තන්සිල් තාජුඩීන් ආසියානු-පැසිෆික් 40 Under 40 සම්මානය දිනාගනියි

Thanzyl Thajudeen

ආසියානු-පැසිෆික් කලාපයේ අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ නවෝත්පාදනය සහ නව මානයන් සොයායාම වෙනුවෙන් පිරිනමන 40 Under 40 සම්මානය සඳහා කොළඹ කේන්ද්‍ර කරගත් ප්‍රමුඛතම මහජන සබඳතා, සන්නිවේදන සහ කීර්තිනාම උපදේශන සමාගමක්වන Mark and Comm හි අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් (Thanzyl Thajudeen) මහතා නිර්දේශ වී තිබේ.

අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ විශිෂ්ට දැක්මක් සමගින් අන්‍යයන් සවිබලගැන්වීමේ කාර්යයක ද නියුතු විශිෂ්ටයින් පිරිසක් මෙම සම්මාන වෙනුවෙන් නිර්දේශ වී තිබුණි.
 



 

එම නිර්දේශිත නාම තෝරාගනු ලැබූයේ  DFI Retail සමූහයේ අලෙවි අධ්‍යක්ෂිකා සිසිලියා යොන්ග්, Hasbro Singapore හි ආසියානු පැසිෆික් ප්‍රවර්ධන සහ සහයෝගීතා අංශ ප්‍රධානී ජොඇනා වයිට්, Mastercard Asia Pacific හි පාරිභෝගික අලෙවි, අනුග්‍රාහකත්ව සහ ක්‍රීඩා අංශයේ උප සභාපති කාවේරි කුල්ලාර්, Campaign Asia Pacific හි සංස්කාරක නිකිතා මිෂ්රා සහ එහි සංස්කරණ අධ්‍යක්ෂ රොබට් සවට්ස්කි යන විද්වත් පිරිසගෙන් සමන්විත විශේෂ ජූරියකිනි.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, චීනය, ඉන්දියාව ඇතුළු ආසියානු-පැසිෆික් කලාපය නියෝජනය කරන වෙළෙඳපොළ 14කින් ජයග්‍රාහකයින් තෝරාගනු ලැබීම, මෙම සම්මාන ප්‍රදානයේ තවත් විශේෂත්වයකි. එමෙන්ම ඔවුහු, ස්වාධීන ආයතනවල සිට ගෝලීය ආයතන දක්වා ද, මාධ්‍ය, මූල්‍ය සේවා, දැන්වීම් තාක්ෂණ (adtech), අලෙවි තාක්ෂණ (martech), මහජන සබඳතා, සෞඛ්‍ය සන්නිවේදන සහ වීඩියෝ අලෙවි වැනි අංශ රැසක් නියෝජනය කිරීම ද කැපීපෙනේ.

තන්සිල් තාජුඩීන් මහතා Mark and Comm සමාගමේ සියලු ව්‍යාපෘති සහ මෙහෙයුම් භාරව ක්‍රියාකරන අතර, තම සේවාදායකයින්ගේ නායකත්ව කණ්ඩායම්වලට ක්‍රමෝපායික උපදේශනය ද සපයයි. Mark and Comm සමාගම මේ වනවිට මහජන සබඳතා මෙහෙයුම්වලින් ඔබ්බට ගොස් ක්‍රමෝපායික සන්නිවේදනය, දැන්වීම්කරණය, නිර්මාණකරණය සහ අලෙවි උපදේශනය වැනි අංශ ගණනාවකට පිවිස ඇති අතර, කෘෂිකර්ම, ඇඟලුම්, පාරිභෝගික සේවා, අධ්‍යාපන, තාක්ෂණ, සංචාරක වැනි ක්ෂේත්‍ර රැසක සමාගම් වෙත සිය සේවා සපයයි.

මේ වසරේ අගෝස්තු මාසයේදී Mark and Comm සමාගම, ZeroPlastic Movement සමඟ එක්ව ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය පිළිබඳ සමාජය දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර, Women in Tech Sri Lanka සංවිධානය සමඟ එක්ව ශ්‍රී ලංකාව තුළ විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත අධ්‍යාපනය තුළ කාන්තා නියෝජය වැඩිකිරීම වෙනුවෙන් ද සහයෝගීතාවක් ඇරඹීය. මහජන සබඳතා සහ නිර්මාණාත්මක සන්නිවේදන කර්මාන්තය තුළ ශ්‍රී ලංකාව සතු කුසලතා පදනම් කරගනිමින් Mark and Comm සමාගම ගෝලීය තලයට ගෙනයාමට ද තාජුඩීන් මහතා සැලසුම් කර තිබේ.

මහජන සබඳතා සහ සන්නිවේදන සංගමයේ (PRCA) සාමාජිකත්වය ද උසුළන ඔහු, එහි අධ්‍යාපන උපදේශන මණ්ඩලයේ සහ සාමාජිකත්ව කමිටුවේ ද සේවය කරයි. එමෙන්ම PRCA  ආසියානු පැසිෆික් මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරන අතර, Chartered Institute of Public Relations (CIPR) වෘත්තීය ප්‍රමිති කමිටුවේ සහ ජාත්‍යන්තර කමිටුවේ ද සාමාජිකයකි.

ශ්‍රී ලංකාවේ මහජන සබඳතා ආයතන ප්‍රධානීන් සහ වෘත්තීකයින් අතර වාර්ෂික සමීක්ෂණයක් ද පවත්වන තාජුඩීන් මහතා, මෙරට ප්‍රථම මහජන සබඳතා වෙබ් සම්මන්ත්‍රණය ද සංවිධානය කළේය. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ දැන්වීම්කරණ සහ අලෙවිකරණ ආචාරධර්ම සහ ප්‍රමිතීන් නංවාලීම වෙනුවෙන් විශේෂ කැපවීමක් සහ ප්‍රයත්නයක් දරන ඔහු ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තයේ උද්ගතව ඇති ප්‍රධාන ගැටලුවලට විසඳුම් සැපයීම වෙනුවෙන් ද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරයි.

CIPR හි සාමාජිකයෙකු සහ වරලත් මහජන සබඳතා වෘත්තිකයෙකුවන තන්සිල් තාජුඩීන් මහතා, Chartered Institute of Marketing (CIM) ද සාමාජිකත්වය හොබවයි. කොළඹ විශ්ව විද්‍යාලයේ විධායක ව්‍යාපාරික පරිපාලන පශ්චාද් උපාධිය ද ඔහු සතුය. වගකීම් සහගත මහජන සබඳතා සහ අලෙවිකරණ භාවිතාවන් පිළිබඳ ඔහුගේ ලිපි PRCA බ්ලොග් අඩවියේ සහ Campaign Asia Pacific සඟරාවේ පළ වී තිබේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව