![DFCC](https://sinhala.lankabusinessnews.com/wp-content/uploads/2025/02/DFCC.jpg)
DFCC බැංකුව මෙරට ඩිජිටල් බැංකුකරණ සේවාවන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පෙරළිකාරී DFCC ONE ජංගම යෙදුම හඳුන්වා දී තිබේ. මෙය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් හඳුනා ගනිමින් ඔවුන්ට උපරිම පහසුවක් හා ආරක්ෂාවක් හිමි වන නවෝත්පාදන හඳුන්වා දීම සඳහා බැංකුව දරන නිරන්තර උත්සාහයට මනා සාක්ෂියකි. ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකු සේවාවන්හි පුරෝගාමියෙකු වශයෙන්, වර්තමානයේ මෙන්ම අනාගතයේ අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට තම ජංගම දුරකථන බැංකුකරණ සේවාව පූර්ණ පරිවර්තනයකට ලක්කිරීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. මේ ආකාරයට DFCC ONE හඳුන්වා දීම, බැංකු සේවාවන් සහ ජීවන රටා අංග එක්තැන් කරමින් ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම අත්දැකීමක් ලබාදෙන ‘සුපිරි යෙදුමක්’ නිර්මාණය කිරීම සඳහා බැංකුව ගත් සාර්ථක උත්සාහයක් ලෙසත්, එය DFCC බැංකුවේ ඉදිරි ගමනේ වැදගත් සන්ධිස්ථානයක් ලෙසත් හැඳින්විය හැකි වේ.
DFCC ONE යෙදුමට විශේෂාංග රාශියක් ඇතුළත් වී ඇත. ක්ෂණිකව තම ගිණුමට පිවිසීමට හැකි වීම, ඉතාමත් පහසුවෙන් ගිණුමකින් ගිණුමකට මුදල් මාරු කිරීමට හැකි වීම සහ CEFTS ජාලය හරහා ක්ෂණිකව තුන්වන පාර්ශ්වයන්ට අයත් ගිණුම්වලට ගෙවීම් සිදුකළ හැකි වීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. පරිශීලකයන්ට ඉතාමත් පහසුවෙත් DFCC ක්‍රෙඩිට් කාඩ්පත් හෝ ගිණුම් භාවිතයෙන් බිල්පත් ගෙවීමට, ක්‍රෙඩිට් කාඩ්පත්වල හිඟ මුදල් පියවීමට සහ තමන් නිතර සිදුකරන ගනුදෙනු තමන්ට අවශ්‍ය පරිදි කළමනාකරණය කිරීමට හැකියාව ඇත. DFCC ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් බිල්පත් ගෙවීමේ හැකියාව යනු ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් ලබාදීම සඳහාම සැලසුම් කර හඳුන්වා දෙන ලද නව අංගයකි. මීට පෙර පැවති DFCC Virtual Wallet මගින් බිල්පත් ගෙවිය හැකි වූයේ ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් භාවිතයෙන් පමණි.
ගනුදෙනුකරුවන්ගේ ප්‍රතිචාර මෙන්ම බැංකු ක්ෂේත්රයේ නවතම ප්රවණතා සැලකිල්ලට ගනිමින්, ඉතාමත් නවීන සහ පහසුවෙන් භාවිතා කළ හැකි අතුරු මුහුණතක් ඔස්සේ පරිශීලකයන්ට වඩාත් පහසුවෙන් තමන්ට අවශ්‍ය සේවාවන් ලබාගැනීමට හැකි වන ආකාරයට DFCC ONE නිර්මාණය කර තිබේ. එය මීට පෙර පැවති DFCC Virtual Wallet සේවාවටත් වඩා කාර්යක්ෂම ලෙස ගනුදෙනු කිරීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව සලසා දෙනු ඇත. එමෙන්ම නව ගනුදෙනුකරුවන්ට තම DFCC ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් මෙන්ම බැංකු ගිණුම් අංක භාවිතයෙන් ලියාපදිංචි විය හැකි නිසා ඔවුන් ඒ සඳහා බැංකු ශාඛා වෙත පැමිණීම අවශ්‍ය නොවේ.
‘Peek Balance’ යනු DFCC ONE විශේෂාංග අතර ප්‍රමුඛතම විශේෂාංගයකි. එමගින් පරිශීලකයන්ට Log වීමෙන් තොරව ක්ෂණිකව තම ගිණුම් ශේෂයන් පරීක්ෂා කළ හැකි අතර, ගිණුම් ප්‍රකාශයන් ලබාගැනීම සඳහා ඔවුන්ට විද්‍යුත් පාස්පොතක්ද හිමි වේ. එමෙන්ම DFCC Pinnacle, DFCC Prestige, DFCC Salary Plus සහ DFCC Salary Partner ඇතුළුව ගනුදෙනුකරුවන් භාවිතා කරන සේවාවන් අනුව අවශ්‍ය පරිදි සැලසුම් කරගත හැකි තොරතුරු පුවරුවක්ද මීට ඇතුළත් ය.
DFCC ONE නිර්මාණය කර ඇත්තේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරමිනි. මේ සඳහා ඇඟිලි සලකුණු සහ මුහුණ හඳුනා ගැනීම (Fingerprint සහ Facial Recognition) යන ක්‍රම දෙකම භාවිතා වේ. සෑම ගනුදෙනුවක් සඳහා එක්වරක් පමණක් භාවිතා කළ හැකි මුරපද (One-Time Passwords – OTPs) සහ පියවර දෙකේ සත්‍යාපනය (Two-factor authentication – 2FA) අවශ්‍ය වන පරිදි මෙය සැලසුම් කර ඇත. එමෙන්ම මුදල් ගනුදෙනු සම්බන්ධ සීමාවන් යෙදුම තුළම නිර්මාණය කළ හැකි නිසා පරිශීලකයන්ට තම ගනුදෙනු සම්බන්ධයෙන් වැඩි පාලනයක් හිමි වේ.
“අපගේ ක්‍රමෝපායික දැක්ම වන්නේ 2025 වසර තුළදී මෙරට වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය සහ වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුව බවට පත් වීමයි. DFCC ONE යනු මෙම දැක්ම යථාර්ථයක් බවට පත්කරගැනීම සඳහා අප දරන උත්සාහයට මනා සාක්ෂියක්. බැංකුකරණ හා ජීවන රටා අවශ්‍යතාවන් සම්බන්ධයෙන් ජනප්‍රියම යෙදුමක් බවට පත්වීමට එයට හැකියාව තිබෙනවා. ගනුදෙනුකරුවන්ගේ ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් DFCC Virtual Wallet සිට DFCC ONE වෙත පරිවර්තනය වීමේ ගමන දැන් ආරම්භ වී තිබෙනවා. ඉදිරියේදී මෙහි සුවිශේෂී යාවත්කාලීන කිරීම් රැසක් සිදුකිරීමට නියමිතයි. ඩිජිටල් බැංකුකරණ අත්දැකීමට නව අරුතක් ලබාදෙන මෙම උත්සාහය සමග අත්වැල් බැඳගන්නා මෙන් මා සියලුම දෙනාට ආරාධනා කර සිටිනවා.” DFCC බැංකුවේ ප්‍රධාන ඩිජිටල් නිලධාරී ඔමාර් සහිබ් මහතා පැවසී ය.
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම DFCC ONE භාවිතා කළ හැකි වීම සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ඉමහත් පහසුවක් වනු නිසැක ය. එමෙන්ම ඇසට වැඩි පහසුවක් ගෙනෙන පරිදි Dark Mode යොදා මෙය භාවිතා කළ හැකි වේ. මේ දක්වා DFCC Virtual Wallet භාවිතා කළ ගනුදෙනුකරුවන්ට එය ඉතාමත් පහසුවෙන් DFCC ONE බවට යාවත්කාලීන කිරීමේ පහසුව සලසා දී ඇත.
DFCC ONE මෙරට ඩිජිටල් බැංකුකරණ සේවාවන් නව යුගයක් වෙත රැගෙන යාමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකරනු නිසැක ය. මෙය හුදෙක් බැංකුකරණ මෙවලමක් පමණක් නොව, ගනුදෙනුකරුවන්ට තම දෛනික බැංකු සේවා අවශ්‍යතා ඉතාමත් පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස ඉටුකරගැනීම සඳහා මහෝපකාරී වන සුවිශේෂී සේවාවක් ලෙස හැඳින්විය හැකි වේ. ඉදිරියටත් මේ ආකාරයට ඩිජිටල් බැංකුකරණයේ නව පරිච්ඡේද සනිටුහන් කරමින් ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම DFCC බැංකුවේ අරමුණ වී ඇත.