දේශීය වෙළඳපළ තුළ පොල් මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව ඉල්ලුමට සරිලන සැපයුමක් වෙළඳපළ තුළ නොමැතිකමින් ඇතිවී ඇති පොල් හිඟය බව පැහැදිලි කරුණකි. මෙයට පිළියම් ලෙස පොල් ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා පොල් වගාව ඉලක්ක කරගත් යහපත් කෘෂිකාර්මික ක්‍රම (Good Agricultural Practices/GAP) අනුගමනය කළ යුතුව ඇත.
මෙහිදී ගස් අතර නියමිත පරතරය පවත්වාගැනීම, මනා හිරු එළිය, ඵල නොදරන පැරණි ගස් ඉවත් කර අලුතෙන් පැළ සිටුවීම, අතුරු බෝග වගාව, පාංශු සංරක්ෂණය, මනා පළිබෝධ කළමනාකරණය, සමතුලිත පෝෂණය, කාර්යක්ෂම ජලසම්පාදනය ප්‍රධාන සාධක ලෙස සැලකිය හැකියි.
නිසි ලෙස පවත්වාගෙන යන නිරෝගී පොල්ගසකින්, ලංකාවේ වාර්ෂිකව සාමාන්‍යයෙන් ගෙඩි 100 ක් 120ක් අතර ප්‍රමාණයක් ලබාගත හැකිය. එවැනි අස්වැන්නක් නිපදවීමට නම් පොල් ගසකට දෛනිකව ජලය ලීටර් 60ක් පමණ අවශ්‍ය වේ. කාලයත් සමඟ ගසේ පෝෂණය ක්‍රමයෙන් අඩුවීමත්, පසේ සාරවත්බව ක්‍රමයෙන් හීන වීමත් සමඟ ශාකයට අවශ්‍ය පෝෂණය පොහොර ලෙස බාහිරින් සැපයිය යුතුවේ. නමුත් පර්යේෂණ වලට අනුව ශ්‍රී ලංකාවේ පොල් වැවිලිකරුවන් අතුරින් වගාවට පොහොර යොදන්නේ 30% ක් පමණක් වන අතර ජලය යොදන්නේ 10% ක් පමණ සුළු ප්රමාණයකි. මේ නිසා ජලය හා පොහොර ක්‍රමවත්ව නොලැබෙන ගහක් වාර්ෂිකව නිපදවන්නේ, ගෙඩි 40-60 ක් අතර ප්රමාණයකි.
DIMO ආයතනයේ කෘෂි අංශය වන DIMO Agribusinesses, දේශීය කෘෂි කර්මාන්තයට නවීනත්වය මුසු කරමින්, සමස්ත කෘෂි ක්ෂේත්රයේ අභිවෘද්ධිය වෙනුවෙන් සේවාවන් රැසක් ක්‍රියාත්මක කරන අතර, පොල් නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන්, පොල් පැළ රෝපණයේ සිට ඵල නෙලීම දක්වා වූ සමස්ත ක්‍රියාවලිය සඳහාම විසඳුම් පෙළක් තම නිෂ්පාදන තුළින් ඉදිපත්කර ඇත.
උසස් තත්ත්වයේ පොල් ඵලදාවක් ලබා ගැනීමේ මූලිකම පියවර උසස් තත්ත්වයේ පොල් පැළ රෝපණය කිරීමයි. ගුණාත්මකබවින් ඉහළ තත්ත්වයේ පොල් පැළ සඳහා ලියාපදිංචි සැපයුම්කරුවෙකු ලෙස තම කෘෂි තාක්ෂණ උද්‍යාන තුළ නිවැරැදි තාක්ෂණික ක්‍රම ඔස්සේ නිපදවන උසස් තත්ත්වයේ පොල් පැළ වැවිලි කරුවන්ට DIMO Agribusinesses මඟින් ලබා ගත හැක.
DIMO පොහොර සන්නාමය යටතේ DIMO Agribusinesses සිය YPM-D, YPM-W, APM-D, APM-W, APM-TSP යන ප්‍රධාන මිශ්‍රණ වලට අමතරව, ග්‍රෝමැක්ස් සන්නාමය යටතේ, ලොව සුපතල නයිට්රොෆොස්කා සංයුක්ත පොහොර සම්මිශ්‍රණයෙන් යුත් පොල් වගාව වෙනුවෙන් විශේෂයෙන්ම සැකසූ විශේෂ පොහොර මිශ්‍රණද හඳුන්වා දී ඇත.
මීට අමතරව පසේ නිසි ගුණාත්මකභාවය රැක ගැනීම සඳහා තම පර්යේෂණාගාර තුළ, පාංශු විශ්ලේෂණය සහ පරික්ෂාව සිදු කරමින්, පසට සුදුසු පොහොර නිර්දේශ කිරීම DIMO Agribusinesses සිය උපදේශන සේවා හරහා සිදුකරන අතර අඛණ්ඩව පොල් වගාකරුවන්හට එම තාක්ෂණික දැනුම ලබාදෙමින් විදිමත් පොහොර භාවිතය සම්බන්ධව පොල් වගාකරුවන් දැනුවත් කරනු ලබයි.
සම්ප්‍රදායික ක්‍රමවලින් ජලය සැපයීමේදී මුහුණපාන දුෂ්කරතාවයන් හේතුවෙන්, වගාවන්ට නියමිත පරිදි ජලය සැපයීමට වගාකරුවන් යොමුනොවේ. ලොව ප්‍රකට Rivulis සමඟ එක්ව ක්ෂුද්‍ර ජල තාක්ෂණ ක්‍රම මෙරට ප්‍රචලිත කරන DIMO Agribusinesses මෙම ගැටලුවට කදිම විසඳුමක් ලෙස, පොල් වගාව සඳහා වඩාත් යෝග්‍ය පූර්ණ හා අර්ධ ස්වයංක්‍රිය උප-පෘෂ්ටිය බින්දු ජල ව්‍යපෘති දිවයින පුරා ක්‍රියාත්මක කරමින් සිටියි. එමඟින් ජලය කාර්යක්ෂමව පොල් වගාවන්ට ලබාදෙන අතර එම පද්ධති ඔස්සේම සැපයිය හැකි පොල් වගාව සඳහාම වඩාත් අනුකූල කළ ජල ද්‍රාව්‍ය පොහොර (Fertigation Fertilizer) මිශ්‍රණ ද සමාගම නිපදවා ඇත. තම ඉඩමට වඩා සුදුසු ජල පද්ධතියේ ව්‍යුහය තෝරාගැනීමට, යෙදිය යුතු පොහොර ප්‍රමාණය, අවශ්‍ය පොහොර එන්නත් ප්‍රවාහ අනුපාතය, ටැංකියේ ප්‍රමාණය හා බයිපාස් ක්‍රමයක් අවශ්‍යද යන කරුණු පිළිබඳ උපදේශන සේවා ලබාදෙමින් ක්ෂුද්‍ර ජල සැපයුම් පද්ධති සැලසුම් කිරීම, ස්ථාපිත කිරීම පමණක් නොව අලෙවියෙන් පසු සේවාවන්ද DIMO Agribusinesses සපයයි. ඒ අනුව සාමාන්‍ය නඩත්තු කටයුතු, තාක්ෂණික ගැටලු නිරාකරණය මෙන්ම පද්ධති වැඩිදියුණු කිරීම වැනි ඕනෑම කටයුත්තක් සඳහා සමාගම සැමවිටම කැපවී සිටියි.
මූලික පිරිවැය, බොහෝ පොල් වගාකරුවන් ක්ෂුද්‍ර ජල පද්ධතියක් වෙත යොමු නොවීමට ප්‍රධානතම හේතුව වුවත් ආයෝජනයට සාපේක්ෂව විශාල ප්‍රතිලාභයක් පිරිනමමින් පොල් වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීමට මෙය දායක වන බැවින්, DIMO Agribusinesses සර්වෝදය ඩිවලොප්මන්ට් බැංකුව සමඟ ඒකාබද්ධව ආකර්ෂණීය ණය පහසුකම් ද හඳුන්වා දීමට කටයුතු කර ඇත.
තම පොල් වගාව කළමනාකරණයේදී හා රැක බලා ගැනීමේදී අපහසුතාවන්ට මුහුණපාන වතු හිමියන් වෙනුවෙන්ම සමාගම හඳුන්වාදී ඇති පොල් වතු පරිපාලන සේවාව මඟින් වගාවේ මුළු වගකීම ආයතනය බාරගෙන පළපුරුදු කාර්ය මණ්ඩලයේ විශේෂඥ දැනුම යොදවා අවශ්‍ය නිර්දේශ හා කෘෂි උපදේශන සේවා සමඟ සම්පූර්ණ නඩත්තු කටයුතු ද සිදු කරනු ලබයි.
මීට අමතරව, DIMO Agribusinesses තම නවීන තාක්ෂණයෙන් යුත් කර්මාන්තශාලා හරහා සුපිරිසිදු පොල්තෙල්, ක්‍රීම්, පොල් කිරි සහ පොල් වතුර වැනි අගය එකතු කල නිෂ්පාදන ඔස්සේ පොල් පරිභෝජනයේදී සිදුවිය හැකි නාස්තිය ද අවම කරමින් මෙරට පොල් ඵලදාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමටත් දේශීය පොල් වගාව ඔස්සේ විදේශ විනිමය මෙරටට ගෙන ඒමට ද කටයුතු කරයි.