ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය හම්බන්තොට “සණස ඉදිරිය” ව්‍යාපෘති නිරීක්ෂණය කරයි

IMG_2651 (LBN)

ඉදිරි අවුරුදු පහ තුළ ජනයාගේ ජීවිත නිෂ්පාදන ආර්ථික සංකල්පය සමග ඉදිරියට රැගෙන යන “සණස ඉදිරිය” වැඩසටහනේ හම්බන්තොට ප්‍රදේශයේ ව්‍යාපෘති නිරීක්ෂණයට සණස නිර්මාතෘ වයඹ විශ්ව විද්‍යාලයේ කුලපති විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා සහභාගී විය. සණස ඉදිරිය වැඩසටහන තෝරා ගත් සමිති 1250ක් ප්‍රමුඛ කර ගනිමින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වේ. වසර එක හමාරකට පමණ පෙර ආරම්භ වූ මෙම වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වේ.

තංගල්ල සහ පහජ්ජාව යන සණස සමිති මූලික කර ගෙන ඇති ගම්මානවලද මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වන අතර වතුර බෝතල් කර විකීණීම, ගොවිතැන, වාහන අලුත්වැඩියාව සහ බේකරි කර්මාන්තය ඒඅතර වේ. සණස ණය මුදල් සහ උපදෙස් මූලික කර ගෙන ආරම්භ කළ මෙම ව්‍යාපෘති කිරිවන්දෙණිය මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය. ඒවා තවත් වැඩි දියුණු කර ගැනීමට ඇති හැකියාව පිළිබඳ කිරිවන්දෙණිය මහතා ප්‍රදේශවාසීන් සමග අදහස් හුවමාරු කර ගත් අතර ජනතාවට අත හිත දීමට අදාළ උපදෙස්ද සණස කාර්යය මණ්ඩලයට සැපයීය. දිවයින පුරා ‘සණස ඉදිරිය’ හරහා ක්‍රියාත්මක වන ව්‍යාපෘති නිරීක්ෂණයට කිරිවන්දෙණිය මහතා ඉදිරියේදී බලාපොරොත්තු වෙන අතර ඒ සදහා සණස මහා සංගමය මෙන්ම සණස ඉන්ෂුවරන්ස් ආයතන දෙකද සහභාගී වීමට නියමිතය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + six =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව