සියැට් වෙළඳ නියෝජිතයින් බැංකොක් සහ පතායා හි සිය සාර්ථකත්වය සමරයි

Dealer Tour of Thailand 2024 (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් විසින් ට්‍රක් සහ බස්රථ ටයර් අලෙවිය සඳහා වන ඉලක්ක සපුරා ගනිමින් ඉහළ කාර්ය සාධනයක් පෙන්වූ වෙළඳ නියෝජිතයින් සඳහා මෑතකදී තායිලන්තයේ විනෝදජනක සංචාරයක් පිරිනමා ඇත.

මෙම සංචාරය සඳහා වෙළඳ නියෝජිතයින් 31 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි. 2024 වසරේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා වූ නියමිත කාලසීමාවේ දිනාගත් විකුණුම් ජයග්‍රහණ සමරමින් වෙළඳ නියෝජිතයින්, සියැට් හි විකුණුම් හා අලෙවි අංශයේ නියෝජිතයින් සහ සියැට් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් මෙම සංචාරයට සම්බන්ධ වූ අතර පතායා සහ බැංකොක් හි දින හතරක් ගත කරන ලදී.
 



 

කොරල් දූපත් චාරිකාව සහ බෝට්ටු සවාරි වැනි ජල ක්‍රියාකාරකම්, ග්‍රෑන්ඩ් මාලිගය, වට් අරුන් වැනි විශ්මයජනක දසුන් සමගින් බැංකොක්හි ප්‍රසිද්ධ චාඕ ෆ්‍රායා නදිය දිගේ ‘චාඕ පාර්යා ප්‍රින්සස්’ බෝට්ටුවේ විශේෂ රාත්‍රී භෝජනයක් සහ ප්‍රමුඛ පෙළේ අවන්හල්වල විශේෂ රාත්‍රී භෝජන සහ කොක්ටේල් සංග්‍රහයන් මෙන්ම සාප්පු සවාරි සහ විවේකීව කාලය ගතකිරීම් සංචාරයේ සුවිශේෂී අවස්ථා අතර විය.

පිරිසට බැංකොක්හි උසම සහ වඩාත් කැපී පෙනෙන හෝටල්වලින් එකක් වන බයියෝක් ස්කයි හෝටලයේ නවාතැන් පහසුකම් ලබා දෙන ලදී. මෙම සංචාරය වෙළඳ නියෝජිතයින්, සියැට් සමාගමේ කළමණාකාරීත්වය සහ විකුණුම් කණ්ඩායම අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීමටත් අනාගත ව්‍යාපාරික ඉලක්ක පෙළගැස්වීමටත් වටිනා අවස්ථාවක් සලසා දුන් බව සමාගම පවසයි.

ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රොස්-ප්ලයි සහ රේඩියල් ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හවුල් ව්‍යාපාරය ආයතන 600 කින් සමන්විත මෙරට ටයර් ක්ෂේත්‍රයේ විශාලතම වෙළෙඳ නියෝජිත ජාලයට හිමිකම් කියයි. සියැට් සමාගම පසුගිය දශකය තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති  සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවයි. සියැට් කැළණි සමාගම සිය නිෂ්පාදනයෙන් සියයට 20ක් පමණ රටවල් 16කට අපනයනය කරන අතර ආනයනික ටයර් මත යැපීම අඩුකරමින් විදේශ විනිමය සුරැකීමට ජාතික ආර්ථිකයට උපකාර කිරීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.

සියැට් වෙළඳ නියෝජිත කණ්ඩායම තායිලන්ත සංචාරයේ යෙදී සිටින අයුරු සේයාරුවෙන් දැක්වෙයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව