විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙල 2024 දී, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම විශිෂ්ටත්වයෙන් සම්මානයට පාත්‍ර වෙයි!

Allianz (LBN)

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම, පසුගිය අප්‍රේල් 10 වැනි දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවති විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙල (Great Managers Awards) 2024 දී, නැවත වාරයක් විශිෂ්ට කළමනාකරුවන් සිටින ආයතනයක් ලෙස සම්මානයට පාත්‍ර විය. මෙය, ශ්‍රී ලංකාව පුරා පිහිටි ආයතනවල ඇති නායකත්වයේ සහ පිරිස් කළමනාකරණයේ විශිෂ්ටත්වය හඳුනා ගෙන එය සම්මානයට පාත්‍ර කිරීම උදෙසා කොළඹ නායකත්ව පාසල (Colombo Leadership Academy) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන උත්සවයකි.
 



 

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම මෙවර මෙම සම්මානය ජයග්‍රහණය කළේ අඛණ්ඩව සත් වෙනි වරට වේ. එය අලියාන්ස් ලංකා සමාගමේ අඛණ්ඩ දියුණුව, පුද්ගලයින් සංවර්ධනය කිරීම සහ අනාගතය වෙනුවෙන් නායකයින් සූදානම් කිරීම සඳහා ගෙන ඇති පියවර සාර්ථක වී ඇති බවට කෙරෙන සංඥාවක් ලෙස ද සැලකිය හැකිය.

මෙම සම්මාන උළෙලේ දී විවිධ කාණ්ඩ ඔස්සේ ඔවුන් දැක්වූ විශිෂ්ටත්වය අගය කිරීමක් ලෙස, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් ලිමිටඩ් සමාගමේ විශිෂ්ට නායකයින් නව දෙනෙකු සම්මානයට පාත්‍ර වන ලදි. එහිදී, අනුරාධ සිරිවර්ධන (Driving Results & Execution Excellence), මලික් ද සිල්වා (Team Effectiveness & Collaboration), දෙව්දිනී දේවපුර (Leadership Integrality & Holistic Approach), හිරුණි අමරවීර (Millennial Manager), මොහොමඩ් ශම්ලි හනීෆ් (Leadership Integrality & Holistic Approach), කුසුම් තේනුවර (Aligning Organizational Vision), රවිඳු පෙරියප්පෙරුම (Team Effectiveness & Collaboration) සමාධි රත්නායක (Millennial Manager) සහ සඳුන් ද සිල්වා (Team Effectiveness & Collaboration) යන අය ඒ ඒ අදාළ කාණ්ඩවලින් සම්මානයට පාත්‍ර විය..

මෙම සම්මාන හරහා අලියාන්ස් ලංකා සමාගමේ අඛණ්ඩ දියුණුවට හා සාර්ථකත්වයට උර දුන් අය සහ ඔවුන්ගේ නායකත්වය වෙත වැඩි අවධානයක් යොමු වීම ද සිදු විය.

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් ජර්මනියේ මියුනිච් නගරයේ මූලස්ථානය පිහිටා ඇති රක්ෂණ සහ වත්කම් කළමනාකරණය තම ප්‍රධාන සේවාවන් කර ගත් Allianz SE නම් ගෝලීය මූල්‍ය සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව