නිල්වලා තේ කර්මාන්තශාලාව ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

NILWALA TEA FACTORY (LBN)

නිල්වලා තේ කර්මාන්තශාලා පෞද්ගලික සමාගම කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පිරිවැටුම් සන්නාමය (මධ්‍යම පරිමාණ) ලෙස සම්මාන ලැබුවේය. එස්. ඩබ්ලිව්. දහනායක මහතා ඇරැඹූ නිල්වලා තේ කර්මාන්තශාලාව ආරම්භයේ සිට මේ දක්වා පවුලේ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වේ. මේ වන විට දෙවන පරම්පරාව එහි නායකත්වය දරයි. ආයතනයේ වර්තමාන නායකත්වය කළමනාකරණ අධ්‍යක්ෂ කළණ දහනායක මහතා දරන අතර අධ්‍යක්ෂවරුන් ලෙස පවුලේ සාමාජිකයෝ කටයුතු කරති. නිර්මාතෘවරුන් අනුගමනය කළ සම්ප්‍රදායට සහ ප්‍රමිතිවලට අනුගත වෙමින් නවීන තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට එම ආයතනය කටයුතු  කරයි. වසර 50කට වැඩි ඉතිහාසයක් සහිත එම සමාගම වර්තමානයේදී මෙරට තේ නිෂ්පාදකයන් අතර ඉදිරියෙන්ම සිටියි.
 



 

නිල්වලා තේ කර්මාන්තශාලාව නිපදවන උසස් තත්ත්වයේ කළු තේ ප්‍රණීත රසයකින් හා ආකර්ෂණීය සුවඳකින් සමන්විතය. බොහෝ කර්මාන්තශාලා සංඛ්‍යාත්මක අගයට මුල් තැන දෙන නමුත් නිල්වලා තේ කර්මාන්තශාලාව ගුණාත්මකභාවයෙන් සපිරි තේ නිෂ්පාදනයට සහ සාධාරණ වෙළෙඳ පුරුදුවලට  ප්‍රමුඛතාව දෙමින් තේ දළු සැපයුම්කරුවන්ට තරගකාරී මිලක් ගෙවයි. සේවකයන් 100කට වැඩි ශ්‍රම බලකායක් සහිත කර්මාන්තශාලාවට තේ දළු සපයන පිරිස 1,500කට අධික වේ. නිල්වලා තේ නිෂ්පාදනයෙන් බහුතර කොටසක් කොළඹ තේ වෙන්දේසියේදී අලෙවි කරන අතර ඒ සඳහා ප්‍රධාන පෙළේ අපනයනකරුවන්ගෙන් ඇත්තේ විශාල ඉල්ලුමකි. එම ආයතනය HACCP, GMP, ISO 22000, ISO 14001 සහ ISO 50001 ඇතුළු දේශීය සහ විදේශීය තත්ත්ව සහතික රැසක් දිනා ඇත. මීට පෙරද ඔවුන්ට දෙස් විදෙස් සම්මාන රැසක් ලැබී තිබේ. ආයතනික සමාජ වගකීම ඉහළින් සළකන නිල්වලා තේ කර්මාන්තශාලාව සමාජ යහපත වෙනුවෙන්ද සුවිශාල මෙහෙවරක් ඉටු කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව