සැම්බියා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේදී හසිනි සහ හසාරා කාන්තා යුගල රිදී පදක්කම දිනති

1731989044066 (LBN)

සැම්බියාවේ ලුසාකා අගනුවර පැවැති සැම්බියා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ කාන්තා යුගල තරග අංශයේ රිදී  පදක්කම් දිනා ගැනීමට හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න සමත්වූහ. මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනා එම තරග අංශයේ රන් පදක්කම දිනා ගනු ඇතැයි තරගයට පෙර අනාවැකි පළ වූවද, විස්මිත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ මාලදිවයිනේ ඒ. අබ්දුල් රසාක් සහ එෆ්. අබ්දුල් රසාක් රන් පදක්කමට හිමිකම් කීහ.

කාන්තා යුගල අවසන් මහා තරගයේදී විශිෂ්ට අයුරින් ක්‍රීඩා කරමින් සාර්ථකව තරගයට අවතීර්ණ වූ හසිනි සහ හසාරා හමුවේ දැඩි අභියෝගයක් එල්ල කළ මාලදිවයිනේ ක්‍රීඩිකාවන් වට 2-0කින් තරගය ජයගත් අතර,  ලකුණු තත්ත්වය වූයේ  21-17ක් සහ 21-19ක් ලෙසිනි.
 



 
සැම්බියා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ කාන්තා යුගල තරග අංශයේ රිදී  පදක්කම් හසිනි සහ හසරා යුගලය සිය මීළඟ තරගාවලිය සඳහා බොට්ස්වානා බලා යෑමට නියමිතය. බොට්ස්වානා  හි ඔට්සේ පොලිස් විදුහල් ගෘහස්ත ජිම්නාස්ටික් ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය මේ මස 21 වැනිදා සිට 24 දක්වා පැවැත්වීමට නියමිත අතර, එහිදී කාන්තා යුගල තරග අංශයේ රන් පදක්කම දිනාගැනීම හසිනිගේ සහ හසාරාගේ ඉලක්කය වී තිබේ.
 



 
 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව