
Daraz Sri Lanka සමාගම පසුගියදා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සමග එක් වී “Daraz Connect” නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කළේ ය. විද්‍යුත් වාණිජ (e-commerce) සේවාවන් පිළිබඳව කුඩා පරිමාණ ව්‍යාපාර හිමියන් තුළ ප්‍රමාණවත් අවබෝධයක් නොතිබීමේ ගැටලුවට පිළියම් යොදමින්, ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් ඩිජිටල් ආර්ථික ප්‍රවාහයට එක්කර ගැනීම මෙහි මූලික අරමුණ වී තිබේ.
මෙමගින් රටේ නවක හා කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට විද්‍යුත් වාණිජ සේවාවන් පිළිබඳව දැනුවත් වීමටත්, එම සේවාවන් භාවිතා කරමින් තම ව්‍යාපාර දියුණු කරගැනීමටත් හැකි වනු ඇත. මෙය විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යවසායකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු නිසැක ය. එමෙන්ම මෙමගින් රටේ වැඩි පිරිසක් ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීමට යොමු වනු ඇත.
Daraz Connect වැඩසටහනේ 2025 අදියරේ පළමු සැසිය පසුගියදා මාතරදී පැවැත්විණි. මේ යටතේ මාර්ගගත සහ මාර්ගගත නොවන වැඩමුළු මාලාවක් හරහා ඩිජිටල් අලෙවිසැල් ආරම්භ කිරීම, වඩාත් හොඳ ප්‍රතිඵල ලැබෙන ආකාරයට නිෂ්පාදන ලැයිස්තුගත කිරීම, පාරිභෝගික චර්යාවන් අවබෝධ කරගැනීම, තොග පවත්වාගැනීම සහ වැඩි පාරිභෝගිකයන් පිරිසක් ආකර්ෂණය කරගැනීම සඳහා ඩිජිටල් අලෙවිකරණ ක්‍රමෝපායන් භාවිතා කිරීම යානාදිය සම්බන්ධයෙන් ව්‍යවසායකයන් දැනුවත් කරන ලදි. එමෙන්ම වියදම් පිළිබඳ ගැටලුවට මුහුණ දීමෙන් තොරව ඩිජිටල් අවකාශය තුළ සාර්ථක ලෙස ව්‍යාපාර කටයුතු සිදුකිරීම සඳහා Daraz Sri Lanka සමාගමේ ගෙවීම් හා කාර්ය සම්පාදන පහසුකම් භාවිතා කරන ආකාරය පිළිබඳව දැනුවත් වීමටද ඔවුන්ට අවස්ථාව හිමි විය.
Daraz සමාගමේ අතථ්‍ය (Virtual) අධ්‍යාපන පදනම වන Daraz University හරහා මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලැබේ. Daraz University සැලසුම් කර ඇත්තේ විකුණුම්කරුවන්ට විධිමත් ලෙස දැනුම ලබාගැනීමට උපකාරී වන පරිද්දෙනි. Daraz Sri Lanka සමග එක්ව කටයුතු කිරීම මගින් මෙම ව්‍යවසායකයන්ට පරිපූර්ණ කාර්ය සම්පාදන සේවාවන් සහ ගෙවීම් පහසුකම් භාවිතා කිරීමට පමණක් නොව, පාරිභෝගිකයන් මිලියන ගණනක් සමග සම්බන්ධ වීමටද අවස්ථාව හිමි වේ. මෙය එම ව්‍යවසායකයන්ට විද්‍යුත් වාණිජ සේවාවන් ඔස්සේ අවම ආයෝජනයකින් උපරිම ප්‍රතිලාභ හිමි කරගැනීමට ලැබෙන මහඟු අවස්ථාවකි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේ, Daraz Sri Lanka සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය අතර ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය වෙළඳාම් ක්ෂේත්‍රය නවීකරණය කරමින් රට පුරා ජනතාවට ආර්ථික අවස්ථා උදාකර දීම සඳහා ගත් වැදගත් පියවරක් බවයි. දෙපාර්ශ්වය මේ ආකාරයට එක්ව කටයුතු කිරීම මගින් ව්‍යවසායකයන්ට සවිමත් අත්වැලක් සැපයීමටත්, කුඩා පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීමටත්, නව රැකියා අවස්ථා බිහි කිරීමටත් හැකි වනු ඇති අතර, එමගින් විශේෂයෙන්ම ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශ ඇතුළුව රටේ සෑම ප්‍රදේශයකටම ආර්ථික වශයෙන් සුවිශාල යහපතක් සිදුවනු ඇත. Daraz Connect වැනි වැඩසටහන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ නවෝත්පාදනය හා තිරසාර වර්ධනය සහතික කිරීමට මහෝපකාරී වනු ඇති බව තිලකා ජයසුන්දර මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය.
මේ අතර Daraz Sri Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එසාන් සායා මහතා පැවසුවේ Daraz Connect වැඩසටහන යනු ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් තුළ ඩිජිටල් තාක්ෂණ සම්බන්ධයෙන් පවතින සීමිත අවබෝධය පුළුල් කිරීම සඳහා දරනු ලබන වැදගත් ප්‍රයත්නයක් බවයි. විකුණුම්කරුවන්ට නිසි මෙවලම්, පුහුණුව සහ මාර්ගගත වෙළඳපොළවල් භාවිතා කිරීමේ අවස්ථාව ලබාදීම තුළින් ආර්ථික අවස්ථා රාශියක් නිර්මාණය කළ හැකි අතර, එමගින් ඔවුන්ට දිගුකාලීන දියුණුවක් ළඟා කරගැනීමට හැකි වනු ඇත. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හරහා රජය සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, දේශීය ව්‍යාපාර දිරිගැන්වීම, ඩිජිටල් අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීම සහ රටේ විද්‍යුත් වාණිජ සේවා ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා Daraz දක්වන උනන්දුවට හා කැපවීමට මනා සාක්ෂියක් බවද එසාන් සායා මහතා පෙන්වා දුන්නේ ය.
ඉදිරියේදී දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකම Daraz Connect වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මෙමගින් රට පුරාම ව්‍යවසායකයන්ට සුවිශාල යහපතක් සිදුවනු ඇත. මෙය හුදෙක් මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට ඩිජිටල් අවකාශයට ඇතුළු වීමට අවස්ථාව සලසා දීමක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය වැඩි පිරිසකට ප්‍රතිලාභ හිමි වන, පුළුල් සහ තිරසාර පරිවර්තනයක් බවට පත්කිරීමේ උත්සාහයක් ලෙසද හැඳින්විය හැකි වේ.