කොමර්ෂල් බැංකුව ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී ආයතනය’ ලෙස LMD වෙතින් නැවතත් පිදුම් ලබයි

Commercial-Bank

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව අඛණ්ඩව දෙවන වසරටත් 2024 දී ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී ආයතනය’ ලෙස LMD වෙතින් ශ්‍රේණිගත කර ඇත.

LMD සඟරාවට අනුව, එම සඟරාවේ පර්යේෂණ සහ සත්‍යාපන ක්‍රමවේදය සලකා බලන විට  කොමර්ෂල් බැංකුව සම්මාන 115ක් ලබා ගනිමින් මෙරට ආයතනික අංශයේ සම්මානලාභි දැවැන්තයින්ගේ ලැයිස්තුවේ ඉහළින් ම සිටියි.

“අපගේ පර්යේෂණ මගින් 2024 වසරේ සම්මානලාභී ආයතන 496ක්, හඳුනාගෙන ඇති අතර ඔවුන් ලබා ගෙන ඇති මුළු සම්මාන ගනන 2,831 කි. මෙය පෙර සංස්කරණයේ සඳහන් 227 ක ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකි,” යනුවෙන් LMD පැවසීය.
 



 
මෙම අධ්‍යනය සඳහා LMD හි 2024 විශේෂ සංස්කරණවල, එනම්  සම්මාන වල සවිස්තරාත්මක ලැයිස්තුවක් සම්පාදනය කිරීම ද සිදුකර ඇති අතර ඒ අතරට ‘බ්‍රෑන්ඩ්ස් ඇනුවල්’, වඩාත්ම ගෞරවනීය සමාගම්, (ආයතනික සන්තුෂ්ඨි දර්ශකය (CHI) සහ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන යනාදිය) සහ LMD 100 (2023/24) ශ්‍රේණිගත කිරීමෙහි සම්මාන දිනාගත් ආයතන සැලකිල්ලට ගන්නා ලදී.

මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ පැවසීය: “කොමර්ෂල් බැංකුව වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් බැංකුව වන අතර කාර්ය සාධනය, තිරසාරභාවය හා අනුකූලතාවය වෙනුවෙන් විවිධ අංශ වල දේශීය හා ජාත්‍යන්තර සම්මාන දිනාගෙන ඇත. මෙම සම්මාන සියල්ල කොමර්ෂල් බැංකු කණ්ඩායමට උපහාරයක් වන අතර අපගේ සේවාවන් හි ගුණාත්මකභාවය මෙන් ම සියලුම කොටස්කරුවන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීමට ද අප දක්වන කැපවීම පිළිබඳ හොඳ සාක්ෂියකි. කීර්තිමත් ආයතන වලින් ලැබෙන මෙවැනි සම්මාන හා ප්‍රශංසා ආයතනයක විශිෂ්ඨත්වය, අඛණ්ඩතාවය හා බලපෑම පිළිබඳ වූ තෙවන පාර්ශවීය සහතිකයක් ලෙස සැලකිය හැකි අතර එමගින් ආයතනයේ කීර්තිනාමය සැලකිය යුතු ලෙස ශක්තිමත් කළ හැකියි.”

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + 6 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව