AIA හි සමූහ අධ්‍යක්ෂ – සෞඛ්‍ය සේවා, වෛද්‍ය ක්‍රිස්ටියන් වෝඩ්, 2024 ශ්‍රී ලංකා ජාත්‍යන්තර රක්ෂණ සමුළුව අමතයි.

Christian Ward PR Image (LBN)

වෛද්‍ය ක්‍රිස්ටියන් වෝඩ්, AIA හි සෞඛ්‍ය සේවා, පිළිබඳ  සමූහ අධ්‍යක්ෂක, නොබෝදා කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේ දී පැවති 2024 ශ්‍රී ලංකා ජාත්‍යන්තර රක්ෂණ සමුළුව අමතන ලදී. ‘අභියෝගාත්මක ආර්ථික වාතාවරණයක් තුල රක්ෂකයා ගේ භූමිකාව’ යන තේමාව යටතේ පවත්වන ලද මෙම සමුළුව සඳහා ජාත්‍යන්තර රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සහභාගී වී සිටියේ වර්තමානයේ පවතින සංකීර්ණ වූ ආර්ථික පරිසරය තුල රක්ෂණකරුවන්ගේ  



 කාර්යභාරය පිළිබඳව ගවේෂණය කිරීමටයි.

වෛද්‍ය වෝඩ් මහතාට සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳව සහ, සෞඛ්‍ය සේවා සැපයුම  පිළිබඳව වසර 25කට අධික ජාත්‍යන්තර අත්දැකීම් ඇති අතර, මෙම සමුළුවේ දී “නැඟී එන කලාපීය ප්‍රවණතා සහ ඩිජිටල් යෙදුම් සමඟින් සෞඛ්‍ය රක්ෂණයේ අනාගතය” ආශ්‍රිතව ඔහු සතුව ඇති  දැනුම සියලු දෙනා සමඟින්  බෙදා ගන්නා ලදී. ඔහුගේ කරුණු ඉදිරිපත් කිරීමේ දී සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්‍රය පරිවර්තනය සඳහා හේතුවන ප්‍රධාන ප්‍රවණතා ඉස්මතු කරන ලද අතර එහිදී වටිනාකම මත පදනම් වූ සෞඛ්‍ය සේවා වෙත මාරු වීම,  සෞඛ්‍ය අවදානම් කළමනාකරණය වැඩිදියුණු කිරීමේදී ඩිජිටල් විසඳුම් සහ විශ්ලේෂණාත්මක අවබෝධයන්හි වැඩි දියුණු කිරීමේ වැදගත්කම සහ පාරිභෝගිකයින් වෙත වැඩිදියුණු කළ ගුණාත්මක අත්දැකීම් ලබා දීම සඳහා සෞඛ්‍ය සේවා  සැපයුම සමඟ සෞඛ්‍ය රක්ෂණය ඒකාබද්ධ කිරීම යන කරුණු  පිළිබඳ සාකච්ඡා කරන ලදී.

නවසීලන්තය සහ එක්සත් රාජධානිය තුල වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමෙන් වෛද්‍ය වෝඩ් ලබා ඇති පුළුල් වූ අත්දැකීම් මත පදනම්ව ඔහු අවධාරණය කර කියා සිටියේ රක්ෂණකරුවන් ඔවුන්ගේ සාම්ප්‍රදායක භූමිකාවෙන් ඔබ්බට ගොස් ක්‍රියාශීලී සෞඛ්‍යසේවා හවුල්කරුවන් බවට පත්වීම තීරණාත්මක අවශ්‍යතාවයක් වන බවයි.  ඔහු තවදුරටත් පවසා සිටියේ ආසියා පැසිෆික් කලාපය තුල සිටින සේවාලාභීන්ගේ ක්‍රමක්‍රමයෙන් පරිණාමනය වන අවශ්‍යතා හඳුනාගනිමින්  ඒවාට සරිලන අයුරින් නවතම තාක්ෂණය භාවිතයෙන් එක් එක් සේවාලාභියාට අනන්‍ය වූ සේවාවක් ලබා දීම වැදගත් බවයි. එමෙන්ම රෝග නිවාරණය සඳහා වැදගත්වන ආකාරයේ සෞඛ්‍ය සත්කාරක සේවා ලබාදීමේ අවශ්‍යතාවක් ද ඒ හා සමානව ඇති බවද ඔහු අවධාරණය කර සිටියේය.

ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීමට සහාය වීම යන AIA හි සන්නාම ප්‍රතිඥාව තවදුරටත් තහවුරු කරමින්, වෛද්‍ය වෝඩ් මහතා ඔහුගේ අගනා දැනුම සහ අත්දැකීම් මෙම සමුළුවේ දී බෙදා ගැනීම පිළිබඳව AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි.  අනාගතයේ දී අපට මුහුණ දීමට සිදුවන අභියෝගාත්මක ආර්ථික වාතාවරණයන් තුළ, කලාපය පුරාවට විසිරී සිටින අපගේ අගනා සේවාලාභී ජනතාව වෙත සෞඛ්‍යසත්කාර සහ රක්ෂණය පිලිබඳව ඉහළ තලයේ පුරෝගාමී මුලපිරීම් ලබා දීමට AIA වඩාත් කැපවී සිටියි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව