Sun Siyam Pasikudah හෝටලය, අන්තර්ජාතික සූපවේදී දිනය උත්කර්ෂවත් අයුරින් සමරයි

2- Cake mixing (LBN)

පසුගිය ඔක්තෝබර් 20 වැනිදාට යෙදී තිබුණු අන්තර්ජාතික සූපවේදී දිනය Sun Siyam Pasikudah හෝටලයේදී මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීය. ප්‍රණීත ආහාරපාන අත්දැකීම් සංචාරකයින්ට සමීප කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධියක් උසුළන Sun Siyam Pasikudah හෝටලයේ සූපවේදීන්ගේ කැපවීම අගය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම විශේෂ අවස්ථාව සඳහා හෝටලයේ සාමාන්‍යාධිකාරී අර්ෂාඩ් රෙෆායි මහතා මූලිකත්වය ගෙන තිබුණි.
 



 
අනාගතය වෙනුවෙන් සෞඛ්‍යමත් ආහාර යන තේමාව මුල් කරගත් මෙවර අන්තර්ජාතික සූපවේදී දිනයේදී ශාරීරික යහපැවැත්ම වෙනුවෙන් නැවුම් සහ සෞඛ්‍ය සම්පන්න ආහාර අමුද්‍රව්‍ය භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කෙරෙන අතර Sun Siyam Pasikudah හෝටලය සිය ආහාරපාන පිළියෙළ කිරීමේදී ඒ පිළිබඳ නිරන්තර අවධානය යොමුකරයි. එහි තවත් පියවරක් ඉදිරියට තබමින් මෙම විශේෂ අවස්ථාව වෙනුවෙන් දේශීය ආහාර අමුද්‍රව්‍ය යොදාගනිමින් වඩාත් තිරසර සහ සෞඛ්‍යමත් ආහාරපාන රැසක් හඳුන්වාදීමට එහි සූපවේදීහු කටයුතුකර තිබේ.

මීට සමගාමීව විශේෂ කේක් මිශ්‍ර කිරීමේ අවස්ථාවක් ද සංවිධානය කරතිබුණු අතර හෝටලයේ නවාතැන් ගෙන සිටි සංචාරකයින් ද ඊට සහභාගී කරවා ගැනීම කැපීපෙනුණි. එහිදී වියළි පලතුරු, කුළුබඩු, මධ්‍යසාර වර්ග ආදිය මුසු කරමින් කේක් මිශ්‍රණ සැකසීමේ මෙම අවස්ථාව සංචාරකයින්ට විශාල විනෝදයක් ගෙනඒමට සමත්විය.

ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරයේ හරය ආහාර මේසය මතට ගෙනඑන්නේ අපේ සූපවේදීන්. විශේෂයෙන්ම සම්ප්‍රදාය සහ නවෝත්පාදනය කැටි කරගත් අපූරු සංයෝගයකින් යුතුව ආහාරපාන පිළියෙළ කිරීමට ඔවුන් සමත්. එවන් පසුබිමක අපි අන්තර්ජාතික සූපවේදී දිනය සැමරීමේදී ඔවුන් සතු කැපවීමත්, ශ්‍රී ලාංකික ආහාරපාන උරුමයේ සාරවත් බවත් සමරනු ලබනවා, යනුවෙන් Sun Siyam Pasikudah හෝටලයේ සාමාන්‍යාධිකාරී අර්ෂාඩ් රෙෆායි මහතා පැවසුවේය.

සියවස් ගණනක් මුළුල්ලේ විහිදුණු මෙරට බහුසංස්කෘතික උරුමය ආහාරපානවලින් හොඳින් විද්‍යාමාන වේ. මුහුදුබඩ ලාංකික සමාජයේ කුළුබඩු රසය රැගත් ආහාර ව්‍යාංජනවල සිට පොල් පදනම් කරගත් ආහාර වර්ග දක්වා මෙරට ආහාරපාන ඉහළ ගතිකත්වයකින් යුතු වේ. මෙම ගතිකත්වය මැනවින් ග්‍රහණය කරගනිමින් ශ්‍රී ලංකාවේ සාරවත් සංස්කෘතික උරුමය මෙන්ම ආගන්තුක සත්කාරය පිළිබඳව ලොවට කීමට ද එහි සූපවේදීහු සමත්ව සිටිති.

හෝටලයේ එකිනෙකට වෙනස් ආහාර සංස්කෘතීන් සංචාරකයින්ට පිරිනමන අවන්හල් කිහිපයක් තිබේ. ඒ අනුව, වෙරළශ්‍රිත ආහාරපාන සංස්කෘතිය රැගත් Beach Shack, රෝමාන්තික ආහාර රසවින්දනයේ චමත්කාරය රැගත් The Cellar සහ ශ්‍රී ලාංකික තේ ප්‍රමුඛ කරගත් Tea House ප්‍රධාන තැනක් ගනියි.

සුන්දර නැගෙනහිර මුහුදුතීරයේ පිහිටා ඇති Sun Siyam Pasikudah හෝටලය ආහාරපාන රසවිඳීමට හැරුණුවිට සංස්කෘතික සහ ස්වභාවික පරිසර රසවින්දනය වෙනුවෙන් ද ප්‍රසිද්ධීයක් උසුළයි. තව ද ජෛව විවිධත්වයෙන් පිරුණු සහ සංස්කෘතික උරුමයෙන් යුතු නැගෙනහිර පළාතට පිවිසෙන සංචාරකයින්ට ගොඩබිම සහ මුහුද මුසුකරත් අසීමිත වින්දනයක් ලබන අතර, සුවිශේෂී ආහාරපාන අත්දැකීමක් අත්විඳගැනීමට Sun Siyam Pasikudah අවස්ථාව උදාකරදෙයි.

අන්තර්ජාතික සූපවේදී දිනය සැමරීමට එක්වෙමින් ශ්‍රී ලාංකික ආහාරපාන සහ ආගන්තුක සත්කාරය සමරන අතර, මෙරට සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ද Sun Siyam Pasikudah හෝටලය දැවැන්ත මෙහෙයක් ඉටුකරයි. දේශීය ආහාර අමුද්‍රව්‍ය යොදාගනිමින්, තිරසර භාවිතාවන් සමඟ සාම්ප්‍රදායික ආහාරපාන පිළියෙළ කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික සාරය ඉස්මතු කිරීමට හෝටලය සමත්ව තිබේ. Sun Siyam Pasikudah හෝටලය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට www.sunsiyam.com  වෙබ් අඩවිය හෝ +94 65 2055555 දුරකථන අංකය සම්බන්ධ කරගන්න.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − thirteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව