ව්‍යවසායකයින් නඟා සිටුවීමට කොමර්ෂල් බැංකුවේ තුන්වන වෙළඳ ප්‍රදර්ශනය කොළඹදී

SME Trade Fair 2025 (LBN)

කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද වෙළඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SME) නියෝජනය කරමින් ව්‍යවසායකයින් 200 කට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවාවන් ප්‍රදර්ශනයට සහ අලෙවි කිරීමට මෑතකදී කොළඹදී එක්රැස් වූහ.

දින තුනක් පුරා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ‘නුගසෙවණ’ හි පැවති ප්‍රදර්ශනයෙහි විවිධ ව්‍යාපාර අංශවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල වෙළඳ කුටි ඇතුළත් විය. කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සහ ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය (NERDC) මෙම ප්‍රදර්ශනයේ දී ඔවුන්ගේම වෙළඳ කුටි ඉදිරිපත් කළ අතර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ රටේ කෘෂිකාර්මික අංශයට සේවාවන් සපයන ආයතන කිහිපයක් ද මීට සහභාගී විය.
 



 

බැංකුව විසින් පිහිටුවන ලද කර්මාන්ත උපකාරක කවුළුවක් හරහා බැංකුවේ නියෝජිතයින් මෙන්ම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), අපනයන සංවර්ධන මණ්ඩලය (IDB), ශ්‍රී ලංකා තිරසාර බලශක්ති අධිකාරිය (SLSEA) සහ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) වැනි රාජ්‍ය ආයතනවලින් ප්‍රදර්ශකයින්ට සහ අමුත්තන්ට උපදෙස් ලබා දීම සිදු කරන ලදි.

ව්‍යවසායකයින් නඟා සිටුවීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් මෙසේ සංවිධානය කරන ලද තුන්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙළඳ ප්‍රදර්ශනය මෙයයි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට බැංකුව ලබා දී ඇති වැදගත්කම සනිටුහන් කරමින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක වෙළඳ ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබුවේ කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා සහ ආයතනික කළමනාකාරිත්වයේ සාමාජිකයින් විසිනි. සම්භාවනීය පුද්ගලයින් සහ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් කිහිප දෙනෙක් ද මෙම වැඩසටහනට සහභාගී වූ අතර, ඔවුන් අතර IDB හි සභාපති රවී නිශ්ශංක මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චතුර ආරියදාස මහතා, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ප්‍රධාන දේශීය නිලධාරී වික්ටර් ඇන්තනිපිල්ලෙයි මහතා සහ ADB හි ජ්‍යෙෂ්ඨ මූල්‍ය විශේෂඥ මනෝහරි ගුණවර්ධන මහත්මිය ද වූහ. එමෙන් ම AIA හේලීස් සෝලා, හේලීස් ඇග්රිකල්චර් සහ ඩීමෝ ඇග්‍රි බිස්නස් යන ආයතනවල නියෝජිතයින් ද සහභාගී වූහ.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව