාවන් සමඟින් පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයක් සහතික කරයි. තවද දෝෂ විනිශ්චය සඳහා තාක්ෂණයන් සහ උපකරණ කෙරෙහි ආයෝජනය කර ඇති අතර, නවීනතම පහසුකම් සමඟින් දෝෂ රහිත අලුත්වැඩියාවන් සහ නඩත්තු කිරීම සහතික කරයි.

පැය 24 පුරා ක්‍රියාත්මක මාර්ගස්ථ උපකාරක සේවාව සමස්ත සේවා අත්දැකීම තවදුරටත් වැඩිදියුණු කරන අතර Mercedes-Benz හිමිකරුවන්ට සුඛෝපභෝගී හා පහසු අත්දැකීමක් ලබා දෙයි.

Mercedes-Benz හි නිවහන වන DIMO මෝටර් රථ කර්මාන්තයේ සංවර්ධනයත් සමඟ සුඛෝපභෝගී මෝටර් රථ සේවා සඳහා නව ප්‍රමිතීන් ස්ථාපිත කිරීමට සූදානම් වන අතර, සෑම Mercedes-Benz හිමිකරුවෙකුටම සුවිශේෂී සේවාවක් සැපයීමට සැදී පැහැදී සිටියි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව