භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා අවස්ථාව ලැබීමත් සමඟින් ශ්‍රී ලංකාව දේශීය කෘෂි නිෂ්පාදන සඳහා ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි

GI Certificate Registry official image (LBN)

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය (NIPO), විසින් දේශීය භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා ශ්‍රී ලංකාවට නිල වශයෙන් අවස්ථාව ලබා දී ඇත. මෙම වැදගත් පියවර මගින් ශ්‍රී ලංකාවට අනන්‍ය විශේෂිත කෘෂි නිෂ්පාදන ආරක්ෂා කිරීම සහ ගෝලීය වෙළඳපොළ තුළ ඒවායේ ආකර්ෂණය ඉහළ නැංවීම අරමුණු කරයි.

2025 පෙබරවාරි 27 වන දින දේශීය භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා ශ්‍රී ලංකාවට නිල වශයෙන් මෙම අවස්ථාව හිමි වීම මෙරට බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකිය. එමගින් නිශ්චිත කලාප හා සම්බන්ධ දේශීය කෘෂි නිෂ්පාදන සඳහා නීතිමය ආරක්ෂාවක් ලබා දීමෙන් ඒවායේ සත්‍යතාව/නිවැරදිබව ආරක්ෂා කර ගැනීමට මෙන්ම වාණිජ වටිනාකම ද වැඩි කිරීමට උපකාරී වේ. සිලෝන් කුරුඳු සහ සිලෝන් තේ වැනි සුප්‍රසිද්ධ දේශීය කෘෂි නිෂ්පාදන මෙමගින් ප්‍රතිලාභ ලබනු ඇත. මීට පෙර සිලෝන් කුරුඳු වැනි දේශීය කෘෂි නිෂ්පාදනවලට යුරෝපීය සංගමයේ GI තත්ත්වය වැනි ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිව තිබුණද, දේශීය වශයෙන් නීතිමය ආරක්ෂාවක් නොතිබුණි.

 



 
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය ගරු වසන්ත සමරසිංහ මහතා මෙම ව්‍යාපෘතියේ වැදගත්කම අවධාරණය කරමින් පැවසුවේ “ශ්‍රී ලංකාවේ භූගෝලීය වශයෙන් අත්කර ගෙන සිටින වාසිමය තත්වය ආරක්ෂා කරමින් වෙළඳපල ප්‍රවේශය වැඩි දියුණු කිරීම සහ දේශීය ප්‍රජාවන්ගේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා දේශීය භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා අවස්ථාව හිමි වීම වැදගත් පළමු පියවරක් ලෙස පෙන්වා දිය හැකියි. 2017 වසරේ සිට අමාත්‍යාංශය සහ රජය සමඟින් මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා එක්ව කටයුතු කරන යුරෝපීය සංගමය (EU) සහ එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) විසින් ලබා දුන් දායකත්වය අප අගය කරනවා.”යනුවෙනි.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් කේ. ඒ. විමලේන්දිරරාජා මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වෙනුවෙන් දේශීය භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා අවස්ථාව හිමි වීමේ වැදගත්කම අවධාරණය කරමින් “දේශීය භූගෝලීය දර්ශක (GI) පදනම් කරගත් වැඩසටහන් හරහා අපගේ දේශීය කෘෂි නිෂ්පාදනවල ඉහළ ගුණාත්මක බව වැඩි දියුණු කිරීම තුළින් ඉහළ තිරසාර ආර්ථික සංවර්ධනයක් අත්පත් කර ගැනීමට හැකියාව උදා වනවා. මෙම හැකියාව භාවිත කරමින් සිලෝන් තේ, සිලෝන් කුරුඳු සහ අනෙකුත් දේශීය කෘෂි නිෂ්පාදනවල අන්තර්ජාතික වෙළෙඳපොල තත්වය ඉහළට ඔසවා තැබිය යුතු අතරම ‘සිලෝන්’ නාමය නිකරුණේ භාවිත කිරීමට එරෙහි විය යුතුයි” යනුවෙන් පැවසීය.

2017 – 2021 කාලය තුළ යුරෝපා සංගමය විසින් අරමුදල් සැපයූ Trade-Related Assistance (EU-TRA) ව්‍යාපෘතිය යටතේ UNIDO හි තාක්ෂණික සහයෝගය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ වැඩසටහනක් ලෙස මෙම සහතිකකරණය සඳහන් කළ හැකිය. බුද්ධිමය දේපල පනත සංශෝධනය කිරීම සහ භූගෝලීය දර්ශක ප්‍රමිතිය සඳහා නීති රෙගුලාසි සකස් කිරීම වෙනුවෙන් UNIDO විසින් NIPO වෙත සහයෝගය ලබා දෙනු ලැබීය. මෙම සහයෝගය BESPA-FOOD ව්‍යාපෘතිය හරහා තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි වී ඇති අතර එය ශ්‍රී ලංකාවේ ආහාර ක්ෂේත්‍රයේ වෙළෙඳ සබඳතා ආයතනයන්හි හැකියාවන් ඉහළ නැංවීමටද සමත්ව සිටියි.

NIPO හි අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී ආර්. රණවක මහත්මිය මෙම ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරමින් පැවසුවේ “භූගෝලීය දර්ශක (GI) අපගේ දේශීය කෘෂි නිෂ්පාදනවල සත්‍යතාව/නිවැරදිතාව සහ කීර්ති නාමය ආරක්ෂා කිරීමට උපකාරී වන අතර ගෝලීය වෙළෙඳපොළ තුළ ඔවුන්ගේ සුවිශේෂී අනන්‍යතාවය පවත්වා ගැනීමට සහාය වනවා. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලාංකික නිෂ්පාදකයින්ට අනිසි ලෙස භාවිතා කිරීමට සහ වැරදි ලෙස නිරූපණය කිරීමට එරෙහිව ශක්තිමත් නීතිමය ආරක්ෂාවක් ලබා දෙනවා සේම සාධාරණ ලෙස තරඟ කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙනවා. GI සහතිකකරණය සඳහා අවස්ථාව හිමි කරගැනීමෙන් අපි ගුණාත්මකභාවය සහ සම්ප්‍රදාය ආරක්ෂා කරනවා පමණක් නොව ආර්ථික වර්ධනය සහ සාධාරණ වෙළඳාම සඳහා නව අවස්ථාවන්ද නිර්මාණය කරනවා.” යනුවෙනි.

තවද මෙම දේශීය භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා අවස්ථාව හිමි වීම මෙරට වෙළෙඳ හැකියාවන් ඉහළ නැංවීම හා ගෝලීය වෙළෙඳපොල තරඟකාරීත්වය වැඩි දියුණු කිරීමේදී සුවිසල් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරයි.

වෙළෙඳපොල වෙත පිවිසීමේ අවස්ථා වැඩි කිරීම, නිෂ්පාදන හඳුනාගැනීම ඉහළ නැංවීම සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා භූගෝලීය දර්ශකයන්හි වැදගත්කම පිළිබඳ අවබෝධය ඉහළ නැංවීමට ද මෙම වැඩසටහන දායක වනු ඇත. තවද ශ්‍රී ලංකාවේ වෙළෙඳ ශක්තිය වැඩි දියුණු කිරීම හා ගෝලීය වෙළෙඳපොලේ සුරක්ෂිත බව තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කමද මෙහිදී අවධාරණය කරන ලදී.

වැඩිදුර තොරතුරු සඳහා 0112 – 123456 අමතන්න. නැතිනම් http://www.nipo.gov.lk වෙත පිවිසෙන්න.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව