අමානා බැංකුව ඉරක්කාමම් ප්‍රදේශයේ ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානයක් විවෘත කරයි

Opening of Irakkamam Self Banking Centre - 03

අමානා බැංකුවේ 33 වන ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රදේශයේ විවෘත කරන ලදි. ඒ අනුව දැන් අමානා බැංකුවේ සේවාවන් ලබාගත හැකි ස්ථාන සංඛ්‍යාව 66 ක් බවට පත් වී තිබේ. තම ආවරණ පරාසය පුළුල් කරන අතරම මේ දක්වා බැංකු සේවාවන් ලබාගැනීම දුෂ්කර වූ පුද්ගලයන්ට එම සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා දරන නිරන්තර උත්සාහයේ තවත් පියවරක් වශයෙන් අමානා බැංකුව විසින් මෙම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කරන ලදි.

 



 
මෙම අවස්ථාවට අමානා බැංකුව වෙනුවෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් සහ සහකාර උප සභාපති (තැන්පතු සහ නවෝත්පාදන) අර්ශාඩ් ජමාල්ඩීන් යන මහත්වරුන්, ප්‍රාදේශීය බලධාරීන්, නැගෙනහිර පළාතේ පිහිටි අමානා බැංකු ශාඛාවන්හි කළමනාකරුවන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. නව ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය අංක 90, අම්පාර පාර, ඉරක්කාමම් යන ස්ථානයෙහි පිහිටා ඇති අතර, එමගින් ගනුදෙනුකරුවන්ට සතියේ සෑම දිනකම පැය 24 පුරා මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ලබාගැනීම සහ චෙක්පත් තැන්පත් කිරීම යන සේවාවන් ලබාගත හැකි වේ.

“අපගේ ස්වයං-බැංකුකරණ සේවා මධ්‍යස්ථානයක් ඉරක්කාමම් ප්‍රදේශයේ ස්ථාපිත කරමින්, රටේ වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් සමීප කරවීම සඳහා අප දක්වන උනන්දුව හා කැපවීම නැවත වරක් තහවුරු කිරීමට මෙන්ම, අපගේ ගනුදෙනුකරුවන් ඇතුළුව මුළුමහත් ප්‍රජාවටම වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා.” අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා පැවසී ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව