E. B. Creasy Solar ප්ලැටිනම් අනුග්‍රාහකත්වය සමගින් ‘Construction Power and Energy Expo 2024’ ප්‍රදර්ශනය සාර්ථක ලෙස නිමාව දකියි

Image - E. B. Creasy Solar powers prestigious 9th Construction Power and Energy Expo 2024 English (LBN)

නව වන වරටත් සංවිධානය කරන ලද ‘Construction Power and Energy Expo 2024’ ප්‍රදර්ශනය ජූලි මස 05, 06 සහ 07 යන තෙදින තුළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. දීර්ඝ කාලයක පටන් තිරසර සංවර්ධනය වෙනුවෙන් කැප වී කටයුතු කරන සමාගමක් වන E. B. Creasy Solar එහි ප්ලැටිනම් අනුග්‍රාහක ලෙස කටයුතු කළේ ය. එම සමාගමේ නවීනතම Solar Grid Tied, Solar Irrigation සහ Solar Hybrid නිෂ්පාදන ඇතුළු තිරසර බලශක්ති විසඳුම් රැසක් දැකබලා ගැනීමට මෙම ප්‍රදර්ශනය වෙත පැමිණි නරඹන්නන්ට අවස්ථාව උදා විය. මෙරට ගෘහස්ථ හා කාර්මික පාරිභෝගිකයන් වෙත පරිසර හිතකාමී හා තිරසර බලශක්ති විසඳුම් ලබාදීමේ අරමුණින් මෙම නිෂ්පාදන හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය තුළ නවෝත්පාදනය සහ තිරසරත්වය දිරිගන්වන අතරම මෙරට පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ ප්‍රමුඛයෙකු ලෙස තමන් සතු කීර්තිනාමය තවදුරටත් තහවුරු කරගැනීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් E. B. Creasy Solar සමාගම විසින් මෙම ප්‍රදර්ශනයට අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව