TVET වෘත්තීය මාර්ගෝපදේශනය වැඩිදියුණු කිරීම උදෙසා CareerOne වෘත්තීය වේදිකාව හඳුන්වා දෙයි

Image 01

ශ්‍රී ලංකාවේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු (TVET) අංශයේ වෘත්තීය මාර්ගෝපදේශන සහ රැකියා සේවාවන්හි විප්ලවීය වෙනසක් සිදු කිරීමේ අරමුණින් CareerOne වෘත්තීය වේදිකාව (www.careerone.gov.lk) මෑතකදී නිල වශයෙන් හඳුන්වා දෙන ලදී.
 



 

කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) (2023-2026) ඇමරිකානු ඩොලර් මිලියන 6ක ආයෝජනයකින් දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාව පුරා TVEC සහ විවිධ TVET ආයතනවල අවශ්‍යතා සපුරමින් සිය අරමුණ වෙත පියවරෙන් පියවර සාර්ථකව ගමන් කරමින් සිටී. CareerOne වේදිකාව වෘත්තීය උපදේශන සේවා විධිමත් කිරීමට, ගැළපෙන රැකියා අවස්ථා සොයාගැනීමට සහ රට පුරා සිටින සිසුන් සහ රැකියා අපේක්ෂකයින්ගේ කුසලතා වර්ධනයට සහයක් වීමේ අරමුණින් සංවර්ධනය කර ඇත.

මෙහි එක් අදියරක් ලෙස, වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන් වෙනුවෙන් Capacity Building පුහුණු සැසි මාලාවක් 2024 ජූලි සහ අගෝස්තු මාසවලදී පවත්වන ලදී. එමගින් ඵලදායී ලෙස මෙම වේදිකාව භාවිත කිරීමට අවශ්‍ය දැනුම ලබාදීමට අමතරව පුළුල් වෘත්තීය මාර්ගෝපදේශනයක් සැපයීමට අවශ්‍ය පුහුණුවද ලබාදෙන ලදී. එම එක් පුහුණු සැසියක් දින 3ක් පැවැත්වුණු අතර සති 6ක් මුළුල්ලේ මෙම පුහුණුව පැවැත්විණි. මීට අමතරව 2025 ජනවාරි මාසයේදී මෙම වේදිකාව පරිශීලනයට අවශ්‍ය දැනුම ලබාදීම උදෙසාද එක්දින පුහුණුවක් පවත්වන ලදී.

2025 පෙබරවාරි 7 වන දින, ආයතන 70ක් නියෝජනය කරමින් වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන් රැසක් සහභාගී වූ වීඩියෝ සම්මන්ත්‍රණයක් පැවැත්වුණු අතර එහිදී මෙම වේදිකාව භාවිත කරන ආකාරය සාකච්ඡා කිරීමටත්, හොදම භාවිතයන් පිළිබඳ දැනුවත් වීමටත් ඕනෑම ගැටළුවක් විසඳා ගැනීමටත් අවස්ථාව හිමිවිය. මෙම ඔන්ලයින් හමුවේදී ආයතනික වෘත්තීය සේවාවලට CareerOne සාර්ථක ලෙස යොදාගන්නේ කෙසේද යන්න පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීමට වෘත්තීය මාර්ගෝපදේශන වෘත්තිකයන්ට හැකිවිණි.

DTET, VTA, Univotec, සහ TVEC IT administrators ඇතුළු ප්‍රධාන ආයතනික පාර්ශවකරුවන්ටද CareerOne වේදිකාව බාධාවකින් තොරව භාවිත කිරීමට අවශ්‍ය දැනුම සහ තාක්ෂණික සහාය මෙම ව්‍යාපෘතිය මඟින් ලබාදෙන ලදී.

ඩිජිටල් පරිවර්තනයට සවියක් වෙමින් ව්‍යාපෘතිය මඟින් හඳුනාගත් ආයතන 70කට කාර්යක්‍ෂම වෘත්තීය උපදේශන සේවා සැපයීමට අවශ්‍ය ලැප්ටොප්, රැහැන් රහිත මූසික, හෙඩ්සෙට් සහ 4G SIM USB ඩොංගල් ඇතුළුව අත්‍යවශ්‍ය තොරතුරු තාක්ෂණ උපකරණද ලබාදෙන ලදී. තවද මෙම වේදිකාවේ මෙහෙයුම් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට TVEC හි තුන්වන මහලේ නවීනතම සේවාදායක කාමරයක්ද ස්ථාපිත කර ඇත.

CareerOne ශ්‍රී ලංකාවට හඳුන්වාදීම, වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රවේශ්‍යතාවය වැඩි දියුණු කිරීම සහ වෘත්තීය පුහුණුව සහ රැකියා අවස්ථා අතර පරතරය අවම කිරීම සඳහා ගත් අතිශය වැදගත් පියවරකි. මෙම වේදිකාව සිසුන්, රැකියා සොයන්නන් සහ වෘත්තීය මාර්ගෝපදේශන වෘත්තිකයන් සවිබල ගන්වමින්, රටේ ශ්‍රම බලකාය සංවර්ධනයට සහ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වැඩි විස්තර සඳහා www.careerone.gov.lk වෙත පිවිසෙන්න.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + 18 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව