ඔමේගා ලයින් සමාගම, බලශක්ති කාර්යක්ෂමතාව සහ පිරිසිදු බලශක්ති භාවිතය වෙනුවෙන් සම්මාන ලබයි

1- Omega Line bronze one (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අපනයනකරුවෙකුවන ඔමේගා ලයින් සමාගමේ පරිසර හිතකාමී තිරසර භාවිතාවන් අගය කරමින් පසුගියදා පැවති තිරසර කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් හරිත කර්මාන්ත පියවර පිළිබඳ සමුළුවේදී ලෝකඩ සම්මාන දෙකක් ප්‍රදානය කෙරුණි. ඉතාලිය පදනම් කරගත් කල්සෙඩෝනියා සමූහයට (වර්තමානයේ ඔනිවර්ස්) අයත් ඔමේගා ලයින් සමාගමට මෙම සම්මාන හිමිවූයේ බලශක්ති කාර්යක්ෂමතා පියවර සහ නිෂ්පාදන භාවිතාවන් උදෙසා පිරිසිදු බලශක්ති භාවිතය යන අංශ දෙක යටතේ මෙම සම්මාන දෙක පිරිනැමුණි.

 



 

කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සහ කර්මාන්ත අමාත්‍යංශය පළමු වරට සංවිධානය කරන ලද මෙම සමුළුව ජුනි 23 වැනිදා කොළඹ BMICH හිදී පැවැත්වුණි.

මහන මැෂින්වල ක්ලච් වෙනුවට සර්වෝ මෝටර් ආදේශ කිරීම, LED ආලෝක භාවිතය, සම්පීඩිත වායු භාවිතය (compressed air usage) ප්‍රශස්ත මට්ටමක පවත්වාගැනීම, කර්මාන්තශාලාවල නිතර භාවිත නොවන කලාපවල සංවේදක මගින් ක්‍රියාත්මක වන ආලෝක පද්ධති ස්ථාපිත කිරීම ඇතුළු සමාගමේ බලශක්ති පරිභෝජනය අවම කරමින් පරිසර හිතකාමීබව වැඩිකිරීමට මුල් වූ ක්‍රියාකාරකම් වෙනුවෙන් බලශක්ති කාර්යක්ෂමතා ලෝකඩ සම්මානය හිමිවිය.

අනෙක් ලෝකඩ සම්මානය හිමිවූයේ, සමාගමේ සූර්ය බලශක්ති භාවිතය ඇගයීමට ලක්කරමිනි. වර්තමානය වනවිට සමාගමේ බලශක්ති පරිභෝජනයෙන් තුනෙන් එකක් සපුරාලනු ලබන්නේ සූර්ය බලයෙන් වීම විශේෂත්වයකි. ඒ හරහා සමාගමේ කාබන් විමෝචනය සැළකිය යුතු ලෙස අවම කරමින් වාර්ෂිකව කිලෝග්‍රෑම් මිලියන 1.46ක කාබන් වායු විමෝචනයක් නවතාලීමට සමාගමට හැකිවී තිබේ. එය වාර්ෂිකව ගස් 43,600ක් සිටුවීමට සමාන වේ. වර්ෂ 2030 වනවිට සිය සමස්ත බලශක්ති අවශ්‍යතාව සූර්ය බලශක්තිය හරහා ලබාගැනීමට ඔමේගා ලයින් සමාගම දැනටමත් සැලසුම් කර අවසන් ය.

මීට අමතරව කිලෝ වොට් 2,300ක විදුලි බලයක් ජනනය කෙරෙන සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීමට ද සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 1.85ක මුදලක් ආයෝජනය කර තිබේ. වසරකට ඇඟලුම් නිෂ්පාදන මිලියන ගණනක් නිෂ්පාදනය කර අපනයනය කරන ඔමේගා ලයින් සමාගමට මේ හරහා තම බලශක්ති පරිභෝජනය දැවැන්ත ලෙස අවම කරගැනීමටත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය තුළ නව පරාමිතීන් හඳුන්වා දීමටත් හැකිවනු ඇත.

මේ අතර, සමාගම තුළ ඩිජිටල් පරිවර්තන රැසක් සිදුකරමින් සමස්ත මෙහෙයුම් කාර්යක්ෂමතාව නංවාලීමට ද සැලසුම් දියත් කර තිබේ. මෙම පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාවලිය තුළ IoT සහ AI වැනි නව තාක්ෂණය වෙනුවෙන් ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබේ.

ඔනිවර්ස් (Oniverse) සමූහයට අනුබද්ධිත ඔමේගා ලයින් සමාගම, සඳලංකාව ප්‍රදේශයේ පිහිටා ඇති අතර 15,500කට වැඩි පිරිසක් එහි සේවය කරති. 2023 වසරේදී සමාගම අපනයනය කළ ඇඟලුම් නිෂ්පාදන ප්‍රමාණය මිලියන 200කට ආසන්න ය. රට තුළ පැවැති විවිධ ආර්ථික අභියෝග හමුවේ වුව ද 2023 වසරේදී ඩොලර් මිලියන 600කට වැඩි පිරිවැටුමක් වාර්තා කිරීමට ද ඔමේගා ලයින් සමාගම සමත්විය. සමාගම ශ්‍රී ලංකාව තුළ මේ දක්වා කර ඇති සමස්ත ආයෝජනයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 350 ඉක්මවයි.

ගෙවුණු වසර 25 තුළ ඔමේගා ලයින් සමාගම සහ එහි මව් සමාගම වන කැල්සෙඩෝනියා සමූහය ශ්‍රී ලංකාව තුළ දැවැන්ත සාර්ථකත්වයක් අත්කරගැනීමට සමත්ව තිබේ. වර්ෂ 1999දී සමාගම සතු වෙළෙඳසැල් ප්‍රමාණය 300ක් වූ අතර මේ වනවිට එම සංඛ්‍යාව රටවල් 55ක වෙළෙඳසැල් 5,500කට අධික ය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව