මෙරට සිසුන්ගේ උසස් අධ්‍යාපන සිහින සැබෑ කිරීමට අමානා බැංකුව වෙතින් නම්‍යශීලී මූල්‍ය පහසුකම්

Amãna Bank partners with Bristol Institute to Empower Students through flexible financing (LBN)

අමානා බැංකුව Bristol Institute of Business Management (BIBM) සමග එක් වී එම ආයතනයේ පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් අධ්‍යාපන මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. BIBM ආයතනය හරහා එක්සත් රාජධානියේ University of the West of England හි ප්‍රථම හා පශ්චාත් උපාධි පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකි වනු ඇත. මෙම සහනදායී මූල්‍ය පහසුකම්, සිය උසස් අධ්‍යාපන හා වෘත්තීය ඉලක්ක ළඟා කරගැනීමට උත්සාහ කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉමහත් සහනයක් වනු නිසැක ය.
 



 
මෙම හවුල්කාරීත්වය යටතේ Bristol Institute of Business Management ආයතනයේ MBA, MSc සහ LLM පාඨමාලා මෙන්ම ප්‍රථම උපාධි පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රු. මිලියන 5 ක් දක්වා මූල්‍ය පහසුකම් ලබාගත හැකි වේ. මේ සඳහා තරගකාරී වාරික සමගින් ආපසු ගෙවීම සඳහා වසර 5 ක් දක්වා කාලයක් හිමි වන අතර, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම දෙමාපියන් සමග එක් වී මෙම මූල්‍ය පහසුකම් සඳහා අයදුම් කළ හැක.

“Bristol Institute සමග එක් වී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිය අධ්‍යාපනික ඉලක්ක ළඟා කරගැනීමට අත්වැලක් වීමට හැකි වීම අපට මහත් සතුටක්. නම්‍යශීලී හා සහනදායී මූල්‍ය පහසුකම් ඔස්සේ ගුණාත්ම අධ්‍යාපනයක් ලබාගැනීමට අනාගත පරපුරේ වෘත්තිකයන්ට අවස්ථාව සලසා දීම සඳහා අප දක්වන උනන්දුව හා කැපවීම මෙමගින් මනාව තහවුරු වේ.” අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ හා අලෙවිකරණ) සිද්දීක් අක්බාර් මහතා පැවසී ය.

“අමානා බැංකුව සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, අපගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආර්ථික පීඩනයකින් තොරව අධ්‍යාපන කටයුතු කෙරෙහි අවධානය යොමුකිරීමට ලැබුණු අගනා අවස්ථාවක් ලෙස අප දකිනවා. එමෙන්ම එය අධ්‍යාපනික හා වෘත්තීය සාර්ථකත්වය වෙනුවෙන් නව මාවත් නිර්මාණය කිරීම සඳහා අප දක්වන උනන්දුවට මනා සාක්ෂියක්.” Bristol Institute of Business Management හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඩිල්ශාඩ් ජිෆ්රි මහතා පැවසී ය.

ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සුදුසුකම් හිමිකර ගනිමින් තම වෘත්තීය ජීවිතයේ ඉදිරියට යාමට කැමති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් වෘත්තිකයන්ටත් මෙම සුවිශේෂී අධ්‍යාපන මූල්‍ය පහසුකම අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත. අමානා බැංකුවේ මාර්ගගත මූල්‍ය පහසුකම් පිළිබඳ (https://www.amanabank.lk/personal/financial-support/education-finance.html) වෙත පිවිසීමෙන් ගනුදෙනුකරුවන්ට මේ සඳහා ඉතාමත් පහසුවෙන් අයදුම් කළ හැකි වේ. අමානා බැංකුවේ ශාඛා හෝ BIBM ආයතනය වෙත පැමිණීමෙන්ද වැඩිදුර තොරතුරු ලබාගත හැක.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව