සුරේන් කුක් ඒජන්සීස් 2024 FAOPMA සමුලුවේදී සුවිශේෂී සම්මාන දෙකකින් පිදුම් ලබයි

Image 02

ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පලිබෝධ කළමනාකරණ සමාගමක් වන සුරේන් කුක් ඒජන්සීස් (පුද්) සමාගම පසුගියදා ඉන්දියාවේ මුම්බායිහිදී නිමාව දුටු 2024 FAOPMA සමුලුවේදී සුවිශේෂී සම්මාන දෙකක් තමන් සතු කර ගැනීමට සමත් විය. එහිදී සුරේන් කුක් ඒජන්සීස් විසින් දිනා ගනු ලැබුවේ BASF විසින් අනුග්‍රහය දක්වන ලද  ‘වසරේ පලිබෝධ කළමනාකරු සම්මානය හා Ensystex විසින් අනුග්‍රහය දක්වන ලද තිරසාර සම්මානයයි. මෙම සම්මානයන් සමඟ විශිෂ්ට සේවාව හා තිසාරත්වය වෙනුවෙන් වන සිය කැපවීම යලි යලිත් තහවුරු කිරීමට සුරේන් කුක් ඒජන්සීස් සමත් විය.

 




 

ආසියානු හා පැසිෆික් කලාපීය රටවල වෘත්තිකයින්, නවෝත්පාදකයින් හා නියාමන ආයතන සමඟ එක් වෙමින් පවත්වනු ලබන ගෝලීය පලිබෝධ කළමනාකරණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සමුලුවක් ලෙස FAOPMA පෙන්වා දිය හැකිය. විශේෂයෙන් කර්මාන්තය තුළ විශිෂ්ට භාවිතයන් බෙදා හදා ගැනීම, නව ප්‍රවණතා පිළිබඳ අදහස් බෙදාහදා ගැනීම මෙන්ම නව කර්මාන්ත ප්‍රමිතීන් සැකසීමට අවස්ථාව සලසා දෙන එම සමුලුවේදී සම්මානයෙන් පිදුම් ලැබීම තුළින් ජාත්‍යන්තර පලිබෝධ කළමනාකරණ භාවිතයන් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සිය කැපවීම මනාව අවධාරණය කිරීමට සුරේන් කුක් ඒජන්සීස් ආයතනයට හැකියාව උදා විය.

 

සුරේන් කුක් ඒජන්සීස්හි වෘත්තීයභාවය, නවෝත්පාදනය හා පාරිභෝගික සේවය සඳහා වූ කැපවීම මනාව ප්‍රදර්ශනය කළ ගෞරවණීය සම්මානයක් ලෙස BASF විසින් අනුග්‍රහය දක්වන ලද වසරේ පලිබෝධ කළමනාකරු සම්මානය පෙන්වා දිය හැකිය.  එම සම්මානය පිරිනමනු ලබන්නේ උසස් වෘත්තීය ප්‍රමිතීන් පවත්වා ගැනීම, පරිභෝගිකයින් සමඟ ශක්තිමත් සබඳතාව ඉහළ නැංවීම හා පලිබෝධ පාලනයේ නව්‍ය විසඳුම් ක්‍රියාත්මක කිරීමේ විශිෂ්ටත්වය වෙනුවෙනි. සුරේන් කුක් ඒජන්සීස් මෙම සම්මානය දිනා ගැනීමට සමත් වූයේ තරඟකාරී පලිබෝධ කළමනාකරණ කර්මාන්තය තුළ එම විශිෂ්ටතා පෙන්නුම් කරමිනි.

මෙම සම්මානය දිනා ගැනීම පිළිබඳව අදහස් දැක්වූ සුරේන් කුක් ඒජන්සීස්හි අධ්‍යක්ෂ ෂෙරාන් කුක් මහතා සඳහන් කර සිටියේ “ වසරේ පලිබෝධ කළමනාකරු සම්මානය දිනා ගැනීමට ලැබීම අපගේ සේවාවේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීමක් ලෙස පෙන්වා දිය හැකියි. නිරන්තරයෙන් කර්මාන්ත ප්‍රමිතීන් ඉහළ නැංවීමට කටයුතු කරන අප අපගේ ගනුදෙනුකරුවන් වෙත උපරිම සේවාවක් ලබා දීමට කැපවී කටයුතු කරනවා. අපගේ එම කැපවීම පිළිගැනීමට ලක් වූ අවස්ථාවක් වන මෙය අප මෙතෙක් සිදු කර ඇති සේවාවන් ඇගයීමක් පමණක් නොව පලිබෝධ කර්මාන්තයේ නායකත්වය ගෙන කටයුතු කිරීම සඳහා අප ලද දිරි ගැන්වීමක් ලෙසද සැලකීමට කැමතියි.” යනුවෙනි.

සුරේන් කුක් ඒජන්සීස් විසින් තිරසාර සම්මානය හිමි කර ගනු ලැබුවේ තිරසාර පලිබෝධ කළමනාකරණ භාවිතයන් සඳහා ඔවුන් දක්වන සුවිශේෂී දායකත්වය වෙනුවෙනි. Ensystex විසින් අනුග්‍රහය දක්වන ලද එම සම්මානය තුළින් පලිබෝධ කළමනාකරණයේදී පාරිසරික බලපෑම් අවම කිරීම, සම්පත් සංරක්ෂණය හා සදාචාරාත්මක ව්‍යාපාර භාවිතයන් ඉහළ නැංවීමේ ප්‍රගතියක් අත්කර ගෙන ඇති සමාගම් ඇගයීමට ලක් කරනු ලබයි.

සුරේන් කුක් ඒජන්සීස් සිය පලිබෝධ කළමනාකරණයේදී තිරසාරභාවය පවත්වා ගැනීම වෙනුවෙන් බලශක්ති කාර්යක්ෂම තාක්ෂණයන් ක්‍රියාත්මක කිරීම, ජල සංරක්ෂණ ක්‍රමයන් හා අපද්‍රව්‍ය අවම කිරීම වැනි උපාය මාර්ග අනුගමනය කිරීමට කටයුතු කර ඇත. මේ තුළින් පාරිසරික බලපෑම අවම කරමින් කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ නැංවීමටද සමත්ව ඇති සුරේන් කුක් ඒජන්සීස්  ව්‍යාපාර ලාභය හා පාරිසරික සුරක්ෂිතතාව සමබරව පවත්වාගෙන යාමට හැකි බව මනාව පෙන්වා දී ඇත.

මෙහිදී අදහස් දැක්වූ සුරේන් කුක් ඒජන්සීස්හි අධ්‍යක්ෂ රාජිත කුක් මහතා “ සුරේන් කුක් ඒජන්සීස් ලෙස සෑම කටයුත්තකදීම තිරසාරත්වය මූලික කර ගැනීමට අප කටයුතු කරනවා. අපගේ පාරිභෝගිකයින් පලිබෝධකයින්ගෙන් ආරක්ෂා කිරීම පමණක් නොව පරිසරයේ ආරක්ෂාවද අපගේ වගකීමක් බව විශ්වාස කරන අප ලද මෙම සම්මානයන් තුළින් තිරසාර භාවිතයන් අනුගමනය කිරීමට ගන්නා උත්සාහය අගය කරන අතරම වගකිව යුතු ආයතනයක් ලෙස අපගේ කැපවීමද ඉස්මතු කරනවා.” යනුවෙන් පැවසීය.

FAOPMA සමුලුවේදී සුරේන් කුක් ඒජන්සීස් ලද මෙම ජයග්‍රහණය පලිබෝධ කළමනාකරණ කර්මාන්තය තුළ වෘත්තීය ප්‍රමිතීන් හා තිරසාර භාවිතයන් අනුගමනය කරන කලාපීය ප්‍රමුඛයා බවට ඔවුන් පත් කිරීමටද හේතු වී ඇත. ඔවුන් ලද මෙම ගෞරවය තුළින් ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොල තුළ තව දුරටත් සිය සේවාවන් ව්‍යාප්ත කිරීමට සුරේන් කුක් ඒජන්සීස් අරමුණු කර ගෙන ඇත. විශිෂ්ටත්වය හා තිරසාර භාවිතයන් වෙනුවෙන් තව දුරටත් කැප වෙමින් සාර්ථක සේවාවක් දියත් කරන අතරම කර්මාන්තයේ නව ප්‍රමිතීන් සකස් කිරීම සඳහා තමන්ව අනුගමනය කිරීමට අනෙකුත් ආයතනයන් දිරි ගැන්වීමටද සුරේන් කුක් ඒජන්සීස් කටයුතු කරනු ඇත.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව