
අදානි ව්‍යාපාර සමූහය 2020 සිට 2022 දක්වා ඉහළ ප්‍රාග්ධන වියදම් සහිත මූල්‍ය වර්ෂයන්ට සමානව දැවැන්ත ප්‍රාග්ධන ආයෝජනයේ නව අදියරකට පිවිසෙයි.
සංස්කාරක සාරාංශය
- අදානි සමාගමේ ගෙවුණු මාස දොළහක (TTM) සමස්ත ව්‍යාපාර ලාභාංශ (EBITDA) ප්‍රමාණය ඉන්දියානු කෝටි 86,789ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 10.1%ක වර්ධනයකි
- මූලික යටිතල පහසුකම් ව්‍යාපාර (උපයෝගිතා, ප්‍රවාහන සහ Adani Enterprises Ltd යටතේ මූලික සංවර්ධනයන් සිදු කළ නව යටිතල පහසුකම් ව්‍යාපාර) තුළින් 84%ක දායකත්වයක්
- ඉදිරි මාස 12ක කාලය සඳහා ණය කළමනාකරණයට ප්‍රමාණවත් ද්‍රවශීලකතාවයක්
- 2024 සැප්තැම්බර් 30 වන විට: i) මෙහෙයුම් සඳහා අරමුදල් හෝ බදු ඉවත් කළ පසු මුදල ඉන්දියානු රු. කෝටි 58,908 ii) වත්කම්වල වටිනාකම ඉන්දියානු රු. කෝටි 5.53 සහ iii) ශුද්ධ ණය සඳහා සමස්ත ව්‍යාපාර ලාභාංශය 2.46x
අහමදාබාද්, 2025 පෙබරවාරි 20: විනිවිදභාවය සඳහා නිරන්තරයෙන් කැපවූ, ඉන්දියාවේ විශාලතම යටිතල පහසුකම් සම්පාදකයා වන අදානි සමූහය, අද දින එහි ව්‍යාපාර සමූහයේ 2025 වසරේ 3වන කාර්තුවේ සහ පසුගිය මාස 12ට (TTM) අදාළ මූල්‍ය සහ ණය වාර්තා ඉදිරිපත් කළේය.
අදානි ව්‍යාපාර සමූහය දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා ඉහළම ප්‍රාග්ධන වියදම් සමඟ ශක්තිමත් මූල්‍ය ගැලීම් උත්පාදනයක් වාර්තා කරන්නට සමත්ව ඇත. මෙම ජයග්‍රහණය, සමාගම් සමූහය ගෝලීය වශයෙන් ඒ ඒ ක්ෂේත්‍රයන් තුළ ප්‍රමුඛස්ථානයට ඔසවා තබන්නට හේතුවක් වනු නොඅනුමානය.
අදානි ව්‍යාපාර සමූහය – මූල්‍ය කාර්යසාධනය (EBITDA ඉන්දියානු රු. කෝටි)
අංශය | 25-3වන කාර්තුව | 24-3වන කාර්තුව | වාර්ෂික වර්ධනය | 24 දෙසැ TTM | 23 දෙසැ TTM | වාර්ෂික වර්ධනය |
උපයෝගිතා* | 10,429 | 9,272 | 12.5% | 42,509* | 41,452* | 2.6% |
ප්‍රවාහන | 5,077 | 4,595 | 10.5% | 19,327 | 16,550 | 16.8% |
AEL – යටිතල පහසුකම් ව්‍යාපාර | 2,818 | 1,936 | 45.6% | 10,959 | 8,222 | 33.3% |
A. උප එකතුව (යටිතල පහසුකම්) | 18,324 | 15,803 | 16.0% | 72,795 | 66,224 | 10.0% |
B. අමතර අංශ (සිමෙන්ති) | 3,074 | 1,936 | 58.8% | 8,129 | 7,181 | 13.2% |
උප එකතුව (යටිතල+අමතර) | 21,398 | 17,739 | 20.6% | 80,924 | 73,405 | 10.2% |
C. AEL- දැනට පවත්නා ව්‍යාපාර | 1,425 | 1,735 | (17.9%) | 5,865 | 6,434 | 7.9% |
ව්‍යාපාර සමූහයේ EBITDA (A+B+C) | 22,823 | 19,474 | 17.2% | 86,789 | 78,839 | 10.1% |
(උපයෝගිතා : Adani Power + Adani Green Energy + Adani Total Gas + Adani Energy Solutions | ප්‍රවාහන : Adani Ports & SEZ | AEL: Adani Enterprises)
*උපයෝගිතා අංශය : පෙර කාලපරිච්ඡේදයේ ආදායම් සඳහා දෙසැම්බර් 24 TTM කාලපරිච්ඡේදයේ ඉන්දියානු රු. කෝටි 2,514 සහ 2023 දෙසැම්බර් TTM හි ඉන්දියානු රු. කෝටි 9,359ක ආදායම ඇතුළත් වේ.
EBITDA: බදු ඉවත් කළ පසු ලාභාංශය (PAT) + හවුල් ව්‍යාපාර (JV) ලාභාංශ + බදු + කල් දැමූ බදු + ක්ෂයවීම් + මූල්‍ය පිරිවැය + විදේශ විනිමය අලාභය / (ලාභය) + සුවිශේෂී අයිතම.
සමාගම් අනුව මූල්‍ය කාර්යසාධනය (EBITDA ඉන්දියානු රු. කෝටි)
අංශය | 25-3වන කාර්තුව | 24-3වන කාර්තුව | වාර්ෂික වර්ධනය | 24 දෙසැ TTM | 23 දෙසැ TTM | වාර්ෂික වර්ධනය |
මූලික ව්‍යාපාර | ||||||
Adani Enterprises1 | 4,243 | 3,670 | 15.6% | 16,824 | 13,656 | 23.2% |
උපයායෝගා | ||||||
Adani Green Energy | 2,247 | 1,765 | 1.0% | 9,964 | 7,924 | 10.1% |
Adani Energy Solutions | 1,831 | 1,732 | 5.7% | 7,255 | 6,261 | 15.9% |
Adani Power2 | 6,078 | 5,009 | 21.4% | 24,084 | 24,085 | (4.0%) |
Adani Total Gas | 273 | 306 | (10.8%) | 1,206 | 1,057 | 14.1% |
ප්‍රවාහන | ||||||
Adani Ports & SEZ | 5,077 | 4,595 | 10.5% | 19,327 | 16,550 | 16.8% |
අමතර අංශ | ||||||
Adani Cement | 3,074 | 1,936 | 58.8% | 8,129 | 7,181 | 13.2% |
Adani ව්‍යාපාර සමූහය | 22,823 | 19,474 | 17.2% | 86,789 | 78,839 | 10.1% |
- AEL හි නැගී එන යටිතල පහසුකම් ව්‍යාපාර මෙන්ම ඒකාබද්ධ සම්පත් කළමනාකරණය, පතල් කැණීම් සහ පතල් සේවා යටතේ පවතින ව්‍යාපාර ද මීට ඇතුළත් වේ.
- APL හි දෙසැම්බර් 24 TTM කාලපරිච්ඡේදයේ ඉන්දියානු රු. කෝටි 2,514 සඳහා පෙර කාලපරිච්ඡේද ආදායම සහ දෙසැම්බර් 23 TTM හි ඉන්දියානු රු. කෝටි 9,359ක ආදායම ඇතුළත් වේ.
’24 දෙසැම්බර් TTM සහ ‘25 තුන්වන කාර්තුවේ කාර්යසාධනයේ විශේෂතා
- ගෙවුණු මාස 12ක කාලයේ (TTM), සමස්ත ව්‍යාපාර සමූහයේ වාර්ෂික ලාභාංශ 10.1%කින් වර්ධනය වෙමින් ඉන්දියානු රු. කෝටි 86,789ක සර්වකාලීන ඉහළම අගයක් වර්තා කළේය. 25 වසරේ තෙවැනි කාර්තුවේ සමස්ත ව්‍යාපාර ලාභාංශය 17.2%කින් එනම්, ඉන්දියානු රු. කෝටි 22,823ක අගයකින් වර්ධනය විය.
- ඉහළ ස්ථාවරත්වයක් සහිත ‘මූලික යටිතල පහසුකම්’ ව්‍යාපාර සමූහය මඟින්, සමස්ත EBITDA සඳහා 84%ක ශක්තිමත් දායකත්වයක් ලබා දී ඇත. මෙම ‘මූලික යටිතල පහසුකම්’ ක්ෂේත්‍රයට AEL හි මූලික යටිතල පහසුකම් ව්‍යාපාර, උපයෝගිතා (Adani Green Energy, Adani Power, Adani Energy Solutions, සහ Adani Total Gas) සහ ප්‍රවාහන (Adani Ports & SEZ) ව්‍යාපාර ඇතුළත් වේ.
- ණය පැතිකඩ සම්බන්ධයෙන් ද සැලකිය යුතු සන්ධිස්ථානයක් වෙත ළඟා වන්නට සමූහයට හැකි වී ඇති අතර, EBITDA දළ අගයෙන් 75%ක් ජනනය වී ඇත්තේ ‘AA-’ සහ ඊට වැඩි දේශීය ශ්‍රේණිගත කිරීම් සහිත වත්කම්වලිනි.
- අදානි සමාගම් අතරින් මූලික යටිතල පහසුකම් ව්‍යාපාර (ANIL, ගුවන්තොටුපොළ සහ මාර්ග) ඉහළ වර්ධනයන් පෙන්නුම් කරන අතර අතර 2025 මූල්‍ය වර්ෂයේ තුන්වන කාර්තුවේදී 6%ක වාර්ෂික EBITDA වර්ධනයක් සහ TTM හි 33.3%ක වාර්ෂික EBITDA වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව ඇත.
- අවම වශයෙන් ඉදිරි මාස 12 සඳහා ණය අවශ්‍යතා ආවරණය කිරීම සඳහා සමාගම් සමූහයටම ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් ඇත.
- 2024 සැප්තැම්බර් 30 වන දින වන විට, අදානි සමාගම් සමූහය සතුව ඉන්දියානු රු. කෝටි 53,024ක මුදල් ශේෂයක් තිබූ අතර එය දළ ණයෙන් 5%කි.
- මෙම පුළුල් වන මූල්‍ය ගැලීම් රටාව සමාගමේ සර්වකාලීන ණය අවම මට්ටමක තබා ගනිමින් ස්ථාවර ආයෝජන සඳහා වැඩි හැකියාවක් උදා කර දී ඇත. 2024 සැප්තැම්බර් 30 වන දිනට:
- FFO හෝ බදු ගෙවීමෙන් පසු මුදල් අගය, පසුගිය මාස දොළහ සඳහා ඉන්දියානු රු. කෝටි 58,908ක් විය.
- වත්කම් පදනම ඉන්දියානු රු. කෝටි 53ක් වූ අතර එය 2024 මූල්‍ය වර්ෂය අවසානයේ පැවති මුදලට වඩා ඉන්දියානු රු. කෝටි 75,277ක වැඩි වීමකි.
- EBITDA හි ශුද්ධ ණය අනුපාතය 46x කි. (ලාභයට සාපේක්ෂව ණය කළමනාකරණ හැකියාව).
සමාගම් වශයෙන් ’25 පළමු මාස 9 විශේෂතා
Adani Enterprises Ltd
- QIP හරහා ඉන්දියානු රු. කෝටි 4,200 (USD මිලියන 500)ක් රැස් කළේය.
- Adani New Industries Ltd (ANIL): සූර්ය මොඩියුල අලෙවිය වසරින් වසර 74%කින් එනම්, මෙගාවොට් 3,273ක් දක්වා ඉහළ ගියේය.
- ගුවන්තොටුපළ – ගුවන් මගීන් ප්‍රමාණය 7%කින් එනම්, මිලියන 7ක් දක්වා ඉහළ ගොස් ඇති අතර භාණ්ඩ ප්‍රවාහනය වසරින් වසර 11%කින් එනම්, මෙට්‍රික්ටොන් 0.82ක් දක්වා ඉහළ ගොස් ඇත.
- දත්ත මධ්‍යස්ථාන: මෙගාවොට් 6ක ධාරිතාවක් සහිත හයිද්‍රාබාද් අදියර 1 දැන් ක්‍රියාත්මක වේ. නොයිඩා (50 MW) සහ හයිද්‍රාබාද් (48 MW) ව්‍යාපෘති 95%කට වඩා සම්පූර්ණ කර ඇත.
- මාර්ග: ඉදිකිරීම් යටතේ පවතින ව්‍යාපෘති 8න් 7ක්ම මේ වන විට 60%කට වඩා සම්පූර්ණ කර අවසන්ය.
Adani Green Energy Ltd
- මෙහෙයුම් ධාරිතාව වසරින් වසර 37% කින් වැඩි වී ගිගාවොට් 6 දක්වා ඉහළ ගියේය.
- වසර 25ක් සඳහා ගිගාවොට් 5ක සූර්ය බලශක්තියක් සැපයීම සඳහා MSEDCL සමඟ ගිවිසුම් අත්සන් කරන ලදී.
Adani Energy Solutions Ltd
- QIP හරහා ඇමරිකානු ඩොලර් බිලියන 1ක් උපයා ඇති අතර Adani Dahanu Thermal මඟින් මෙගාවොට් 500ක අලෙවියක් සිදු කරන ලදී.
- නව සම්ප්‍රේෂණ ව්‍යාපෘති පහක් දිනා ගන්නා ලදී – ගුජරාටයේ ජම්නගර් NES, නවිනල් (මුන්ද්‍රා) හි NES, කව්ඩා අදියර IVA, කව්ඩා අදියර IV කොටස-D, රාජස්ථාන් අදියර III කොටස-I (භද්ලා – ෆතේපූර් HVDC).
- ඉන්දියානු රු. කෝටි 54,700ක සම්ප්‍රේෂණ ව්‍යාපෘති නල මාර්ගයක් ඉදිවෙමින් පවතින අතර එය 2024 මූල්‍ය වර්ෂය අවසානයේ සිට 3 ගුණයකි
Adani Power Ltd
- ’25 මූල්‍ය වර්ෂයේ පළමු මාස 9 සඳහා ඒකාබද්ධ PLF අගය 69%ක් වූ අතර එය 24 වසරේ 62%ක් විය
- ’25 මූල්‍ය වර්ෂයේ පළමු මාස 9 විකුණුම් වසරින් වසර 22%කින් එනම්, BU 69.5 දක්වා ඉහළ ගියේය
Adani Total Gas Ltd
- ’25 මූල්‍ය වර්ෂයේ පළමු මාස 9 තුළ නව සංගෘහිත ස්වාභාවික ගෑස් (CNG) මධ්‍යස්ථාන 58ක් එක් කිරීමෙන් මුළු CNG මධ්‍යස්ථාන ගණන 605 දක්වා ඉහළ ගියේය; CNG පරිමාව වසරින් වසර 19%කින් වැඩි විය
- නල මාර්ග මඟින් ස්වභාවික ගෑස් (PNG) පරිභෝජනය කරන නිවාස ලක්ෂ 22 දක්වා වැඩි වූ අතර වාණිජ හා කාර්මික සම්බන්ධතා අතර PNG භාවිතය 8,913 දක්වා වැඩි විය; PNG පරිමාව වසරින් වසර 8% කින් වැඩි විය
- ප්‍රාන්ත 26 / එක්සත් ප්‍රාන්ත සහ නගර 226ක ස්ථාපිත EV ආරෝපණ මධ්‍යස්ථාන 1,914ක් ඇත.
Adani Ports & SEZ Ltd
- බහාලුම් පරිමාවන් මත පදනම් වූ වර්ධනයක් ලෙස පරිමාව 7%කින් වර්ධනය වී මෙට්‍රික්ටොන් 332 දක්වා ඉහළ ගියේය. බහාලුම් පරිමාවන් වසරින් වසර 19%කින් වැඩි විය.
- භාණ්ඩ ප්‍රවාහන අංශය විසින් හසුරුවන ලද බහාලුම් පරිමාවන් මිලියන 48 TEU (වසරින් වසර 9%කින් ඉහළට), සහ තොග භාණ්ඩ ප්‍රවාහනය මෙට්‍රික්ටොන් 16.1 (වසරින් වසර 13%කින් ඉහළට).
Adani Cements Ltd
- ක්ලින්කර් සහ සිමෙන්ති අලෙවි පරිමාව 3%කින් වර්ධනය වී වාර්ෂිකව මෙට්‍රික්ටොන් මිලියන (MTPA) 46.6 දක්වා ඉහළ ගියේය
- MTPA 21 දැනට ක්‍රියාත්මක වෙමින් පවතී
- වත්මන් MTPA 89 ධාරිතාවයෙන් 2025 මාර්තු වන විට MTPA 104 දක්වා ළඟා වීමේ ධාරිතාවක් ඇත (ඔරියන්ට් සිමෙන්ති අත්පත් කර ගැනීමත් සමඟ එකතු කරන ලද ධාරිතාව ද ඇතුළත්ව).
අදානි සමාගම් සමූහය ගැන බිඳක්
අහමදාබාද් හි මූලස්ථානය පිහිටා ඇති අදානි සමූහය ඉන්දියාවේ විශාලතම සහ වේගයෙන්ම වර්ධනය වන විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයයි. බලශක්ති සහ උපයෝගිතා, ප්‍රවාහන සහ සැපයුම් (වරාය, ගුවන්තොටුපළ, නැව්ගත කිරීම සහ දුම්රිය ඇතුළුව), ලෝහ සහ ද්‍රව්‍ය සහ පාරිභෝගික අංශ පිළිබඳ උනන්දුවක් ඇති අදානි සමූහය, වෙළඳපොළ තුළ ප්‍රමුඛපෙළේ ස්ථානයක් තහවුරු කරගන්නට සමත්ව ඇත. අදානි සමූහයේ සාර්ථකත්වයට සහ නායකත්වයටත් බලපෑ, තිරසර සංවර්ධනයට මඟ පෙන්වූ දර්ශනය වූයේ ‘ජාතිය ගොඩනැගීම’ සහ ‘යහගුණ සමඟ වර්ධනය’ සමූහයේ මුඛ්‍ය ප්‍රතිපත්තිය බවට පත් කරගැනීමයි. තිරසරභාවය, විවිධත්වය සහ බෙදාගත් වටිනාකම් පිළිබඳ මූලධර්ම මත පදනම් වූ අදානි සමූහයේ ආයතනික සමාජ වගකීම් පිළිබඳ වැඩසටහන් හරහා පරිසරය ආරක්ෂා කිරීමටත්, ප්‍රජාවන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමටත් සමූහය නිරන්තරයෙන් කැපවී සිටී.
වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.adani.com
මාධ්‍ය විමසීම් සඳහා සම්බන්ධ වන්න: රෝයි පෝල්; roy.paul@adani.com