කොමර්ෂල් බැංකුව නව Visa Elite ඩෙබිට් කාඩ්පතක් හඳුන්වා දෙයි

Elite_Visa Signature Dr and Cr design final

කොමර්ෂල් බැංකුවෙන් ප්‍රභූ ගනුදෙනුකරුවන් සඳහා ම වෙන් වූ නව සේවාවන් සහ පහසුවක් අත්විඳීමට සලස්වමින් කොම්බෑන්ක් Visa Signature Elite ඩෙබිට් කාඩ්පත හඳුන්වා දී ඇත.

කොළඹ 7, ආර්. ජී. සේනානායක මාවතේ (ග්‍රෙගරි පාර), අංක 7, දරන ස්ථානයෙහි පිහිටි බැංකුවේ එලීට් බැංකු ශාඛාව ප්‍රතිසංස්කරණය කිරීමට සමගාමීව එළිදැක්වූ වීසා සිග්නේචර් එලීට් ඩෙබිට් කාඩ්පත කොමර්ෂල් බැංකුවේ ගෝල්ඩ් ඩෙබිට් කාඩ්පත් හිමියන්ට හිමිවනු ඇත.

මෙම නවීකරණය හරහා මෙම පාරිභෝගික පිරිස නව ප්‍රමිතීන්ගෙන් යුත් සුවිශේෂී වරප්‍රසාද හා සේවාවන් සඳහා හිමිකම් කියන බව බැංකුව පවසයි.
 



 

සමස්ත කොමර්ෂල් බැංකු ශාඛා ජාලය හරහා ප්‍රමුඛතා සේවාවවන් වලට හිමිකම් ලැබීමට අමතරව මෙම කාඩ්පත් හිමියන්හට විදේශ සංචාර වලදී අසමසම සේවාවන් ලබා දීම වෙනුවෙන් ලොව පුරා රටවල් රැසක ගුවන් තොටුපල විවේකාගාර 1000 ක් සඳහා නොමිලේ  අනුපූරක ප්‍රවේශය ලැබෙන අතර අනුපූරක සංචාරක රක්ෂණයක් ද හිමි වනු ඇත. Max Rewards ත්‍යාග ලකුණු වේගයෙන් රැස් කර ගැනීමට හැකි වන පරිදි වියදම් කරන සෑම රුපියල් 400කට ම එක් ලකුණක් බැගින් ද ඔවුනට රැස් කර ගත හැකි වේ.

හඳුන්වා දුන් නව වීසා සිග්නේචර් එලීට් ඩෙබිට් කාඩ්පත පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය: “මෙය අපගේ ගනුදෙනුකරුවන්ගේ විශේෂිත වූ අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති අපගේ ඩෙබිට් කාඩ්පත් පෙළට තවත් සුවිශේෂි එකතුවක් වනු ඇත. එමගින් ඔවුන් යන එන ඕනෑම තැනක සුඛෝපභෝගී සහ සුවපහසු බැංකු අත්දැකීමක් සහතික කරන අතර ම එමගින් ඔවුන් වෙනුවෙන් ම කැපවූ අවධානයක් ද ලබා දෙනු ඇත. අපගේ සියළුම වටිනා ගනුදෙනුකරුවන් ගේ ජීවන රටාවට ගැලපෙන විසඳුම් ලබාදීමට කොමර්ෂල් බැංකුවේ කැපවීම මෙම කාඩ්පත හඳුන්වා දීමෙන් පිළිඹිඹු වේ.”

නිර්දේශිත වටිනාකමක ස්ථාවර තැන්පතු, ඉතුරුම්, භාණ්ඩාගාර බිල්පත් හෝ ඊට සමාන විදේශ මුදල් තැන්පතු පවත්වාගෙන යන පුද්ගලයින් ප්‍රභූ (Elite) ගනුදෙනුකරුවන් ලෙස පිළිගනු ලබන අතර, බැංකුවේ එලීට් ශාඛාවේ මෙන්ම දිවයින පුරා පිහිටි සියළුම ශාඛාවල දී විශේෂ පිළිගැනීමක් ද ඔවුනට හිමි වේ. නිර්ණායක සපුරාලන ශාඛා ජාලයේ ගිණුම්හිමියන්ට ද මෙම ප්‍රභූ තත්වය පිරිනමනු ලැබේ. මෙම සුවිශේෂිී නව කාඩ්පතේ ප්‍රතිලාභ උපරිම කර ගැනීම සඳහා කාඩ්පත් හිමියන් ට සහය වීම සඳහා එලීට් බැංකු ශාඛාව තුළ කැපවූ සම්බන්ධතා නිළධාරීන් ද සිටින බව බැංකුව පැවසයි.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − 7 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව