නවලෝක හෙද විදුහලේ 2024 වසරේ උපාධි ප්‍රධානෝත්සවය පසුගියදා නවලෝක විශේෂඥ මධ්‍යස්ථානයේ ප්‍රධාන ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ. සෞඛ්‍ය සේවා වෘත්තිකයින් ලෙස ශ්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්රයට නවක හෙද හෙදියන් බිහි කිරීම සනිටුහන් කරමින් ඔවුන් වෙත නිල ලාංඡුන පැළ`දීමද මෙහිදී සිදු විය.
මෙහිදී සෞඛ්‍ය සේවාව වෙනුවෙන් සිදුකරන සුවිශේෂී කැපවීම වෙනුවෙන් උපාධිය ලැබූ කණ්ඩායම් කිහිපයක් ඇගයීමට ලක් කිරීමද විශේෂත්වයක් විය. ඒ අනුව 2022 හා 2021 වසරයන්හි ඩිප්ලෝමාධාරීන් ඇගයීමට ලක්වූයේ ඔවුන්ගේ කැපවීම, සුවිශේෂී ජයග්‍රහණ හා අධ්‍යයන කටයුතු වෙනුවෙන් දැක්වූ උනන්දුව හේතුවෙනි. රෝගී සත්කාරයන් වෙනුවෙන් සුවිසල් බලපෑමක් ඇති කිරීම ස`දහා අවශ්‍ය දැනුමෙන් හා කුසලතාවන්ගෙන් පරිපූර්ණ අයුරින් තම වෘත්තීය ජීවිතය නිල වශයෙන් ආරම්භ කිරීමට කටයුතු කළ 2023 හෙද සහකාර උපාධිධාරීන්ටද මෙහිදී උපහාර පිරිනැමිණ. ඊට අමතරව 2023 හෙද ඩිප්ලෝමා පාඨමාලාව අවසන් කළ සිසු සිසුවියන් හට සුවිශේෂී පිළිගැනීමක් ලබා දුන් මෙම උත්සවයේදී සෞඛ්‍ය සේවාවේදී දයානුකම්පාව, වෘත්තීයභාවය හා ගුණාත්මක සේවාව යනාදී වටිනාකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් හෙද සේවයේ විශිෂ්ටත්වය ස`දහා ඔවුන්ගේ කැපවීම සංකේතවත් කිරීමද සිදු විය. සමාජයේ යහ පැවැත්ම ස`දහා සම්බන්ධ වීමට සූදානමින් සිටින පුද්ගලයින්ගේ දායකත්වයෙන් මෙහෙයවනු ලබන සෞඛ්‍ය සේවාවයේ ශක්තිය හා අනාගත හැකියාවන් මේ තුළින් ප්‍රදර්ශනය කිරීමට ඔවුන් සමත් විය.
මෙම අවස්ථාව ස`දහා නවලෝක හොස්පිටල්ස් පී එල් සීහි සභාපති දේශමාන්‍ය ආචාර්ය ජයන්ත ධර්මදාස, නියෝජ්‍ය සභාපතිනි අනීෂා ධර්මදාස, අධ්යක්ෂ/සාමාන්‍යාධිකාරී මහාචාර්ය ලාල් චන්ද්‍රසේන, ICBT Campus හි විධායක පීඨාධිපති/ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සම්පත් කන්නංගර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුද්ගලික සෞඛ්‍ය අංශ ප්‍රවර්ධන අධ්යක්ෂ වෛද්‍ය පී. ජී. පී. එස්. කරුණාතරත්න, ලියාපදිංචි හා ප්‍රතීතන හා QMS, TVEC අධ්යක්ෂ එස්. යූ. කේ. රූබසිංහ සහ ශ්‍රී ලංකා හෙද සභාවේ සභාපති ඒ. කීර්තිරත්න යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ නවලෝක හොස්පිටල්ස්හි සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ‘‘ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අධ්‍යාපනයේ ප්‍රමුඛයා ලෙස අපගේ ස්ථාවරය යළි යළිත් තහවුරු කළ නවලෝක හෙද පාසලේ නිල ලාංඡන පැළ`දීමේ උත්සවය තුළින් සිසු සිසුවියන්ගේ කැපවීම හා උත්සාහය පිළිබ`ද කදිම සාක්ෂියක් ලෙස ස`දහන් කළ හැකියි. වඩා හො`ද සෞඛ්‍ය සේවාවක් ලබා දීම වෙනුවෙන් අවශ්‍ය දැනුම, කුසලතා හා වෘත්තීයමය ප්‍රවීණත්වයෙන් පිරිපුන් එම සිසු සිසුවියන් වෙත මාගේ උණුසුම් සුභ පැතුම් එක් කිරීමට මෙය අවස්ථාවක් කොට ගැනීමට කැමතියි’’ යනුවෙනි.
හෙද ඩිප්ලෝමාව ^NVQ Level 6& සහ හෙද සහකාර උසස් ප්‍රවීණතා සහතිකය ^ NVQ Level 4& ඇතුලූ පිළිගත් අධ්‍යාපන වැඩසටහන් රැුසක් සම`ගින් මෙරට විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ඇති කිරීමේ අරමුණින් කුසලතාවන්ගෙන් හා දැනුමෙන් පිරිපුන් සිසු සිසුවියන් දැයට දායාද කිරීම ස`දහා උසස් තත්වයේ අධ්‍යාපනයක් ලබා දීමට නවලෝක හෙද විදුහල කටයුතු කරනු ලබයි.
හෙට දවසට අවශ්‍ය සෞඛ්‍ය සේවා වෘත්තිකයටින් නිර්මාණය කරමින් දක්ෂ හා කරුණාවන්ත අනාගත හෙද සේවාවක් වෙනුවෙන් කැපවන නවලෝක හෙද විදුහල වෙනස්වන සෞඛ්‍ය සේවා අවශ්‍යතාවන් සපුරාලීමට කැපවී කටයුතු කරයි.