Atlas Axillia පාරිසරික තිරසාරත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ECO SPINDLES සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

Plastic (LBN)

ශ්‍රී ලංකාවේ ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය ශක්තිමත් කිරීමට පියවර ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් ඉගෙනුම් සන්නාමය වන Atlas වසර 60කට අධික කාලයක් පුරා අධ්‍යාපනය තුළින් මෙරට දරුවන්ට වඩා හොඳ හෙට දවසක් උදා කිරීම වෙනුවෙන් කැපවී සිටියි. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වන එම කැපවීම තව දුරටත් ඉදිරියට ගෙන යමින් දරුවන්ට වඩා සුරක්ෂිත පරිසරයක් උදා කර දීම උදෙසා පසුගියදා තවත් සුවිසල් ඉදිරි පියරක් තැබීමට සමත් විය. ඒ පරිසරයට එකතුවන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය ඉහළ නැංවීම සඳහා ECO SPINDLES පුද්. සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙමිනි. අද වන විට සුවිසල් පාරිසරික අර්බුධයක් බවට පත්ව ඇති පරිසරයට එකතුවන ප්ලාස්ටික් එකතු කිරීම හා ප්‍රතිචක්‍රීකරණය සඳහා තිරසාර විසඳුමක් ඉදිරිපත් කිරීමේ හවුල්කාරීත්වයක් ලෙස සඳහන් කළ හැකි මෙය තිරසාර පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් Atlas Axillia හි කැපවීම පිළිබිඹු කරන්නක් ලෙසද හඳුන්වා දිය හැකිය.

 



 

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා Atlas Axillia පුද්. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර අලෙවි ප්‍රධානී රන්දික ද සිල්වා සහ ආයතනික සම්බන්ධතා ප්‍රධානී නදීකා ජයසිංහ මහත්මිය යන මහත්ම මහත්මීන් එක්ව සිටි අතර ECO SPINDLES පුද්. සමාගම නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරී හා ප්‍රධාන ව්‍යාපෘති නිලධාරී ප්‍රසාන්ත මාලිම්බඩගේ මහතා එක්ව සිටියේය.

පරිසරයට එකතු වන PET බෝතල් එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය ඉහළ නැංවීම අරමුණු කොටගත් මෙම හවුල්කාරීත්වය තුළින් අවම වශයෙන් ප්ලාස්ටික් කිලෝග්‍රෑම් මිලියන 1.5කට වැඩි ප්‍රමාණයක ප්‍රතිචක්‍රීකරණ ඉලක්කයක් සපුරා ගැනීමටද Atlas Axillia බලාපොරොත්තු වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Atlas Axillia පුද්. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා “පරිසරයට එකතු වන නොදිරන ප්ලාස්ටික් අද වන විට විශාල පාරිසරික අර්බුදයක් බවට පත්ව තිබෙනවා. ඉවතලන ප්ලාස්ටික් පරිසරයට එකතු වීමට නොදී ප්‍රතිචක්‍රීකරණය සඳහා යොදා ගැනීම අනාගත පරපුර වෙත සුරක්ෂිත පරිසරයක් දායාද කිරීම සඳහා වන හොඳම වැඩපිළිවෙල බව අපි විශ්වාස කරන අතර ඒ වෙනුවෙන් ECO SPINDLES පුද්. සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට හැකිවීම පිළිබඳ ඉතාමත් සතුටුයි. මෙම ගිවිසුම තුළින් පරිසරයට එකතුවන ප්ලාස්ටික් ප්‍රමාණය අවම කරමින් තිරසාර පරිසරයක් නිර්මාණය කිරීමේ අවස්ථාව අපට හිමි වී තිබෙන අතර ශ්‍රී ලාංකේය ආයතනයක් ලෙස මෙන්ම දැයේ දරුවන් වෙනුවෙන් කැපවන ආයතනයක් ලෙස Atlas Axillia හි පාරිසරික සුරක්ෂිතතාව සහතික කිරීමේ වැඩසටහනක් ලෙසත් මෙය හඳුන්වාදීමට කැමතියි.” යනුවෙන් පවසා සිටින ලදී.

මෙහිදී අදහස් දැක්වූ ECO SPINDLES පුද්. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හා ප්‍රධාන ව්‍යාපෘති නිලධාරී ප්‍රසාන්ත මාලිම්බඩගේ මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලාංකේය ජනතාව අතර ජනප්‍රිය ආයතනයක් වන Atlas Axillia සමඟ පාරිසරික තිරසාරත්වය වෙනුවෙන් මේ ආකාරයේ ගිවිසුමකට එළඹීමට ලැබීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත් වනවා. පරිසරයට ප්ලාස්ටික් එකතු වීම අවම කරන මෙම ක්‍රියාවලියේ දී Atlas Axillia බලාපොරොත්තු වන පාරිසරික සුරක්ෂිතතාව හා තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා අපි කැපවී කටයුතු කරන අතර මෙම සහයෝගීතාව තුළින් පාරිසරික සුරක්ෂිතතාව හා තිරසාර සංවර්ධනය පිළිබඳව සමාජය තුළ ප්‍රායෝගික හා කාලෝචිත කතිකාවතක් නිර්මාණය කිරීමට හැකිවේ කියා අප තරයේ විශ්වාස කරනවා” යනුවෙනි.

සතුටින් ඉගෙන ගැනීම සඳහා දරුවන් දිරිමත් කරන Atlas Axillia මෙම වැඩසටහන තුළින් දරුවන්ට සතුටින් ඉගෙන ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමටද කටයුතු කිරීම විශේෂත්වයකි. දරුවන් මෙන්ම වැඩිහිටියන්ද පාරිසරික ගැටළු පිළිබඳව දැනුවත් කිරීම සඳහා ද කදිම පියවරක් වන මෙය ඔවුන් තුළ පාරිසරික වගකීම පිළිබඳ සවිමත් අදහසක් නිර්මාණය කිරීමටද හේතු වනු ඇත.

දරුවන්ල ගුරුවරුන් හා දෙමව්පියන් වෙනුවෙන් Atlas සිප්සවි, Atlas ගුරු-ගරු, Light a future වැනි සුවිශේෂී සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඔවුන්ගේ අනාගතයට සවියක් වීමට කටයුතු කර ඇති Atlas Axillia ආයතනය ව්‍යාපාරකරණයෙන් ඔබ්බට ගොස් පාරිසරික සුරක්ෂිතතාවය සහ රටේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් සිය නොමසුරු දායකත්වයක් ලබා දීම කැපි පෙනේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව