ලංකාවේ පුරෝගාමී ව්‍යාපාරික සඟරාව වන LMD හි වාර්ෂික පාරිභෝගික විශිෂ්ඨතා සමීක්ෂණයේ 2024 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ බැංකු අතරින් සේවා විශිෂ්ඨත්වය සඳහා හොඳම බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත්තේ කොමර්ෂල් බැංකුවයි.
LMD සමීක්ෂණයෙන් බැංකු අංශයේ සේවා විශිෂ්ඨත්වය වෙනුවෙන් ප්‍රමුඛස්ථානයට කොමර්ෂල් බැංකුව පත් වූයේ අඛණ්ඩව දෙවන වසරටය.
මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වන ලද මෙම සමීක්ෂණයට මෙවර ප්‍රතිචාර 4,100ක් ලැබී ඇත. සේවා සංවිධාන ක්ෂේත්‍ර 34 කින් සේවා විශිෂ්ඨත්වය වෙනුවෙන් තමන් කැමැති සමාගම්වලට ඡන්දය ලබා දෙන මෙන් ප්‍රතිචාර දැක්වූවන්ව දැනුවත් කරන ලදි.
වසර අවසන් කිරීමට මෙය හොඳ සම්මානයක් වන බව කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී එස්. ප්රභාගර් මහතා ප්‍රකාශ කළේය. “පාරිභෝගික සේවයට බැංකුව ප්‍රමුඛත්වය ලබාදෙන අතර එක් එක් ගණුදෙණුකරුවන්ගේ අදාළ අවශ්‍යතා සම්පූර්ණ වන පරිදි විසඳුම් සැපයීමට බැංකුව සතු හැකියාව ද ඊට ඇතුළත් වෙයි. මෙය අපගේ ශක්තීන්ගෙන් එකක් වන අතර සේවාවන් සඳහා ඩිජිටල් ප්‍රවේශය වර්ධනය වන අවධියක වුවත් පාරිභෝගික සේවය අත්‍යවශ්‍ය අංගයක් ලෙස පවතී,” යනුවෙන් ඔහු තව දුරටත් අදහස් දැක්වීය.
කොමර්ෂල් බැංකුවේ ව්‍යාපාරික උපාය මාර්ගයේ මූලික අංගයක් වන්නේ පාරිභෝගික විශිෂ්ඨත්වය යි. බැංකුව සේවා සහ නිෂ්පාදන අඛණ්ඩව වර්ධනය කිරීම සඳහා පාරිභෝගික ප්රතිපෝෂණයන් උපයෝගී කරගන්නවා සේ ම ගණුදෙණුකරුවන්ගේ අවශ්‍යතා අපේක්ෂා කරමින් අතිශය පෞද්ගලික මූල්‍යමය විසඳුම් ලබා දීමට දත්ත විශ්ලේෂණය ද භාවිතා කරන බව ප්රභාගර් මහතා පැවසීය.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.