කොමර්ෂල් බැංකුවෙන් පුදුකුඩියිරුප්පු වෙත ගෝලීය මට්ටමේ බැංකු සේවා

273rd branch - Puthukudiyiruppu (LBN)

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩියිරුප්පු හි සිය නවතම ශාඛාව විවෘත කරමින් කොමර්ෂල් බැංකුව මෙම ශීඝ්‍රයෙන් වර්ධනය වන නගරයට ගෝලීය මට්ටමේ බැංකු සේවා හදුන්වා දී ඇත.

මෙම ප්‍රදේශයට බැංකුව මගින් ලබා දී ඇති වැදගත්කම පිළිබිඹු කරමින් කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හාන් මුසීන් මහතා, කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ ආයතනික කළමනාකාරිත්වයේ සාමාජිකයින් මෙම ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී විය.
 



 

පුදුකුඩියිරුප්පු හි වෝර්ඩ් නො. 1, ස්ථානයෙහි පිහිටි මෙම නව ශාඛාව සියළුම බැංකු මෙහෙයුම්, ණය, සහ උකස් වැනි සේවා ලබා දෙන අංගසම්පූර්ණ ශාඛාවක් වන අතර, ඵහි පැය 24 පුරා ප්‍රවේශය ලබාදෙන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් (ATM) සහ මුදල් තැන්පතු සහ ආපසු ගැනීමේ යන්ත්‍රයක් (CRM) ස්ථාපිත කර ඇත.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 974 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

සේයාරුවෙන් දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හාන් මුසීන් මහතා, කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව