Pink Auto Shop ලංකාවේ ජනප්‍රියම Vehicle Detailing සේවා සැපයුම්කරු ලෙස BWIO සම්මාන දිනයි

The Pink Auto Shop

මෙරට ප්‍රමුඛ පෙළේ වාහන Detailing සේවා සපයන්නෙකු වන Pink Auto Shop සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී ලංකාවේ ජනප්‍රියම වාහන Detailing සේවා සැපයුම්කරු ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. උසස් ප්‍රමිතියෙන් යුතු වාහන Detailing සේවා සපයන ආයතන හිඟයට පිළියමක් ලෙස 2018දී ඇරැඹූ Pink Auto Shop වාහන Detailing ක්ෂේත්‍රයට අදාළ සියලු සේවා සපයයි. ඉතාලියේ RUPES, එක්සත් රාජධානියේ Gtechniq, අමෙරිකා එක්සත් ජනපදයේ STEK හා JAX WAX සහ චීනයේ SGBC වැනි ක්ෂේත්‍රයේ දැවැන්ත සන්නාම සමඟ එකතු වී ඇති Pink Auto Shop වර්තමානයේදී ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටී. Pink Auto Shop විසින් ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල ශ්‍රී ලංකාවේ එකම වාහන Detailing සේවා මධ්‍යස්ථානය BigFoot නමින් 2019දී ඇරැඹීය. ලංකාවේ කාන්තා පාර්ශ්වයටද මෙම ක්ෂේත්‍රය ප්‍රථම වරට විවෘත කරමින් රැකියා අවස්ථා බිහි කිරීමට Pink Auto Shop කටයුතු කර ඇත.

ඔවුන්ට අනුබද්ධ සමාගමක් වන Pink Academy වාහන Detailing පිළිබඳ ඉහළ පිළිගැනීමක් සහිත අධ්‍යාපන පාඨමාලා රැසක් හඳුන්වා දී ඇත. එය තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ඇති අතර NVQ සිව් වැනි අදියරේ සහතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් RUPES සහතික පිරිනමයි. වසර පහක් වැනි කෙටි කාලයකදී සුවිශේෂ දියුණුවක් ලැබූ Pink Auto Shop දෙවන ශාකාව දකුණු ආසියාවේ විශාලම වාහන Detailing මධ්‍යස්ථානය වේ. ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් කරමින් ඕනෑම වාර ගණනක් නොමිලේ වාහන Wash, Vacuum, Wax කර ගැනීමේ අවස්ථාව Pinkfinity හරහා සිය විශ්වාසනීය පාරිභෝගිකයන්ට උදා කර දීමට Pink Auto Shop කටයුතු කර ඇත. නව්‍යකරණය සහ නිර්මාණශීලිත්වය අගයන ඔවුන් මෙරට වඩාත් ජනප්‍රිය වාහන දැක්මක් වන The Pinkfest ඇතුළු ඉසව් රැසක් හඳුන්වා දී තිබේ. Pink Auto Shop ශාකා කෝට්ටේ හා මාදිවෙල නගරාසන්නයේ පිහිටා ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව