Al මෙවලම් හරි ආකාරයට භාවිතා කරමු, ඔබේ වැඩ දවස ඵලදායි ලෙස සාර්ථක කර ගනිමු

microsoft

Al… මේ වනවිට අප සිටින ලෝකයේ Al තාක්ෂණයන්, සහ මිනිසුන්ට තම කටයුතු ඵලදායී ලෙස ඉෂ්ට කර ගැනීමට Al තාක්ෂණය යොදාගැනීම සම්බන්ධ කතිකාව, යම් මට්ටමකට පැමිණ තිබේ.

තවදුරටත්, Al තාක්ෂණයන් මිනිසුන්ගේ ජීවිතවලට, රැකියාවන්ට බලපාන ප්‍රමාණය පිළිබඳව බිය දනවන වැරදි වැටහීම් දක්නට නොලැබේ. ස්මාට්ෆෝනයක ඇති සරල යෙදුම් තුළට පවා Al තාක්ෂණය මේ වන විට අනුහුරු වී තිබේ. ඒ සමගම, Al තාක්ෂණයන් හා Al මෙවලම් එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබේ. නමුත්, තවමත් ලෝකය තුළ Al තාක්ෂණයන් සම්බන්ධයෙන් පවතින උනන්දුව, පෙළඹවීම සහ කුතුහලය නොසන්සිඳී තිබෙනු දක්නට ලැබේ.

Al මෙවලම් සම්බන්ධයෙන් මෙවැනි තැනක ලෝකය සිටින අවස්ථාවේදී, සැබැවින්ම ඵලදායී, කාර්යක්ෂමතාවය වැඩිකර දෙන ආකාරයට Al මෙවලම් භාවිතා කරන්නේ කෙසේද යන සංවාදය ඔබට වැදගත් වනු ඇත.

ඔබේ එදිනෙදා වෘත්තිය කටයුතු කාණ්ඩ තුනකින්

විධායක මට්ටමේ හෝ ඒ ආසන්න වෘත්තීන්වල යෙදී සිටින අප බොහෝ දෙනකු දිනයක් තුළ සිදුකරන කාර්යාලීය හෝ වෘත්තියට අදාළ කටයුතු, සරලව කාණ්ඩ තුනකට බෙදා ගත හැක.

පළමු කාණ්ඩය වන්නේ, සම්පූර්ණයෙන්ම පාහේ Al මෙවලම් ලවා ඉටුකර ගත හැකි, සුවිශේෂී මිනිස් මැදිහත්වීමක් අවශ්‍ය නොවන කාර්යයන් වේ. දෙවැනි කාණ්ඩයට, මිනිස් මැදිහත්වීමකින් සිදු කළ යුතු, එනමුත් Al ඔස්සේ වඩාත් සාර්ථක, සුමට ප්‍රතිඵලයකට වර්ධනය කර ගත හැකි කාර්යයන් අයත් වේ. තුන්වෙනි කාණ්ඩය වන්නේ, AI මෙවලම් වලට සිදුකිරීමට අසීරු, වඩාත් නිර්මාණශීලී, මානුෂීය කාර්යයන් වේ. මෙම කටයුතු සඳහා ඔබේ කාලය නිදහස් කර දීමට Al මෙවලම් වලට සහාය වනු ඇත.




2024 Microsoft වාර්ෂික Work Trend Index හි සඳහන් කර ඇති ආකාරයට දැනුම පදනම් වෘත්තීන් හි නියැලෙන්නවුන්ගෙන් 75% ක් වර්තමානයේදී වෘත්තිය කටයුතු සඳහා AI භාවිතා කරන අතර, ඔවුන්ගෙන් 46% ක් AI පරිශීලනය කිරීම අරඹා ඇත්තේ මාස හයකට හෝ ඊට අඩු කාලයකදීයි, Microsoft copilot ඔස්සේ තමන්ගේ කාර්යයන් වඩාත් වේගවත්ව ඉටු කර ගැනීමට හැකිවූ බව, පරිශීලකයන්ගෙන් 90% ක් පවසා සිටින ලදී.  ඒ ඔස්සේ ඔබ ඉතුරු කරගන්නා කාලය, ඵලදායී ලෙසින් යොදා ගැනීම ඔබේ අරමුණ විය යුතුවේ. එසේම, AI නිසා වඩාත් වැදගත් කාර්යයන් සඳහා අවධානය යොමු කළ හැකි වූ බව පරිශීලකයින්ගෙන් 85% ක් පවසන ලදී. Teams වැඩිපුර භාවිතා කරනා පිරිස (ඉහළම 5% ක) පවසා සිටියේ, පසුගිය මාර්තු මාසයේදී පමණක් ඔවුන්ට පැය 8 ක් දක්වා කාලයක රැස්වීම් කාලය, Copilot භාවිතා කර රැස්වීම් වල කරුණු සාරාංශගත කොට ගැනීමෙන් ඉතිරි කර ගත හැකි වූ බවයි. එනම් ඔවුන් සම්පූර්ණ වැඩ කරන දවසක් වටිනා කාලය ඉතිරි කොට ගෙන තිබේ!

එසේනම්, ඔබේ වෘත්තීය කටයුතු සාර්ථකව සහ කාර්යක්ෂමව ඉටු කර ගැනීම සඳහා, වඩාත් දැනුවත් ලෙසින් Al මෙවලම් භාවිතා කරන්නේ කෙසේද?

එය අවබෝධ කර ගැනීමට, ඔබේ එදිනෙදා වෘත්තිය කටයුතු පිරමීඩයක කොටස් තුනක් ලෙසින් වටහා ගැනීම වඩාත් ඵලදායි වනු ඇත.

පිරමීඩයේ පාදම

අපගේ මෙම පිරමීඩයේ පාදම සැදී ඇත්තේ පළමු කාණ්ඩයේ වැඩකටයුතු වලිනි. එනම්, වඩාත් සරල, ඔබේ විශේෂඥතාවය එතරම් අවශ්‍ය නොවන එදිනෙදා කටයුතු යැයි කිව හැක.

උදාහරණයක් ලෙසින්, දීර්ඝ ඊමේල් සංවාදයක් සම්පූර්ණයෙන්ම මුල සිට කියවීමට කාලය වැය නොකොට, එය කියවා සාරාංශයක් ලබාදෙන මෙන් ඔබේ Al සහකරුගෙන් ඉල්ලා සිටිය හැක. නැතිනම් ඔබට අවශ්‍ය දත්තයක් ලබාගැනීමට දීර්ඝ වාර්තාවක් කියවීමට කාලය වැය නොකොට, එම වාර්තාව ඔබ වෙනුවෙන් කියවා අවශ්‍ය දත්තය සොයා දෙන මෙන් ඔබට Al සහකරුගෙන් ඉල්ලා සිටිය හැක.

මෙවැනි කටයුතු වෙනුවෙන් ඔබට දිනකට වැයවන කාලය ඔබ නොසිතන තරම් විශාල වන අතර, එම කටයුතු Al සහකරුගේ සහායෙන් ඉටුකර ගැනීමෙන් ඔබ දිනකට ඉතිරි කරගන්නා කාලය සහ ඔබ අත්පත් කර ගන්නා ඵලදායීත්වයද නොසිතන තරම් විශාල වනු ඇත.

පිරමීඩයේ දෙවන කොටස

අපගේ වෘත්තීය කටයුතු පිරමිඩයේ දෙවැනි කොටස සැදී ඇත්තේ, ඔබේ මැදිහත්වීමෙන් සිදුකළ යුතු, බොහෝ විට ඔබ ආශාවෙන් සිදුකරන, Al සහකරුගේ සහාය සමඟින් ඔබට වැඩිදියුණු කළ හැකි කාර්යයන්ගෙනි.

නිදසුනක් ලෙසට ඔබේ සමාගමේ නිෂ්පාදන හඳුන්වා දෙන හැඳින්වීමක් නිර්මාණය කිරීමට, නැතිනම් වාර්තාවක් ලිවීමට ඇතැයි සිතමු. ඔබට මෙහි පළමුවෙනි පිටපත නිම කොට දෙන මෙන් Al සහකරුගෙන් ඉල්ලා සිටිය හැක. පසුව, ඔබට එය වඩාත් වැඩි දියුණු කළ හැක. නැතිනම් ඔබගේ අරමුණ Al සහකරු වෙතට දැනුම් දී, ඔබ නිර්මාණය කළ දැන්වීම නැතිනම් වාර්තාව එම අරමුණ ඉෂ්ට කරන්නේදැයි අසා, එම අරමුණ මැනැවින් ඉෂ්ට වෙන ආකාරයට එය වැඩිදියුණු කර දෙන ලෙසින් ඉල්ලා සිටිය හැක.

පිරමීඩයේ අග්‍රය

ඉහත දක්වා ඇති පිරමීඩයේ පාදමේ සහ මැද කොටසේ ඇති කාර්යයන් සඳහා Al මෙවලම් භාවිතා කිරීමේ ඇති වටිනාකම වන්නේ, Al මෙවලම් ඔස්සේ සිදු කරගත නොහැකි, වඩාත් මිනිස් නිර්මාණශීලීත්වය අවශ්‍ය වන කාර්යයන් සඳහා ඔබගේ වටිනා කාලය ඉතිරි කර ගැනීමේ හැකියාවයි. මේ ඔබගේ වෘත්තිය ආශාවෙන් කිරීමට ඔබට වැදගත් වන, ඔබේ වෘත්තිය ජීවිතයට අරුතක් ලබා දෙන කොටසයි.

උදාහරණයක් ලෙසට, ඔබට තව කාලය තිබුණා නම් වඩාත් සාර්ථකව නිමකර ගත හැකි වන්නට තිබුණා යැයි සිතෙන ව්‍යාපෘතියක් හෝ විශ්ලේෂණයක් ගැන සිතන්න. එසේ නැතිනම් ඔබගේ කණ්ඩායම සමග වඩාත් ගැඹුරින් සම්බන්ධ වීමට ඔබට කාලය තිබුණා නම් කණ්ඩායමේ කටයුතු වඩාත් කාර්යක්ෂම වනු ඇතැයි ඔබට සිතෙන අවස්ථාවන් පිළිබඳව සිතන්න.

මෙවැනි අවස්ථාවන්හිදී ඔබට අවශ්‍ය එම කාලය ඉතුරු කර දෙන්නේ Al සහකරු මගින් විය හැක. කෙසේ වුවත් කෙතරම් විශ්වාසවන්ත Al සහකරුවෙකු ඔස්සේ වුවත් එම පහසුව ලබා ගැනීමට නම්, Al සහකරු නියම ආකාරයට, කාර්යක්ෂමව භාවිතා කිරීමට ඔබ දැන සිටිය යුතු වනු ඇත. ඒ සඳහා, ඔබගේ වැඩකටයුතු, ඉහත පෙන්වා දී ඇති ආකාරයට පිරමීඩයක ආකාරයට වෙන් කොට ආකෘතිගත කර ගැනීමත්, ඒ ඒ වැඩකටයුතු වලට අවශ්‍ය පරිදි Al සහකරු භාවිතා කිරීමේ ප්‍රගුණත්වය ලබා ගැනීමත් වැදගත් වනු ඇත.

ඔබත් Al තාක්ෂණයන්ගෙන් බලගැන්වෙන අනාගතයකට සාර්ථකව අනුහුරු වීමට බලාපොරොත්තු වෙන වෘත්තිකයෙකු නම්, ඔබ පළමුවෙන් වටහාගත යුත්තේ, Al මෙවලම්වලට ඔබේ රැකියාව සොරාගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවයි. දෙවනුව, Al තාක්ෂණයන් වැඩි වැඩියෙන් භාවිතා වන අනාගත ලෝකයක සාර්ථක වෘත්තිකයකු වීමට නම්, ඔබේ ප්‍රවීණත්වය සහ නිර්මාණශීලීත්වය වැඩිවර්ධනය කර ගනු හා සමානවම, ඒ ඔස්සේ ඔබට පමණක් ඉටු කළ හැකි කාර්යයන් සාර්ථකව නිමා කිරීම සඳහා Al මෙවලම් භාවිතා කිරීමේ බුහුටි බවද වර්ධනය කර ගත යුතු බවයි. මේ අනාගත වෘත්තිය සංස්කෘතියයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව